📌️ Chapter 29 📌️

79 16 10
                                    

Minjun's Pov.

මම වෙනදා විදිහටම එලාම් එකට නැඟිටලා සුපුරුදු විදිහට මම ලෑස්ති වුණා. මම මගේ රූම් එකත් ලොක් කරගෙන පල්ලෙහාට බැස්සා. මම යද්දී චෙන් බෝෆු ඉන්නවා කිචන් එකේ.

" ගුඩ් මෝර්නින් බෝෆු "

" ගුඩ් මෝර්නින් මින්ජුන් "

" බෝෆු ? "

එකපාරටම ඇහුණ මිස්ට යී⁣බෝගේ කටහඬට මමයි බෝෆුයි ගැස්සුණා.

" ඔහ්. ගුඩ් මෝර්නින් ඩිඩී. "

බෝෆු කිව්වා.

" ගුඩ් මෝර්නින් ගගා. ඇයි මින්ජුන් ඔයාට බෝෆු කියන්නේ ? සාමාන්‍යයෙන් අපි බෝෆු කියන්නේ තමන්ගේ පපාගේ ගගාටනේ. "

මිස්ට යී⁣බෝ කිව්වා.

" ඔහ්. ඒකද ? ඒකට නම් ලොකු හිස්ට්‍රියක් තියෙනවා. "

" මොකක්ද ඒ ? කියමු බලන්න ගගා. "

මිස්ට යී⁣බෝ කිචන් අයිලන්ඩ් එක ළඟ තිබුණු ටේබල් එකේ පුටුවක් මිස්ට යී⁣බෝ ළඟට අරගෙන වාඩිවෙන ගමන් කිව්වා.

" මින්ජුන් කියන්නේ අනාථ ළමයෙක්. මින්ජුන්ව අපිට හම්බුණේ මාෆියා කේස් එකකදි. ඒත් අපේ මිෂන් එක කම්ප්ලීට් කරන්න ඕන නිසා අපිට මින්ජුන්ව ආපහු ළමා නිවාසේට භාරදෙන්න බැරිවුණා. මින්ජුන් ඒ මිෂන් එකේදි අපිට ගොඩක් උදව් කරා. එයා ⁣අපේ යුනිට් එකට ගැළපෙනවා කියලා හිතපු නිසා ඒ කාලේ හිටපු සෙකන්ඩ් චීෆ් මට මින්ජුන්ව අපේ යුනිට් එකට බඳවාගන්න කියලා. ඒ නිසා මින්ජුන්ට අපේ යුනිට් එකට බැඳෙද්දි ඕන ස්කිල්ස් මම වගේම කූත් එයාට පුරුදු කෙරෙව්වා. ඊටපස්සේ එයාට ප්‍රැක්ටිස් ටෙස්ට් එකක් තියලා යුනිට් එකට බඳවාගත්තා. ඒක මෙයා හොඳට පාස් වුණා. ඒත් යුනිට් එකේ හිටපු අයට මෙයා වගේ පුංචි කෙනෙක් යුනිට් එකට ගන්න එක ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ නිසා මම මින්ජුන්ට මම එයාගේ දුරින් නෑදෑ වෙන බෝෆු කෙනෙක් නිසා මම එයාව ගත්තා කියලා කියන්න කිව්වා. ඒකෙන් පස්සේ ප්‍රශ්න අඩුවුණා. ඔන්න ඕකයි ඉස්ටෝරිය. "

" හ්ම්ම්. මින්ජුන් මම ප්‍රශ්නයක් අහන්නද ? "

මිස්ට යී⁣බෝ ඇහුවා.

" අහන්න මිස්ට යී⁣බෝ "

" ඇත්තටම මින්ජුන් ඔයා ඔයාගේ දෙමව්පියෝ දැකලා නැද්ද ? "

I Can Be Your Bodyguard ( COMPLETED )Donde viven las historias. Descúbrelo ahora