📌️ Chapter 14 📌️

83 17 11
                                    

Minjun's Pov.

" බබා ගිහින් වොශ් එකක් දාගන්න "

" හරි ඒන්ජල් "

එයා කිව්වා.

මට එතකොට තමා මතක් වුණේ ඊයේ ගෙනාපු බබා අනිත් රූම් එකේ කියලා.

" ආ බබා. මගේ රූම් එකේ තියෙන බාත්රූම් එකෙන් වොශ් දාගන්න. අනිත් රූම් එකේ අලුත් බබා නිදි ඇති. "

" හරි ඒන්ජල් "

එයා එහෙම කියලා ඩොක්ට සූබිනුත් එක්ක මගේ රූම් එකට ගියා.

මම අපිට කන්න රයිස් ඕඩර් කරලා මගේ අපාර්ට්මන්ට් එකේ තියෙන ලිවින්ග් රූම් කොටසේ වාඩිවෙලා හිටියා.

ටිකකින් වොශ් දාගෙන බබා එක්ක ඩොක්ට සූබින් ආවා. මම අනිත් රූම් එකට ගිහින් ඒ දෙන්නාට ගැළපෙන ඇඳුම් දෙකක් අර බෝයි ඇහැරෙන්නේ නැතිවෙන්න ව්‍රෝඩ්‍රොබ් එකෙන් අරන් ඇවිත් ඇඳ උඩ තියලා ඇවිත් කෑම ඕඩර් කරේ.

" බබා ඇයි මෙහෙට එන්න ඕන කිව්වේ "

" ඒන්ජල් ඔයා මට කිව්වා කාලේකට කලින් මම ආදරේ කරන කෙනාට මගේ අතීතය කියලා තියන්න කියලා. මට ඕන උනේ ඒක මෙතන කියන්න. "

මම බබා දිහා බලන් හිටියා එයාට කියන්න දීලා.

" පැටියෝ මම කියන්න යන්නේ කවුරුත් නොදන්න මගේ අතීතය ගැන. "

