Minjun's Pov.
වන්ග් හවුස් එකෙන් එළියට ඇවිත් පාර්කින් එකේ තිබ්බ මගේ ප්‍රයිවට් කාර් එක ස්ටාර්ට් කරලා වයිට් විලා එකට ගියා. මම ප්‍රයිවට් කාර් එක විලා එකේ පාර්කින් එකේ පාර්ක් කරලා කී අරන් ඉක්මනට විලා එක ඇතුළට ගියා. මම මගේ රූම් එකට යන්න කලින් ෆස්ට් එයිඩ් බොක්ස් එකෙන් පේන් කිලර්ස් දෙකක් බිව්වා. ආහ් මේ ඔලුව කැක්කුම. මේක මට හැදුණොත් ලේසියෙන් හොඳ වෙන්නේ නෑ. මම පඩිපෙළ නැඟලා මගේ රූම් එකට ගිහින් ඩියුටි කැෂුවල් කිට් එකත් එක්ක අරන් ගිය වෙපන්ස් ටිකයි මගේ ඩියුටි ෆෝන් එකයි , ප්‍රයිවට් ෆෝන් එකයි ඩියුටි කැෂුවල් කිට් එකෙන් අයින් කරලා මම පිළිවෙළට ඩියුටි කැෂුවල් කිට් එක ගලවලා හෝදන ඇඳුම් දාන බාස්කට් එකට දැම්මා. බ්ලැක් ඩෙක්ස් ෂූස් දෙක ෂූ රැක් එකේ තියලා මම යුනිෆෝම් එක ඇඳලා වෙනදා විදිහටම පිළිවෙළට වෙපන්ස් ටික මගේ ක්‍රමේට ඇටෑච් කරලා මම ඩියුටි යද්දි යූස් කරන පර්ෆියුම් එක ගහගෙන බ්ලැක් මාස්ක් එක දැම්මා. බ්ලැක් ස්මාට් වොච් එක අතේ බැඳගෙන Ear Piece එක මගේ කනට දාගෙන මගේ ඩියුටි ෆෝන් එකත් ඒකට කනෙක්ට් කරගත්තා. ඊටපස්සේ මම ඩියුටි ෆෝන් එකයි ප්‍රයිවට් ෆෝන් එකයි දෙකම සාක්කුවට දාගෙන මගේ බයික් කී එකත් සාක්කුවට දාගත්තා. මොකද මම අපාර්ට්මන්ට් ඉඳන් ආපු හින්දා විතරයි මම ප්‍රයිවට් කාර් එක යූස් කරේ. නැත්තම් අපි ඩියුටි කරද්දි යූස් කරන්නේ අපේ බයික්ස්. මගේ රූම් එකේ දොර වහලා පල්ලෙහාට ආවා.විලා එකේ පාර්කින් එක ගාවට ගිහින් මම ඉක්මනට හෙල්මට් එක දාගෙන රයිඩර්ව ස්ටාර්ට් කරගෙන වන්ග් හවුස් එකට රයිඩර්ව පැදගෙන ගියා.
වන්ග් හවුස් එකේ පාර්කින් රයිඩර්ව නවත්තලා මම හෙල්මට් එක ගලවලා රයිඩර්ගේ ඇතුළට හෙල්මට් එක දාලා කී එකත් සාක්කුවේ දාගෙන වන්ග් හවුස් එක ඇතුළට ගියා. මම යද්දි මිස්ට ජානුත් ඇවිල්ලා හිටියා. මිස්ට ජාන් නම් ආයුවාන් එක්ක සෙල්ලම් කරකර හිටියා. මම එතන ළඟ තිබ්බ බිත්තියකට හේත්තුවක් දාලා ඒ දෙන්නා දිහා බලන් හිටියා.
එකපාරටම වන්ග් හවුස් එකේ මේන් ඩෝ හයියෙන් ඇරුණා ලොකු සද්දේකුත් එක්ක. දොර ඇරියේ තරහින් ආපු එකා මොකා උනත්. මට බලන්නේ නැතුවම කියන්න පුළුවන්. මොකද සමහරක් වේලාවට ඕක අපේ යුනිට් එක ඇතුළේ වෙන සාමාන්‍ය දෙයක්. එකපාරක් මම මගේ කැබින් එකේ ඉද්දි එක ටීම් ලීඩර් කෙනෙක් ඔය විදිහට අර ෆිල්ම්ස්වල ඉන්න වීරයා වගේ දොර කඩාගෙන ආවා. මම අකමැතිම දෙයක් ඒක. කවුරුහරි කිව්වොත් ඒක පට්ට කියලා. ගහන්න කන පැලෙන්න. චීෆ් කෙනෙක්ගේ කැබින් එකකට ඔහොම ආවොත් ඒ චීෆ්ට අයිතියක් තියෙනවා ආපු කෙනා අපේ යුනිට් එකේ නම් සස්පෙන්ඩ් කරන්න. මම මෙතන අපේ යුනිට් එකේ කියලා කිව්වේ මොකද වේලාවකට ඉන්න උන්ගේ අම්මලා , තාත්තලා , නැන්දම්මලා , මාමාණ්ඩිලා එනවා. එන්නේ නම් හැබැයි සිංහ සෙයියාවෙන් යන්නේ අපෙන් ලස්සනට බැනුම් අහලා බිංකුඩු සෙයියාවකින්. හැබැයි මගේ කැබින් එකේ දොර කැඩුව අපේ යුනිට් එකා නම් ගියේ බිංකුඩු සෙයියාවටත් අන්ත විදිහට. මොකද මම ඌට පලු යන්න බැන්නා. යුනිට් එක කියන්නේ නාඩගම් මඩුවක් හරි ෆිල්ම්ස් හදන හරි තැනක් නෙවේ. ඒක තමන්ගේ හිතේ තිබ්බ බොඩිගාඩ් කෙනෙක් වෙන්න තිබ්බ ආසාවට හුස්ම ගන්න දුන්න හදවත වගේ. ඒ හදවත නිගා කරන්න කියන්නේ තමන් මේ ලෝකේට බිහි කරපු අම්මාට නිගා කරනවා වගේ දෙයක්. ඒක ඒ තරම් වටිනවා. මේ ලෝකේ මිනිස්සු මව් පදවිය උතුම් කියනවා වගේ අපිට අපේ යුනිට් එක උතුම් , පාරිශුද්ධ තැනක්. එතැනට නිගා කරන උන් ඉන්නවනම් උන් යුනිෆෝම් එක තියා අපේ යුනිට් එකට අඩියක්වත් තියන්න සුදුසු නැති උන්.
ŞİMDİ OKUDUĞUN
I Can Be Your Bodyguard ( COMPLETED )
Hayran Kurguමෙතන ඉන්න හොඳම නළුවා තමුන්ලා එක්ක ඉන්න බොඩිගාඩ් ටීම් එකේ ලීඩර්. එයා කොච්චර හොඳද කියනවානම් එයා කවුද කියලවත් තමුන්ට දැනගන්න බැරි වුණා මිස්ට වන්ග් යීබෝ . අවුරුදු ගාණක් පිස්සුවෙන් වගේ හොයපු කෙනා එයා කියලා තමුන්ටවත් අඳුරගන්න බැරිවුණා මිස්ට ජාන්.