Wang Yibo ' s Pov.
" නෑ. මැණික නෑ. "
මම වේදනාවෙන් කෑගැහුවා.
හැමෝම අඬන්න ගත්තා. ඒත් එක්කම මට මතකෙට ආවේ මගේ මැණික මට හැමවෙලේම කියන කතාවක්.
" ඩැඩා අපි දෙයක් හිතින් අතාරිනකන් ඒක අපේ හිත ඇතුළේ පණ ගහනවා. අපිට සමහරක් වේලාවට ඒක අපි ළඟ තියෙනවා වගේ දැනෙන්නේ ඒ නිසා. අපි එකපාරක් හිතින් දෙයක් අතැරියොත් අපිට ආය ඒක ඕන නෑ. "
මටත් මගේ මැණිකව අතාරින්න බෑ.
මම මගේ මැණිකවත් අරගෙන තියටර් එක ළඟට ගියා.
" සර් "
එතනට ඩොක්ට කෙනෙක් ආවා.
" මගේ දරුවාව බේරලා දෙන්න ඩොක්ට "
මම කිව්වේ මගේ ඇස් වලින් කඳුළු වැටෙද්දී.
" එන්න ඉක්මනට සර් "
ඩොක්ට තියටර් එක ඕපන් කරන ගමන් කිව්වා.
මම තියටර් එකේ බෙඩ් එක උඩින් මගේ මැණිකව තිබ්බා.
ඒත් එක්කම සර්ජන්ට්ස්ලා තියටර් රූම් එකට ආවා.
" සර් ප්ලීස් වෙයිට් අවුට්සයිඩ් "
එක සර්ජන්ට් කෙනෙක් කිව්වා.
මම ඉක්මනට එළියට ආවා. මගේ මුළු ඇඟේම මගේ මැණිකගේ ලේ. මගේ අත් දෙකේ පවා මගේ මැණිකගේ ලේ. මම එතන තිබ්බ පුටුවට කඩාගෙන වැටුණා.
" ඩිඩී "
කුවාන් ගගා මට කතා කරා.
මගේ මැණිකට මගේ ඇස් ඉස්සරහ වුණු දේත් එක්ක මට පාලනය කරගන්න බැරි කේන්තියක් දැනුණා. මම නැඟිටලා ගිහින් කුවාන් ගගාගේ කොලර් එකෙන් අල්ලගත්තා.
" මොනවද උනේ මේ අවුරුදු 04ට ? ඇයි අපේ මැණිකව අපෙන් හැංඟුවේ ගගා ? මමයි බනීයි දෙන්නා මැණික අපිව දාලා ගියා කියන හැඟීම උහුලගන්න බැරුව අඬද්දිවත් හිතුණේ නැද්ද ඇත්ත කියන්න. මට ඇයි ඇත්ත හැංඟුවේ ? කියපන් ගගා. මට කියපන්. අපිට ඇයි මෙච්චර ලොකු බොරුවක් කරේ ? "
" ඔය ඔක්කොටම උත්තර දෙන්නම්. මුලින්ම ගිහින් ඇඳුම චේන්ජ් කරගන්නවා ඩිඩී. ඔය ලේ පිටින්ම ආෂියන්ව බලන්නද යන්නේ ? අනික හිතනවාද ඩොක්ටස්ලා ඔය විදිහට ඔයාට එයා ගාවට යන්නවත් දෙයි කියලා. "
YOU ARE READING
I Can Be Your Bodyguard ( COMPLETED )
Fanfictionමෙතන ඉන්න හොඳම නළුවා තමුන්ලා එක්ක ඉන්න බොඩිගාඩ් ටීම් එකේ ලීඩර්. එයා කොච්චර හොඳද කියනවානම් එයා කවුද කියලවත් තමුන්ට දැනගන්න බැරි වුණා මිස්ට වන්ග් යීබෝ . අවුරුදු ගාණක් පිස්සුවෙන් වගේ හොයපු කෙනා එයා කියලා තමුන්ටවත් අඳුරගන්න බැරිවුණා මිස්ට ජාන්.