Minjun's Pov.
මම ඉක්මනට ලෑස්ති වෙලා පහළට ආවා. අද ආයුවාන්ට නිවාඩු දවසක්. ඒ හින්දා ෆැමිලි එකම ගෙදර. මම ආයුවාන්ට බ්‍රෙක්ෆස්ට් ගත්තාට පස්සේ ආයුවාන් එක්ක සෙල්ලම් කරන්න ගත්තා. ඒත් එක්කම මට ඇහුණා වන්ග් හවුස් එකේ ඩෝ එක ඇරෙනවා. මම බැලුවා කවුද කියලා. බලද්දී මිස්ට වන්ග් එක්ක එනවා විකාරයක්. විකාරයක් ඔව් විකාරයක්. ඒ ඇවිල්ලා මිසිස් යැන්ග්මි. මිස්ට ජාන්ගේ ඇඟේ එල්ලෙන කූඩැල්ලෙක්. හරිම වචන ඒක. මම ඒ විකාරේ ගැනත් හෙව්වා. මට ඒ රිසර්ච් එකෙන් තේරුණ එකම දේ එයා විකාරයක් කියලා විතරමයි. ඒත් එක්කම ලිවින්ග් රූම් එකට මිස්ට යීබෝ එක්ක මිස්ට ජාන් ආවා.
" පපා ? ඔයා මෙහෙ ? "
මිස්ට යීබෝ ඇහුවා.
" ඕ පුතා. මේ මිස්ට ලියන්ග් ලයිගේ දුව යැන්ග්මි. ඊයේ මිස්ට ලියන්ග් ලයිට වැඩක් වැටිලා හදිසියේම එයා හොංකොං ගිහින්. මිසිස් යැන්ග්මි අද තමා ෆොටො ෂූට් එකකට පස්සේ ඇවිත් තියෙන්නේ. ඒත් ගෙදර යතුර එයා ගාව. ඒ නිසා මිස්ට ලියන්ග් ලයි කිව්වා මෙයාව පොඩ්ඩක් තියාගන්න කියලා. මටත් මෙයා ගැන බලන්න වෙන්නේ නෑ. මමත් අද ෆ්‍රරාන්ස් යන නිසා. ඒ හින්දා මම හිතුණා මෙහෙ නවත්තන්න. කමක් නෑ නේද ? "
මේ මල විකාරේ මෙහේ ? මිස්ට වන්ග් මොනාද ඒ සැරේ කරන්නේ. ඕන දෙයක්. හැබැයි මේකි මට වඳයක් නොවී හිටියොත් හොඳයි.
" හරි පපා "
" හරි පුතා. එහෙනම් මම යනවා. "
" හරි පපා. පරිස්සමෙන් ගිහින් එන්න. "
මිස්ට ජාන් එක්ක මිස්ට යීබෝ කිව්වා.
මිස්ට වන්ග් ගියාට පස්සේ යැන්ග්මි මිස්ට ජාන්ගේ අතේ එල්ලුණා.
" ජාන් ගගාහ් කොහොමදහ් ? "
යැන්ග්මි ඇහුවා.
මොන විකාර කතා කිරිල්ලක්ද ඒ. ෂිට්. මම වේලාවකට ගෑණුන්ට අකමැති හේතුව ඒක. ඇඳලා පැඳලා කතා කරන එක.
" හොඳයි යැන්ග්මි. බෝ අපි යන් නේද ? අර වැඩ ටික ඉවර කරන්න "
මිස්ට ජාන් යැන්ග්මිගේ අත අයින් කරන ගමන් මිස්ට ජාන්ගෙන් ඇහුවා.
YOU ARE READING
I Can Be Your Bodyguard ( COMPLETED )
Fanfictionමෙතන ඉන්න හොඳම නළුවා තමුන්ලා එක්ක ඉන්න බොඩිගාඩ් ටීම් එකේ ලීඩර්. එයා කොච්චර හොඳද කියනවානම් එයා කවුද කියලවත් තමුන්ට දැනගන්න බැරි වුණා මිස්ට වන්ග් යීබෝ . අවුරුදු ගාණක් පිස්සුවෙන් වගේ හොයපු කෙනා එයා කියලා තමුන්ටවත් අඳුරගන්න බැරිවුණා මිස්ට ජාන්.