Minjun's Pov.
" මෙන්න මේකෙන් "
මම කාමරේ ඉඳන් ගෙනාපු දේ ඉස්සර මේසේට විසික් කරා.
" ඩයරියක් ? උඹ කවදා ඉඳන්ද ඩයරි ලියන්න පටන් ගත්තේ ? "
ෂූ ඇහුවා.
" මම ? ඩයරි ? පිස්සුද ?.
මම කිව්වේ හිනාවෙන ගමන්.
" මේක අර ආයුවාන් අවුරුදු 04කට කලින් කීකරු වුණ කෙනාගේ ඩයරිය. හාහ් හා හා. එහෙම නැත්තම් මම මෙහෙම කියන්නම්කෝ. මිස්ට වන්ග් යීබෝගෙයි මිස්ට වන්ග් ජාන්ගේයි පළවෙනි ළමයා වගේම වන්ග් ආයුවාන්ගේ ජීයි තව ටිකක් පැහැදිලි කරලා කිව්වොත් අවුරුදු 04කට කලින් වන්ග්ලා ඉස්සරහම ගඟට විසිකරද්දි අවසන් හුස්ම ගඟේම හෙළුව වන්ග් ආෂියන්ගේ ඩයරිය. ට්ස්ක් ට්ස්ක් පව් කෙල්ල. ඒකි හැමදේම ඩයරියේ ලියලා තිබ්බා. ආයුවාන් කන්න බොන්න කැමති ඒවා. එයාට කතා කරන විදිහ. කොටින්ම කිව්වොත් ඒක පට්ට නිධානයක් වුණා මට ටාගට් එකට යන්න. ඩයරියක් ලියද්දී එක්කෝ ඒකට ලොක් එකක් දාන්න ඕන නැත්තම් ඒක කාටවත් හොයාගන්න බැරි තැනක හංඟන්න ඕන. ඒත් ඒක මට වැඩක් වෙන්නේ නෑ. ඔය මොන ට්‍රික් එක දැම්මත් අන්තිමට මේ මින්ජුන් එයාට ඕන දේ කොහොමහරි ගන්නවා වගේම මම කොහොමහරි ඒක හොයාගෙන ලොක් එක අරිනවා. හොඳම දේ මේ කෙල්ල මේක හංඟලා තිබ්බේ ඇඳේ මෙට්ටේ යට. මට පොඩි වෙලාවයි වැය කරන්න ඕන උනේ ඕක හොයාගන්න.මම දැන් කරන්න යන්නේ වන්ග් ආයුවාන්ගේ ජීයිගේ මැරුණ චරිතයට පන පොවන්න. ඩයරියේ විදිහට නම් ආයුවාන්ට එයාගේ ජීයි නැතුවම බෑලු. සෝ මම එයාගේ ජීයිගේ චරිතයට පන පෙව්වම කොල්ලා නිකන්ම මාව එයාගේ ජීයි විදිහට පිළිගන්නවා. එතකොට එයාට කොහොමත් මම නැතුව බෑ. අන්තිමට මගේ ඉත්තා මගේම අල්ලේ මම කැමති විදිහට නැටවෙනවා. "
මම කිව්වේ වියරුවෙන් වගේ හිනාවෙන ගමන්.
" ඒත් කොහොමද ඩයරිය ගත්තේ ? අදනේ අපි වන්ග් හවුස් එකට පළවෙනි වතාවට ගියේ "
ෂූ ඇහුවා.
" කමෝන් ෂූ. ඔයාලා අද පළවෙනි වතාවට එහේ ගියාට මම අද එහේ ගියේ දෙවෙනි වතාවට. "
" වාට් ? ඒ කොහොමද ? "
ෂූ ඇහුවා.
" වෙන කොහොමද මගේ බෝෆු එක්ක "
ESTÁS LEYENDO
I Can Be Your Bodyguard ( COMPLETED )
Fanficමෙතන ඉන්න හොඳම නළුවා තමුන්ලා එක්ක ඉන්න බොඩිගාඩ් ටීම් එකේ ලීඩර්. එයා කොච්චර හොඳද කියනවානම් එයා කවුද කියලවත් තමුන්ට දැනගන්න බැරි වුණා මිස්ට වන්ග් යීබෝ . අවුරුදු ගාණක් පිස්සුවෙන් වගේ හොයපු කෙනා එයා කියලා තමුන්ටවත් අඳුරගන්න බැරිවුණා මිස්ට ජාන්.