Minjun's Pov.
අපි බීච් එක ළඟ තිබ්බ සර්ෆ් බෝඩ් රෙන්ට් කරන තැනකින් අපි සෙට් එකටම සර්ෆ් බෝඩ් රෙන්ට් කරා. කට්ටියම මුහුදේ සර්ෆ් කරන්න ගියාට මම තනියෙන් වෙරළට වෙලා රැල්ල පාග පාග හිටියා.
මුහුද. වෙන අයට මුහුද දැක්කම එයාලගේ හිත් වලට සැනසීමක් දැනුණාට මුහුද දැක්කම මට දැනුණේ ආසාවක්. ආසාවක්. ඔව් ආසාවක්. මුහුද දැක්කම මට රැල්ල පාගන්න ආසාවක් එනවා. ඒකත් මම ළඟටම ගියොත් විතරයි. මම ඩ්රයිව් කරද්දි හරි නැත්තම් මම මුහුද පේන තැනකට ගියාට මට රැල්ල පාගන්න ආසාවක් එන්නේ නෑ. මම මුහුද ගාවටම යන්න ඕන.
ෂූ සර්ෆ් කරන එක නතර කරලා සර්ෆ් බෝඩ් එකත් එක්ක වෙරළේ මං ඉන්න පැත්තට ආවා.
" සර්ෆින් කරන්න එන්නේ නැද්ද ? "
ෂූ ඇහුවා.
" දැන්ම බෑ. හිත නිදහස් වෙනකන් ඉඳලා සර්ෆින් කරනවා. මට ඕන සර්ෆින් කරන ගමන් විඳින්න නැතුව ඔහේ කරන්න නෙමේ. "
" වතුර "
" මොකා ? "
" වතුර ඔයාගේ හිත සන්සුන් කරවලා හිත නිදහස් කරනවා නේද ? ඒ නිසානේ ඔයා රැල්ල පාගන්නේ. "
" රැල්ල එක්ක එන වතුර නෙවේ. මුහුදු රැල්ල ආය මුහුදට ආය යද්දී ඇඳිලා යන වතුරයි මාව සන්සුන් කරන්නේ. ඒක අමුතුයි. ඒත් ඒ මුහුදට ඇඳිලා යන රැල්ල මගේ හැම බරක්ම එයාට ඇඳලා ගන්නවා වගේ මට දැනෙන්නේ. හරිම නිදහස්. "
" ම්ම්. නේචර් එක හැදිලා තියෙන්නේම අපිව නිවන්න. "
" To Live To Die "
" මොකක්ද මින්ජුන් ඒ කිව්වේ ? "
" නේචර් එකේ මූලික කොටස් හතරයි. අග්නි , වායු , ජලය සහ භූමිය. අග්නි එහෙම නැත්තම් ගින්දර. ඒත් අපිට ඒක එන්නේ රස්නය විදිහට. අපිට ජීවත් වෙන්න රස්නේ ඕන. ඒත් රස්නේ දරාගන්න බැරි තරම් වැඩි වුණොත් අපි මැරෙනවා. වාතය හුස්ම ගන්න අපිට ඕනම දේ. ඒත් එක තත්පරයක් ඇතුළත වාතය විස වුණොත් අපි මැරෙනවා. වතුර. වතුර අපේ පැවැත්මට උපකාර කරනවා. ඒත් ගං වතුර හරි සුනාමියක් හරි ආවොත් අපේ ජීවත නැතිවෙනවා. අන්තිමට පොළොව අපි යැපෙන්නේ පොළොවේ හැදිලා වැඩෙන දේවල් වලින්. ඒත් භූමි කම්පාවක් ආවොත් ඒකත් අපිව නැති කරනවා. නේචර් එකේ විශේෂත්වේ ඒකයි. අපිට ජීවත් වෙන්න ඕන දේවල්ම අපිව මරන්නත් පුළුවන්. හරියට අපේ හැඟීම් වචන වගේ. හැඟීම් අපිව ජීවත් කරවනවා. ඒත් ඒ හැඟීම්ම වේලාවකට අපිව මරවනවා. වචන. වචන කෙනෙක්ගේ හිත හදන්න වගේම කෙනෙක්ව නොමරා මරන්නත් පුළුවන්. මනුස්ස ජීවිතේ වැදගත්ම දේවල් හැඟීම් වගේම වචන. හිතට එන හැඟීම් වගේම කියන වචන ගැන අපි පරිස්සම් වෙන්න ඕන. මොකද එක වැරදි වචනයක් නිසා අපි තව මනුස්සයෙක්ව නොමරා මරන්න ඇති. "
YOU ARE READING
I Can Be Your Bodyguard ( COMPLETED )
Fanfictionමෙතන ඉන්න හොඳම නළුවා තමුන්ලා එක්ක ඉන්න බොඩිගාඩ් ටීම් එකේ ලීඩර්. එයා කොච්චර හොඳද කියනවානම් එයා කවුද කියලවත් තමුන්ට දැනගන්න බැරි වුණා මිස්ට වන්ග් යීබෝ . අවුරුදු ගාණක් පිස්සුවෙන් වගේ හොයපු කෙනා එයා කියලා තමුන්ටවත් අඳුරගන්න බැරිවුණා මිස්ට ජාන්.