Minjun's Pov.
එතකොට මම දැක්කේ ආයුවාන්ට අඩි කිහිපයක් දුරින් මනුස්සයෙක් පිහියක් අරන් ඉන්නවා කියලා.
" කොහොමද ඉතින් ? "
මම ඇහුවේ මගේ සිල්වර් ඩ්‍රැගර් එකත් වම් අතේ ඇඟිලි තුඩු වලින් කරකවන ගමන්.
" තමුන්. තමුන් කවුද ? "
එයා ඇහුවා.
" ෂ්.ෂ්. බේබි. කෑගහන්න එපා. බබා දොයිනේ "
එකපාරටම එයා පිහියත් අරන් මට අනින්න මගේ දිහාට දුවගෙන ආවා. මම පැත්තකට හැරිලා එයාව ලේසියෙන්ම මඟහැරියා.
" අනේ ස්කිල්ස් නම් මදි කොල්ලෝ. "
" ආාාාා "
එයා කෑගහගෙන ආයෙත් මගේ පැත්තට ආවා.
මම එයා පිහිය තියෙන අතට ඩස් ගහලා ගැහුවා. එයාගේ අතින් පිහිය අතැරිලා වේදනාවෙන් අත අල්ලගත්තා.
මම මගේ අවුටර් කෝට් එකේ මම දාන බට්න් එක ගලවලා අවුටර් කෝට් එකේ කෝන් දෙක අල්ලන් ඒක අත් දෙකෙන් ගැසුවා.
" රිදුණද ? "
මම ඇහුවේ සමච්චලයට.
" තමුන්. තමුන් ඔහොම ඉන්නවා. "
එහෙම කියලා එයා මගේ පැත්තට දුවගෙන ආවා.
" ඕ. ඇත්තට ? "
එයා මගේ දිහාට දුවගෙන එන අතරේ මම ආයුවාන්ගේ රූම් එකේ ඩෝ එක ඇරියා. එයා දුවගෙන ආපු වේගේට එයාට එයාව නවත්තගන්න බැරි බව මම දන්න නිසා මම දොර ගාවින් ඈත් වුණා.
එයා දුවගෙන ආපු වේගේන්ම එයා ඩෝ එකෙන් එළියට ගිහින් ඉස්සර තියෙන ගරාදි වැටේ වැදුණා.
" දඩස් "
මම ඉක්මනට ආයුවාන්ගේ රූම් එකේ ඩෝ එක වැහුවා.
" මට කම්මැලි ඔයත් එක්ක සෙල්ලම් කරන්න. මම ඒ හින්දා ඔයාව අයින් කරන්නම් මේකේන් ඉක්මනට. "
මම ඒත් එක්කම ඒ හොරා ළඟට ගිහින් ජූඩෝ ට්‍රේනින් එකේදි ගත්ත ශිවනාගී සටන් ක්‍රමෙන් එයාව මගේ කර උඩින් උස්සලා අරන් හයියෙන් පොළොවේ ගැහුවා.
" ආහ්. "
එයා කෑගැහුවා.
මම මගේ පොකට් එකෙන් ගාංචුවක් අරන් එයාගේ කකුලයි අතයි එකට කරලා දැම්මා.
YOU ARE READING
I Can Be Your Bodyguard ( COMPLETED )
Fanfictionමෙතන ඉන්න හොඳම නළුවා තමුන්ලා එක්ක ඉන්න බොඩිගාඩ් ටීම් එකේ ලීඩර්. එයා කොච්චර හොඳද කියනවානම් එයා කවුද කියලවත් තමුන්ට දැනගන්න බැරි වුණා මිස්ට වන්ග් යීබෝ . අවුරුදු ගාණක් පිස්සුවෙන් වගේ හොයපු කෙනා එයා කියලා තමුන්ටවත් අඳුරගන්න බැරිවුණා මිස්ට ජාන්.