📌️ Chapter 22 📌️

86 15 43
                                    

Chen ' s Pov.

මම අද උදේම වන්ග් හවුස් එකට ගියේ අද මමාලා එනවා කියපු හින්දා. උදේම ඩිඩී එක්ක මමාලට ලන්ච් හදලා මම ඩිඩී එක්ක ලිවින්ග් රූම් එකට ආවා. ආයුවාන් උඩ ඉඳන් පල්ලෙහාට දුවගෙන එනවා. මින්ජුන් එයාව අල්ලන්න හිතාගෙන දුවගෙන එනවා. ඒත් මින්ජුන්ගේ මූණ සුදුමැලි වෙලා. එයාව ලාවට වෙව්ලනවා මම දැක්කා. ඒත් එක්කම වුණු දේට මට කෑගැස්සුණා.

" මින්ජුන් "

මින්ජුන් ෆේන්ට් වෙලා වැටුණා. එයා ඔලුව ටයිල් පොළොවේ වැදෙන්නේ නැතිවෙන්න එයා පැත්තකට හැරුණා. මම ඉක්මනට එතනට දුවගෙන යද්දි ඩිඩීලා දෙන්නත් ආවා.

මම මින්ජුන්වගේ ඔලුව ඔඩොක්කුවට අරන් එයාගේ කම්මුලට හිමීට තට්ටු කරා. මගේ අතට මුලින්ම දැනුණේ එයාගේ ඇඟේ අසාමාන්‍ය රස්නේ. මම එහෙම්ම අත නළලට වගේම බෙල්ලටත් තියලා බැලුවා. එයාට උණ. ගිනි රස්නෙට උණ.

" ගගා මින්ජුන්ට මොකද ? "

ශාන් ඩිඩී ඇහුවා.

" උණ. කූ ඉක්මනට වාහනේ ගන්න. මින්ජුන්ව යුනිට් එකේ මෙඩිකල් යුනිට් එකට ගෙනියන්න ඕන. "

ආයුවාන් බයවෙලා එයාගේ ඩැඩාට තුරුලු වෙලා හිටියා.

" ඩිඩී මම ඉක්මනට මින්ජුන්ව යුනිට් එකට බාරදීලා එන්නම්. එයාගේ බොඩි එක ට්‍රේන් කරපු එකක්. එකපාරටම මේ විදිහට උණ ගත්තා කියන්නේ එච්චර හොඳ දෙයක් නෙවේ. "

" හරි ගගා "

යී⁣බෝ ඩිඩී කිව්වා.

මම ඉක්මනට මින්ජුන්ව උස්සගෙන වෙහිකල් එකට දාගෙන කූ එක්ක යුනිට් එකට ගියා. කූ වෙහිකල් එක පාර්කින් එකට දානකන් මම මින්ජුන්ව අරගෙන මෙඩිකල් යුනිට් එකට ගියා. එතන හිටපු ඩොක්ට පවා පුදුම උණා මින්ජුන්ව දැකලා. මම ඉක්මනට මින්ජුන්ව එතන බෙඩ් එකක තිබ්බා. ඩොක්ට එයාව චෙක් කරන්න ගත්තා.

" මට හිතෙනවා එයාගේ බ්ලඩ් චෙක් කරන්න ඕන කියලා "

ඩොක්ට කිව්වා.

මින්ජුන්ගෙන් බ්ලඩ් අරගෙන ඒක චෙක් කරන්න ලැබ් එකට යැව්වා. ඊටපස්සේ ඩොක්ට එයාට සේලයින් එකක් කනෙක්ට් කරලා සප්ලිමන්ට් එකක් ඒ සේලයින් එකට ඉන්ජෙක්ට් කරා.

I Can Be Your Bodyguard ( COMPLETED )Место, где живут истории. Откройте их для себя