Minjun's Pov.
මම ඊටපස්සේ ගෙනාපු ෆයිල්ස් ටික බලන්න ගත්තා. මට ඕන ඩීටේල්ස් වගයක් ගන්න. ඒක ඉවරවෙලා ෆයිල්ස් ටික පැත්තකින් තියද්දි වේලාව 4.00. තව පැයක් ඉතුරුයි. මම ඒ පැයේ මගේ ටාගට් එකට තියන පළවෙනි පියවර ගැන කල්පනා කරා. ඒ ආයුවාන්ට සමීප වෙන එක. ඒක බොහොම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. ඒක හින්දම මම ආයුවාන්ගේ Schedule එකේ සමහර තැන් ටැබ් එකේම හයිලයිට් කරා. ඒක කරලා ඉවර උනාට පස්සේ මම ඩියුටි යුනිෆෝම් එක ලෑස්ති කරා. දැන් වේලාව 4.45. තව ටිකකින් සෙට් එක නැඟිටින හින්දා මම කිචන් එකට ගිහින් ලොකු ඉලෙක්ට්‍රික් කෙටල්ස් දෙකට වතුර පුරවලා ප්ලග් කරලා ඔන් කරා. වතුර හොඳට නටලා එද්දි ජියැන්ග් පල්ලෙහාට ආවා නිදිගැට කඩ කඩ.එයත් මම වගේම කට හෝදලා වතුර වීදුරුවක් බිව්වා. ඒක අපේ පුරුද්දක්. ඊටපස්සේ තමා එයා මාව දැක්කේ. එයා එයාගේ වැඩේට ඇටෙන්ටිව් හින්දා මාව දැක්කේ නෑ.
" ගුඩ් මෝනින් මින්ජුන් "
ජියැන්ග් කිව්වා.
" ගුඩ් මෝනින් ජියැන්ග් "
මමත් එයාට කිව්වා.
" කලින් වගේම අදත් නැඟිට්ටද ? "
එයා මගෙන් ඇහුවා.
" ඕ. ඔයා දන්නවනේ මං ගැන. "
" මම ඉක්මනට වොශ් එකක් දාන් එන්නම්. "
ජියැන්ග් එහෙම කියලා උඩට ගියා. මම හිමින් සැරේ ඊයේ ගෙනාපු බිස්කට් එකක් කඩලා ප්ලේට් එකක් උඩින් තිබ්බා. එතකොට සෙට් එකම නැගිටලා ආවා.
" ගුඩ් මෝනින් මයේ වස්ටුස් "
ෂූ එහෙම කියාගෙන එන ගමන් මට සයිඩ් හග් එකක් දුන්නා.
" ගුඩ් මෝනින් ෂූ "
මමත් හග් එක රිටර්න් කරන ගමන් කිව්වා.
" ආආආ ඇති ඔය. අතැරපන් මයේ කොල්ලව."
ඩිලන් ඇවිත් ෂූව අරගෙන ගියා. මට හිනාත් එක්ක අද ඔය මූණ නරක් කරන් ඉන්නේ ෂූ ව දකින්න වෙන්නේ නැති නිසා. වෙනදා මිෂන් අස්සේ හරි ඩිලන් මට මැසේජ් දදා ෂූ ගැන අහනවා. ආය විනාඩියකට හරි ෂූට කෝල් කරනවා. එයා ගැන හොයනවා. ඒ ඩිලන්ගේ හැටි. එයාට මොන වැඩේ තිබ්බත් එයා ෂූ ගැන හොයනවා. මට මතකයි එක පාරක් මොකෙක්ද මන්දා එකෙක් ෂූව ප්‍රාණ ඇපයට ගත්තා කියලා මේ මනුස්සයා මගේ කැබින් එක ඇතුළේ ඩෙගා නටලා පස්සේ ඇඬුවා. අනේ බං මගේ බබා ඒ . මට බයයි. මම අසරණයි වගේ යකෝ. ලොකේ තියෙන හොඳම ඉන්ටලිජන්ට් යුනිෆෝම් ගැහුවට මගේ බබා පරිස්සම් කරගන්න බැරිවුණා බං මට. මම මොකෙක්ද කියලා. මටත් ඇඬුණා. පස්සේ ඩිලන් කිව්වා අර මනුස්සයා නොමරා ගේන්න කිව්වට මම ඒකව මරනවා. මගේ ජොබ් එක ගහලා ගියත් කමක් නෑ කියලා. මම මොනාත් කිව්වේ නෑ. මිනිස්සු වීරයෝ වගේ වෙන්න ආස වුණාට මම දන්න දේ තමා මේ සෙට් එකේ ඉන්න අයගේ ආදරේට මොනා හරි උනොත් මෙයාලා මුළු ලෝකෙම ගිනි තියලා හරි එයාලගේ ආදරේ බේරගන්නවා. මොකද ඒ හේතුව හින්දා තමා මෙයාලා ජීවත් වුණේ. මම උනත් මෙයාලා හින්දා මරන්න දෙපාරක් හිතන්නේ නෑ වගේම එයාලත් මම හින්දා කාවහරි මරන්න දෙපාරක් හිතන්නේ නෑ. මම ඌව මරපන් කිව්වම ඩිලන් මහ අමුතු හිනාවක් දාලා මගේ කැබින් එකෙන් ගියා. ඩිලන් එයාව මරලා තිබ්බා තරහටම. මම හෙන ආතල් එකේ ඩිලන්ට කිව්වා සුයිසයිඩ් කරගත්තා වගේ උගේ ගන් එක උස්සලා ඔලුවටම බුලට් එක තියලා ඌ මැරුණට පස්සේ හිමීට ගන් එක අත උඩ තියලා වෙඩි තියාගන්න ක්‍රමේට හදලා අත උඩ තියලා තද කරපන් කියලා. එතකොට අරූගේ ෆින්ගර් ප්‍රින්ට් එකනේ වඳින්නේ ඩිලන්ගේ නෙමේනේ. එතකොට ඩිලන් කොහොමත් සස්පෙක්ට් වෙන්නේ නෑ.අපි ඩියුටි කරද්දි ලෙදර් ග්ලවුස් දාන හින්දා අපේ ෆින්ගර් ප්‍රින්ට් වදින්නේ නෑ. ඒක මම රිපෝට් කරලා බොඩි එක ගෙනල්ලා වළලාම දැම්මා. එතනින් එහාට ආය කවුරුත් ආවේ නෑ චෙක් කරන්න. මොකො ආය යුනිට් එකේ සකන්ඩ් චීෆ්ට උඩින් යන සිරිතක් තියෙනවද ? මම ඒක හින්දමයි ඒ තනතුර වෙනුවෙන් කට්ට ගාලා ට්‍රේන් උනේ. එතකොට මගේ කොල්ලන්ගේ ඇදකුද හොයාන්න එකෙක්වක් එන්නේ නෑ.
YOU ARE READING
I Can Be Your Bodyguard ( COMPLETED )
Fanfictionමෙතන ඉන්න හොඳම නළුවා තමුන්ලා එක්ක ඉන්න බොඩිගාඩ් ටීම් එකේ ලීඩර්. එයා කොච්චර හොඳද කියනවානම් එයා කවුද කියලවත් තමුන්ට දැනගන්න බැරි වුණා මිස්ට වන්ග් යීබෝ . අවුරුදු ගාණක් පිස්සුවෙන් වගේ හොයපු කෙනා එයා කියලා තමුන්ටවත් අඳුරගන්න බැරිවුණා මිස්ට ජාන්.