Minjun's Pov.
මම කෝල් එක ආන්සර් කරා. ඒත් එයා කියපු දේට මට උන්හිටි තැන් අමතක වෙලා ගියා.
මම ඉක්මනට රයිඩර්ගේ කී එකත් අරන් රූම් එකත් වහගෙන පල්ලෙහාට දිව්වා.
" මින්ජුන් මේ වැස්සේ කොහෙද යන්නේ ? "
" ඉක්මනට එන්නම් චීෆ් "
මම එහෙම කියාගෙනම වන්ග් හවුස් එකේ ඩෝ එකෙන් එළියට ඇවිත් රයිඩර්ව ස්ටාර්ට් කරගෙන මගේ අපාර්ට්මන්ට් එකට ගියා. මම වැස්සට තෙමිද්දියි මට තේරුණේ තිබ්බ හදිස්සියට මම හෙල්මට් එක දාගෙන නෑ. ඒත් දැන් ඒවා හිතන්න වේලාවක් නෑ. තෙමනවා නම් තෙමිච්චදෙන්. මම ඉක්මනට අපාර්ට්මන්ට් එකේ පාර්කින් එකට රයිඩර්ව දාලා කී එකත් අරන් අපාර්ට්මන්ට් ඩෝ එකේ පාස්වර්ඩ් ගහලා ඩෝ එක ඕපන් කරගත්තා. මම ඩෝ එක ඕපන් කරද්දි බබා කලබලයෙන් දුවගෙන ආවා.
" බබා කොහොමද දැන් ලීට ? "
" උණ එහෙම්මමයි. එයාට සප්ලිමන්ට් එකක් දෙන්න ඕන. මම ඒක හොස්පිට්ල් එකේත් බැලුවා. ඒත් ඒක හොස්පිට්ල් එකේත් නෑ. මේ ළඟ තියෙන කිසිම ෆාමසි එකකවත් නෑ. මම ඒකයි කතා කරේ ඒන්ජල්. "
" අනිවාරෙන් නයිට් ෆාමසි එකේ ඇති මම ගිහින් අරන් එන්නම්. "
" ඒන්ජල් වැස්ස ? දුර ?"
" මට ඒක දරාගන්න පුළුවන් බබා. මම කොහොමහරි ගේන්නම් "
මම මගේ වයිට් ෂර්ට් එකේ අත වැලමිට ළඟට වෙනකන් නමන ගමන් කිව්වා.
මම ඉක්මනට අපාර්ට්මන්ට් එකෙන් එළියට ඇවිත් පාර්කින් එකට ගිහින් රයිඩර්ව ස්ටාර්ට් කරගෙන නයිට් ෆාමසි එකට යන්න පටන් ගත්තා.
නයිට් ෆාමසි එක තමයි එකම ෆාමසි එක මුළු රෑම ඇරලා තියෙන. ඒක වාසියක් විදිහට පේන්න පුළුවන් ළඟ අයට. ඒත් දුර අයට ඒක ආවාසියි මොනා කරත්. මගේ අපාර්ට්මන්ට් එකේ ඉඳන් ෆාමසියට 40Km දුරයි. ඒ ෆාමසි එකේ ගොඩක් වේලාවට ඕන බෙහෙතක් තියෙනවා. බබා ගේන්න කියපු සප්ලිමන්ට් එකත් එතන ඇති කියලා මට ෂුවර්. මම රයිඩර්ව තවත් ස්පීඩ් කරා. වැස්සට මාව තෙමිලා මගේ වයිට් ෂර්ට් එක ඇඟටම ඇළිලා ගිහින් මම යටට ඇඳන් ඉන්න බ්ලැක් ටී ෂර්ට් එක පේන්න ගත්තා.
YOU ARE READING
I Can Be Your Bodyguard ( COMPLETED )
Fanfictionමෙතන ඉන්න හොඳම නළුවා තමුන්ලා එක්ක ඉන්න බොඩිගාඩ් ටීම් එකේ ලීඩර්. එයා කොච්චර හොඳද කියනවානම් එයා කවුද කියලවත් තමුන්ට දැනගන්න බැරි වුණා මිස්ට වන්ග් යීබෝ . අවුරුදු ගාණක් පිස්සුවෙන් වගේ හොයපු කෙනා එයා කියලා තමුන්ටවත් අඳුරගන්න බැරිවුණා මිස්ට ජාන්.