Minjun's Pov.
අද මම වෙනදා වේලාවටම නැඟිටලා කිට් එක ඇඳලා පල්ලෙහාට ගිහින් මම උදෙන්ම ඕඩර් කරපු බ්‍රෙක්ෆස්ට් එක අරගෙන ආයුවාන්ව ස්කූල් යවලා එයා ආවාට පස්සේ මම එයත් එක්ක හෝම් වර්ක් කරා. දැන් රෑ හින්දා මම එයාව නිදිකරවන්න ගියාට එයා මගේ අතින් බහින්නේ නෑ.
" ආයු බබා. අපි දෝගන්න යමු "
" මට බ්ලෑ "
මට අද රෑට ෆොරස්ට් එකට යන්න ඕන නිසා මම ආයුවාන්ට මෙලඩි එකක් සින්ග් කරා.
" ජියේ ? "
" ම්ම් ? "
" ඔය මෙලඩි එක මට ඩැඩා සින්ග් කරන එක වගේමයි මින්ජුන් ජියේ "
" හ්ම්ම් "
ඒත් එක්කම මට දැනුණා ආයුවාන් නිදි කියලා. මෙච්චර වෙලා හිතේ තිබ්බ දේ මම කිව්වා.
" ඒක මම ගොඩ කාලෙකට කලින් මම නිදාගද්දි අහපු මෙලඩි එක ආයුවාන්. හරියට දැන් මම මේ මෙලඩි එක ඔයාට සින්ග් කරනවා වගේම මටත් කෙනෙක් රෑට මම නිදාගන්නකම් මේ මෙලඩි එක සින්ග් කරා. ඒත් දැන් මට තියෙන්නේ ඒකේ ඕඩියෝ එකක් විතරයි. "
ආයුවාන්ව එයාගේ රූම් එකේ තියලා මම එයාට බ්ලැන්කට් එකත් පොරවලා ඩෝ එකත් වහගෙන ආවා.
ඒත් එක්කම මගේ බ්ලැක් ස්මාට් වොච් අලාර්ට් එකක් ආවා. මම බැලුවා මොකක්ද ඒ කියලා. හාර්ට් රේට් එක වැඩිවෙලා. මම මේ හාර්ට් රේට් වැඩිවෙන එකට හේතුව දන්නවා. මම ඒ හාර්ට් රේට් එක කාගේද කියලා චෙක් කරා. ඒක අර බාර්ටෙන්ඩර් බෝයිගේ. තත්පරේකට මගේ මනස බ්ලෑන්ක් වෙලා ගියා. මම පියවි සිහියට ආවේ ආයේමත් වොච් එකෙන් ආපු අලාර්ට් එකට. මම ඉක්මනට මගේ රූම් එකට ගිහින් ඇන්ටි ඩ්‍රග් කිට් එකත් අරගෙන බයික් කී එකත් සාක්කුවට දාගෙන එළියට ඇවිත් මම ඉන්න ෆ්ලෝ එකේ ඉඳන් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට පැන්නා. මම ඉක්මනට පාර්කින් එකට ගිහින් රයිඩර්ව ස්ටාර්ට් කරගෙන වේගේන් ක්ලබ් එකට රයිඩර්ව පැද්දා.
' දෙයියනේ මොනවත් මගේ බබාට නම් වෙන්න එපා. මම ඇහැ වගේ රැක්කේ පණ දෙන්න. මම මොකක්ද අරූ ආවම කියන්නේ. කමෝන් රයිඩර් ස්පීඩ් අප් බේබ්. ' මම එහෙම හිතන ගමන්ම රයිඩර්ව ස්පීඩ් කරා. මම ක්ලබ් එක ගාවට ආවාට මට ඇතුළට යන්න බෑ යුනිෆෝම් එක හින්දා. මම බබාගේ ලොකේෂන් එක ට්‍රැක් කරා. ක්ලබ් එකේ වම් පැත්තේ රූම්ස් තියෙන සෙක්ෂන් එකේ බබාගේ ලොකේෂන් පෙන්නුවේ. මම ඉක්මනට ඒ පැත්තට ගිහින් එයාගේ ලොකේෂන් එක පෙන්නපු රූම් එක යටට ආවා. රූම් එක ඇතුළට යන්න ක්‍රමයක් මම හෙව්වා . එතකොටයි දැක්කේ එතන තියෙන බැල්කනි එකට සෙට් වෙන්න ලොකු ගහක් තියෙනවා. මම ඉක්මනට ගහ දිගේ නැඟලා රූම් එකේ බැල්කනි එකට පැන්නා. මම හිමීට රූම් එකේ තියෙන ලොකු වීදුරු ලොකු ජනේල් පියන් අතරින් මොනාද වෙන්නේ කියලා බැලුවා. ඒ දැක්ක දේට මගේ ලේ රත්වුණා. මම වීදුරු පියන මගේ ගන් එකේ බුලට් 04කින් හිල් කරා. මගේ ෂූට්ස් වල සද්දේ එයාලට ඇහෙන්නේ නෑ. මොකද මගේ ගන් එක ෂූට් කරද්දි ෂූට් සවුන්ඩ් එක ඇහෙන්නේ නැති වෙන්න හදපු එකක්. මම මගේ වම් අතෙන් වීදුරු පියනට එකපාරින්ම ගහලා කැඩුවා. එතකොටයි ඇතුළේ හිටපු අය බැලුවේ.
YOU ARE READING
I Can Be Your Bodyguard ( COMPLETED )
Fanfictionමෙතන ඉන්න හොඳම නළුවා තමුන්ලා එක්ක ඉන්න බොඩිගාඩ් ටීම් එකේ ලීඩර්. එයා කොච්චර හොඳද කියනවානම් එයා කවුද කියලවත් තමුන්ට දැනගන්න බැරි වුණා මිස්ට වන්ග් යීබෝ . අවුරුදු ගාණක් පිස්සුවෙන් වගේ හොයපු කෙනා එයා කියලා තමුන්ටවත් අඳුරගන්න බැරිවුණා මිස්ට ජාන්.