" මට අවුරුදු 16දී මගේ දෙමව්පියෝ නැතිවුණා. මම අවුරුදු 02ක් පොඩි පොඩි රස්සාවල් කරලා ජීවත් වුණා. ඒත් දවසක් මම වැඩ කැරලා එද්දි කට්ටියක් මාව වෑන් එකකට දාගේන ක්ලබ් එකකට ගේනාවා. එතන හිටපු කෙනෙක් කිව්වා මාව ගේනාවේ One Night Stand වලට කියලා. මම එදා ගොඩක් බයවුණා. මම එදා කෑගහලා අඬ අඬ එතන ඉන්න අයට මට යන්න දෙන්න කියලා බැගෑපත් වුණා. ඒත් වැඩක් නෑ. එයාලා මගේ ෆොටො එකක් අරන් මාව කාමරේකට දාලා වහලා ගියා. අපිට කෑම තියා වතුරවත් දුන්නේ නෑ. මම හිටියේ හාමත් වෙලා. එකපාරටම එතනට කෙනෙක් ඇවිත් මාව අරන් ගිහින් ඒන්ජල්ට දුන්නා. ඒන්ජල් මාව මේ අපාර්ට්මන්ට් එකට ගේනාවා. මම ඇඬුවා මට යන්න දෙන්න කියලා. ඒන්ජල් මාව කාමරේකට එක්කන් ගියා. මම ඇඬුවා අනේ ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. එයා මාව කාමරේට ගිහින් මට ටවල් එකක් දුන්නා. ඒ දීලා කිව්වා නාගේන එන්න කියලා. මම බයවෙලා එයාගේ මූණ දිහා බලන් හිටියා. එයා මාස්ක් එකක් දාගේන හිටපු නිසා මම දැක්කේ දුඹුරු පාට ඇස් විතරයි. එයා ළඟට ඇවිත් මගේ කොණ්ඩේ රෆල් කරලා ' බයනොවී නාගෙන එන්න මම කරදර කරන්නේ නෑ ' කියලා. මම ඒ දුඹුරු පාට ඇස් දිහා බැලුවා. ඒ ඇස් වල බොරු කියන පාටක් පෙනුණේ නෑ. මම බාත්රූම් ගිහින් නාගෙන ආවා. මම එළියට එද්දි ඇඳුම් ටිකක් ඇඳ උඩ තිබ්බා. එතන නෝට් එකක් තිබ්බා. ඇඳගෙන එන්න කියලා. මම ඉක්මනට ඇඳුම් ඇඳගෙන ඉස්සරහට ගියා. යද්දී එයා මාස්ක් එක ගළවලා හිටියේ. එයා මගේ ඉස්සර කෑම ප්ලේට් එකක් තියලා මට කිව්වා කන්න කියලා. මම තිබ්බ බඩගින්නටම ඒක කෑවා. මම කාලා ඉවර උනාම එයා මට ඇපල් ගෙඩියක් හෝදලා දුන්නා කන්න කියලා. මම ඒක කන ගමන් එයා දිහා බලන් හිටියා. එයා කිව්වා අර රූම් එකට ගිහින් නිදාගන්න කියලා. මම ගිහින් නිදාගත්තා. ඒත් මට එහෙම ගොඩ වේලාවක් ඉන්න හම්බුණේ නෑ. මම නරක හීනයක් දැකලා කෑගහගෙන නැගිට්ටා. මම පුංචි කාලේ එහෙම කෑගහගෙන නැගිට්ටාම මමා ඇවිත් මාව තුරුලු කරගෙන මම නිදාගන්නකම් ඔලුව අතගානවා. මට මමා මතක් වෙලා දුකට ඇඬුණා. එතකොටම ඒන්ජල් කාමරේට දුවන් ඇවිත් මගේ ඔලුව එයාගේ උරහිසේ තියාගෙන අතගෑවා. බයවෙන්න එපා බබා. ඒක හීනයක් හීනයක්ම විතරයි. ඒන්ජල් කිව්වා. මට ඒ වෙලේ ඒන්ජල් දැනුණේ මගේ මමා වගේ. අනේ ඒන්ජල් කියලා මම එයාව බදාගෙන මගේ දුක කිව්වා. එයා මට නින්ද යනකන්ම මගේ ඔලුව අතගෑවා. මම උදේ නැඟිටලා බලද්දි ඒන්ජල් මං ගාව හිටියේ නෑ. මම බයවුණා. ඒන්ජල් එතකොටම වගේ දොර ඇරගෙන මට පාන් ටෝස්ට් කරලා චොක්ලට් මිල්ක් එකක් හදන් ආවා. මම ඉක්මනට වොශ් දාගෙන බ්‍රෙක්ෆස්ට් ගත්තා. ඒන්ජල් මුලින්ම මට එයාගේ අපාර්ට්මන්ට් එකට පුරුදු කරවලා පස්සේ මාව එයාගේ කොෆි ෂොප් එකට දැම්මා. මුල්ම දවසේ මම එයාගේ අතේ එල්ලිලා හිටියා බයට. එත් ඒක ඉක්මනට නැතිවුණා කොෆි ෂොප් එකට ගියාට පස්සේ. එයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි. මට එතන නිදහස් වගේ දැනුණා. මම එතන වැඩ කරකර ඉද්දි මට ආසාවක් ආවා කම්පැනි එකක් පටන් ගන්න. මම ඒක ඒන්ජල්ට කිව්වාම මම කොෆි ෂොප් එකේදි වැඩ කරපු සල්ලි එක්ක එයාත් සල්ලි දාලා පොඩි කම්පැනි එකක් මම පටන් ගත්තා. මම අද මේ තත්වෙට එන්න හේතුව මගේ ඒන්ජල් "

I Can Be Your Bodyguard ( COMPLETED )Donde viven las historias. Descúbrelo ahora