Wang Yibo ' s Pov.
අදට දවස් දෙකක්. හරියටම දවස් දෙකක් වෙනවා මගේ මැණික කෝමා එකට වැටිලා. මේ දවස් දෙකට මමයි මගේ බනීයි නොමැරී මැරුණා. සමහරක් වේලාවට බනී ගිහින් මැණිකගේ ඔලුව අතගානවා. අතගාලා අහනවා ' නිදාගත්තා ඇති නේද මැණික ? නැඟිටලා මේ පපා එක්ක කතා කරන්න මැණික. ' බනී හරියට කන්නෙත් නෑ. මම බලෙන් ගිහින් කවන දෙයක් කෑවොත් ඇරෙන්න.
" පුංචි ලියෝ ඔයාගේ ඩැඩාටයි පපාටයි ඔයා නැතුව පාළුයි මැණික. නැඟිටලා බලන්න මැණික. ඩැඩා බනී කියලා බයයිද ? මම බනින්නේ නෑ මැණික. නැගිටලා එක පාරක් ඩැඩා කියපන් මැණික. අපි පිච්චෙනවා මැණික. "
මම කිව්වේ මගේ මැණිකගේ ඔලුව අතගාන ගමන්. මගේ මැණිකගේ ඇස් සාමකාමීව පියවෙලා. මුළු කාමරේටම ඇහෙන්නේ මගේ මැණික හුස්ම ගන්න සද්දේ විතරයි. වෙනදා දඟ වැඩ කරලා හිනාවෙන එයා අද හෙලවෙන්නේවත් නැතුව ඇඳක වැටිලා ඉන්නවා.
පුංචි ලියෝ. මම එයාට පුංචි කාලේ කියපු නම. පුංචි ලියෝ දඟයි. මුරන්ඩුයි වගේම හරිම ආදරෙයි. ඩැඩා වගේම පපාට වචනයකින්වක් රිද්දලා නෑ. අපේ පුංචි ලියෝ ඇන්ඳේම මම පොඩි කාලේ වගේ. මගේ මැණික කොල්ලෙක් වගේ ඇන්දාට මම මොනවත් කියන්නේ නෑ. මේක මැණිකගේ ජීවිතේ. කවුරු මොනවා කිව්වත් අපි දැනන් හිටියා අපේ මැණිකගේ සමහරක් ගතිගුණ කොල්ලෙක් වගේ කියලා.
අද දවස ඇතුළත මගේ මැණික නැඟිටින්න ඕන. නැත්තම් එයා ඩෙඩ් කියලා කන්ෆර්ම් කරනවා ඩොක්ටස්ලා.
උදේ 10.00 වෙද්දී ඩොක්ට මගේ මැණික ඉන්න රූම් එකට ආවා.
" මිස්ට යීබෝ ආෂියන් ඊළඟ පැය ඇතුළත නැඟිටින්න ඕන. නැත්තම් අපිට සිද්ධ වෙනවා මේ මැෂින්ස් ගලවලා එයා ඩෙඩ් කියලා කන්ෆර්ම් කරන්න. "
ඩොක්ට කිව්වා.
" නෑ ඩොක්ට නෑ. මගේ මැණිකට මොනවත් වෙන්නේ නෑ. "
මම කෑගැහුවා.
මම අද තාත්තා කෙනෙක් විදිහට අසරණයි. මට අදත් එදා වගේම පපුව පැලෙන්න වගේ වේදනා දුන්නා.
" මින්ජුනා නැඟිටපන් හොඳ හිතින්. මම නැත්තම් උඹට නටාගන්න කියලා මෙහෙන් යනවා. "
YOU ARE READING
I Can Be Your Bodyguard ( COMPLETED )
Fanfictionමෙතන ඉන්න හොඳම නළුවා තමුන්ලා එක්ක ඉන්න බොඩිගාඩ් ටීම් එකේ ලීඩර්. එයා කොච්චර හොඳද කියනවානම් එයා කවුද කියලවත් තමුන්ට දැනගන්න බැරි වුණා මිස්ට වන්ග් යීබෝ . අවුරුදු ගාණක් පිස්සුවෙන් වගේ හොයපු කෙනා එයා කියලා තමුන්ටවත් අඳුරගන්න බැරිවුණා මිස්ට ජාන්.