Minjun's Pov
මම තත්පරයක් වගේ බලන් හිටියා ඒක වේගෙය බාල කරයිද කියලා බලන්න. ඒක වේගය බාල කරනවාට වඩා තව ටිකක් ඒකේ වේගෙය වැඩිකරා.
මම තව තත්පරයක්වත් නොයවා පාරට පැනලා ආයුවාන් එක්ක ආයුවාන් අතේ තියන් හිටිය බලු පැටියත් මගේ ඇඟේන් කවර් කරගෙන පාරේ අනිත් පැත්තට කරණමක් ගැහුවා. ඒත් මගේ තත්පරේ ප්‍රමාදේ ආයුවාන්ට බලපෑවේ නැති වුණාට මට බලපෑවා.
මම කරණම ගහලා පාරේ එහාපැත්තට මූව් වුණාට ආපු කාර් එකේ සයිඩ් එකක් මගේ දකුණු උරහිසේ පිටිපස්සේ කාර් එකේ සයිඩ් එකේ වැදුණා. අපිට අනතුර ඉවෙන් වගේ තේරෙද්දි එතන ටිකක්වත් බලන් ඉන්න එපා. ඒ අනතුර සිදුවෙන්න කලින් පෙර සුදානම්ව ඉන්න කියන කියමන අපිට යුනිට් එක ඇතුළේ උගන්නපු දේවල් වලින් එකක්. ඒක මට මේ වෙලේ අමතක වුණා. ඒත් මට ආය ඒක නම් අමතක වෙන එකක් නෑ.
" ආහ් "
මට ටිකක් සද්දෙන් කෙඳිරි ගෑවුණා.
ඇයි එතනම ? මගේ දකුණු උරහිස පිටිපස්ස අවුරුදු 04කට කලින් වුණ ඇක්සිඩන්ට් එකකින් ඩැමේජ් උනා. එදායින් පස්සේ මම මොන දේ කරත් එතන වද්ද නොගෙන පරිස්සමෙන් වැඩ කරා. ඒත් අද එතන වැදුණා. මට මාර විදිහට රිදෙනවා. මාව ෆේන්ට් වෙන්න යන ගතියක් දැනෙන්න ගත්ත නිසා මම හිමීට ආයුවාන්ව අතෑරියා. අනික මට දැන් භය වෙන්න දෙයක් නෑ. ඒත් එක්කම මම ඉන්න තැන ඉදන්ම පිටිපස්සට වැටිලා මගේ ඔලුව නිකටෙන් උස්සව්වා මට හුස්ම ගන්න ලේසි වෙන්න. මට එතකොට ෆේන්ට් නොවී ඉන්න පුළුවන්. මම ඒත් එක්කම මගේ වම් අතින් මගේ දකුණු උරහිස අල්ලගත්තා.
ඒත් එක්කම වගේ මට මිස්ට ජාන්ගේ කටහඬ ඇහුණා.
" ආයුවාන්. මින්ජුන් "
මම මගේ වේදනාව පැත්තක තියලා නැඟිට්ටා. මට රිදෙනවා කියලා මෙතන අඬන්න බෑ. මම කොහොමහරි දරාගෙන ඉන්න ඕන. මිස්ට ජාන් ඉක්මනට ඇවිත් ආයුවාන්ව වඩාගෙන එයා හොඳින්ද කියලා බැලුවා.
" මිස්ට ජාන් "
" දෙයියනේ දරුවෝ. ඔයාගේ අත උරහිස වැදුණා නේද ? "
මිස්ට ජාන් ආයුවාන් ගැන බලලා ඉවර වෙලා ඇහුවා.
" ඒකට කමක් නෑ මිස්ට ජාන් "
YOU ARE READING
I Can Be Your Bodyguard ( COMPLETED )
Fanfictionමෙතන ඉන්න හොඳම නළුවා තමුන්ලා එක්ක ඉන්න බොඩිගාඩ් ටීම් එකේ ලීඩර්. එයා කොච්චර හොඳද කියනවානම් එයා කවුද කියලවත් තමුන්ට දැනගන්න බැරි වුණා මිස්ට වන්ග් යීබෝ . අවුරුදු ගාණක් පිස්සුවෙන් වගේ හොයපු කෙනා එයා කියලා තමුන්ටවත් අඳුරගන්න බැරිවුණා මිස්ට ජාන්.