Minjun's Pov.
මම නැගිට්ටේ මගේ අපාර්ට්මන්ට් එකේ මම රෑ තියලා නිදාගත්ත එලාම් එකට. මම එලාම් එක ඕෆ් කරලා ඇඳෙන් නැගිට්ටා. පොඩි මහන්සි ගතියක් තියෙනවා. මුල් දවස්වල නම් රෑට ගේන කෙනත් එක්ක පැය ගාණක් යනකන් ඔට්ටු වෙලා නිදාගත්තාට පස්සේ පහුවදාට නැඟිටින්න තියා හිතන්නවත් බෑ. දැන් නම් ගාණක් නෑ පුරුදු වෙලා. ප්‍රැක්ටිස් මේක් පර්ෆෙක්ට් කියන්නේ මේකට. ආහ්. මම ඉක්මනට මගේ ඇඳෙන් නැඟිටලා බාත්රූම් ගිහින් වොශ් එකක් දාගෙන ඇවිත් වෝඩ්‍රෝබ් එකේ තියෙන යුනිෆෝම් එක අරන් වෙනදා විදිහටම මගේ ක්‍රමේට පිළිවෙළට ලෑස්ති වුණා. කිසිම අඩුපාඩුවක් නැතිවෙන්නම. මම ලෑස්ති වෙලා පර්ෆියුම් එක ස්ප්‍රේ කරා. මම මෙහෙම නිදහසේ ලෑස්ති වෙන්නේ මම ගේන කෙනත් එක්ක මගේ වැඩේ කරලා එයත් එක්ක එක රූම් එකේ ඉන්න සිරිතක් මට නෑ. ගේන අයට නිදාගන්න වෙනම රූම් එකක් මෙහේ තියෙනවා. ඒ හිනදා මම කැමති දෙයක් මට කරන්න පුළුවන්. මම ක්ලබ් ගිහින් අපාර්ට්මන්ට් එකේ නැවතුණු දවසට මගේ වෙපන්ස් , මගේ ඩියුටි ෆෝන් එක, ප්‍රයිවට් ෆෝන් එක , ඉයර් පීස් එක , බ්ලැක් ස්මාට් චොච් එක , මාස්ක් එක , ලෙන්සස් ටික රෑට බෝෆු අරන් ඇවිත් මට දීලා යනවා. ඒ හින්දා මට අමුතුවෙන් ආය මගේ දේවල් ගන්න විලා එකට යන්න ඕන වෙන්නේ නෑ .
මම ඉක්මනට කාර් කී එක අරන් ඊයේ ගෙනාපු කෙල්ල දිහාවත් නොබලා අපාර්ට්මන්ට් එකෙන් එළියට ඇවිත් පාර්කින් එකට ගියා. මම පාර්කින් එකේ තිබ්බ මගේ ප්‍රයිවට් කාර් එක ස්ටාර්ට් කරගෙන වන්ග් හවුස් එකට ඩ්‍රයිව් කරගෙන ගියා. මම වන්ග් හවුස් එකට ගිහින් කාර් එක පාර්ක් කරලා කී එකත් අරගෙන කාර් එකෙන් බැහැලා වන්ග් හවුස් එක ඇතුළට ගියා. මම වන්ග් හවුස් එකට යද්දිම වගේ මගේ සෙට් එක එයාලගේ බයික් වලින් වන්ග් හවුස් එකට ආවා. මම කැමතියි එහෙම වෙනවට. වේලාවට වැඩ වෙනවනම්. මම වන්ග් හවුස් එකේ ලිවින්ග් රූම් යද්දී එකපාරටම කවුදෝ ඇවිත් මාව බදාගත්තා. ෂිහ්. මට පේන්න බෑ මෙහෙම මගෙන් පර්මිෂන් නැතුව මාව බදාගන්නවට. මම බැලුවා මාව කවුද බදාගත්තේ කියලා. බලද්දී ඒ ආයුවාන්.
" ගුම් මෝනින් ජීයි "
ආයුවාන් ලස්සන හුරතල් හිනාවක් එක්ක මට කිව්වා. වැඩක් නෑ පොඩි එකෝ ඔය වගේ හිනා තියෙන අය කීයක් මම විනාස කරාද. හැබැයි ප්‍රශ්නේ කියන්නේ ඒ එකෙක්වත් ඉත්තෝ නෙවේ. එයාලා කෙළින්ම ප්‍රශ්න මට. ඔයා මට ඉත්තෙක්නේ. මම ආසයි දැනගන්න ඔයාගේ අවසානේ කොහොම වෙයිද කියලා මගේ චූටි ඉත්තෝ.
ВЫ ЧИТАЕТЕ
I Can Be Your Bodyguard ( COMPLETED )
Фанфикමෙතන ඉන්න හොඳම නළුවා තමුන්ලා එක්ක ඉන්න බොඩිගාඩ් ටීම් එකේ ලීඩර්. එයා කොච්චර හොඳද කියනවානම් එයා කවුද කියලවත් තමුන්ට දැනගන්න බැරි වුණා මිස්ට වන්ග් යීබෝ . අවුරුදු ගාණක් පිස්සුවෙන් වගේ හොයපු කෙනා එයා කියලා තමුන්ටවත් අඳුරගන්න බැරිවුණා මිස්ට ජාන්.