📌️ Chapter 15 📌️

92 15 12
                                    

Minjun's Pov.

මම ඒක ගැන හිත හිතම රූම් එකට ගිහින් ඩෝ එක ලොක් කරගත්තා. ආහ්. මගේ මොළෙත් විකාර වෙනවා. එකපාරටම මගේ ප්‍රයිවට් ෆෝන් එකට කෝල් එකක් ආවා. මට අමුතුවෙන් Caller ID එක චෙක් කරන්න ඕන නෑ. මම දන්නවා කවුද කියලා.

" හෙලෝ "

" ............................ "

" හොයාගත්තාද ? "

" නියමයි. ඩීටේල්ස් ටික එවන්න. ප්‍රයිවට් ටැබ් එකට "

" .................................. "

" හරි "

එහෙම කියලා මම ෆෝන් එක තිබ්බා.

මම ආය පල්ලෙහාට ගිහින් කිරි කෝපි එකක් හදාගත්තා. මට තනිකර කෝපි බොන්න බෑ. ඒකට කොච්චර අඩුවෙන් කෝපි දැම්මත් මට මුලින්ම දැනෙන්නේ තිත්ත රහ. මට පුංචි කාලේ ඉඳන්ම තියෙන එකක් ඒ. ඒ හින්දා මම හැමවෙලේම තනිකරම කෝපි බොන්නේ නෑ.

මම ඉක්මනට කිරි කෝපි එකත් අරන් මගේ රූම් එකට ගිහින් ඩෝ එක ලොක් කරගෙන මේසේ වාඩි වෙලා. ප්‍රයිවට් ටැබ් එක ගත්තා. මගේ කොල්ලෙක් එවපු ඩීටේල්ස් මම බොහොම පරිස්සමෙන් බලන්න ගත්තා. මගේ කොල්ලෙක් ? ඔව් මගේ ටීම් එකේ 40ක් ඉන්නවා. 21 එකක් මෙතන නම් ඉතුරු කොල්ලෝ ටික යුනිට් එකේ. මට මේ ඩියුටි එක්ක මගේ හතුරෝ කිඩ්නැප් කරන්න , උන්ගේ ඩීටේල්ස් හොයන්න , ඇවිදින්න බෑ. ඒ හින්දා ඒ ඔක්කොම මගේ කොල්ලෝ මට යුනිට් එක ඇතුළේ ඉඳන් කරලා දෙනවා.

මම ⁣කිරි කෝපි එකෙන් උගුරක් බීලා එවපු ඩීටේල්ස් චෙක් කරන්න ගත්තා.

" වාහනේ නම්බර් එක ZG 1234. රෙජිස්ට්‍රර් කරලා තියෙන්නේ හොන්ග් කොන්ග් වල "

" බලමු කාගේ නමටද කියලා "

" මිස්ට යන්ග් යෙන් "

" අර නාඩගමේ අප්පගේ නමට "

" එදා ඩ්‍රයිව් කරලා තියෙන්නේ හැබැයි යැංසිගේ ඩ්‍රයිවර්. "

" මරු ළමයා. තමන් බේරිලා තමන්ගේ අප්පාව අහුකරලා පැනලා යන්න. "

මම ඒ ඩීටේල්ස් ටික ඩිජිටල් පෙන් එකෙන් ටැබ් එකේ හයිලයිට් කරා.

දැනට මම මේක අතාරිනවා. මොකද තමුන් මගේ ඉත්තාවනේ මරන්න ගියේ. මම කැමති නෑ මම කරන්න කැමති ඒවා තව කෙනෙක් ඒ විදිහටම කරන්න කැමති වෙනවට. මම ඉක්මනට තමුන්ව ඉවර කරන්නම් යැංසි සාක්ෂිත් එක්කම. මොකද තමුන්ගේ අප්පා තමුන් මොන දේ කරත් තමුන්ව බේරනවානේ. මේ සැරේ එහෙම වෙන්නේ නැති වෙයි. අපි ආය ඉක්මනට හම්බවෙමු යැංසි.

I Can Be Your Bodyguard ( COMPLETED )Where stories live. Discover now