Chen ' s Pov.
මම එයාගේ කාමරේට යද්දි වෙනදා වගේම ඒ මෙලඩි එක ඇහෙනවා. මම දන්නවා එයා කොච්චර හොඳට ඉන්නවද කියලා පෙන්නුවත් එයාට අමතක කරන්න බැරි දෙයක් තියෙනවා. මම ඒක දන්නවා.මම එයාගේ කාමරේ දොර අරිද්දි එයා ඇදේන් නැගිටලා මෙලඩි එක ප්ලේ වෙවී තිබ්බ ප්ලේයර් එක ඕෆ් කරලා කෙලින් හිටගත්තා.
" තාම අහනවා නේ ? පොඩි කාලේ වගේම ඒ මෙලඩි එක මින්ජුන් "
" දැන දැනත් ඒක ගැන අහන්න එපා බෝෆු "
" හරි හරි. ම්ම් මෙන්න ඔයාව ට්‍රේන් කරපු මිෂන් එක ඔයාට ලැබිලා "
මම මගේ අතේ තිබ්බ ලියුම් කවරේ එයාට දුන්නා. එයා ගත්ත ගමන් ලියුම් කවරේ කඩලා ඒකේ ඇතුළේ තිබ්බ ලියුම කියෙව්වා. අපේ කමිටි එක ඇතුළේ කාවහරි මිෂන් එකකට අනුයුක්ත කරනවනම් ඒ බව ලිඛිතව සනාථ කරලා ලියුමක් දෙනවා. ඒක කියවද්දී එයාගේ මූණේ කට කොනට හිනාවක් ආවා.
" ම්ම්. එහෙනම් මම අන්තිමට වන්ග් ෆැමිලි එකට යනවා "
" ම්ම්. ඔව්. ඒකනේ ඔයාගේ ටාගට් එක වුණෙත්."
" අනිවාරෙන්. මම අවුරුදු 3ක් කට්ට කාලා ට්‍රේනින් උනේ ඒ ෆැමිලි එක ගාවට යන්න. මගේ වැඩේ ඉවර කරන්න. "
" එහෙනම් බඩු ටික ලෑස්ති කරගන්න. ටීම් ලීඩර් ඔයා මින්ජුන්. ඔයාගේ ටීම් එකමයි.ටීම් එකේ තව විසි එකක් ඉන්නවා"
" හරි කැප්ටන් "
එයා මට සැලියුට් කරා. මම හිනාවෙලා එයාගේ කාමරෙන් ආවා.
Minjun's Pov.
මම පුරුදු විදිහටම මගේ ප්ලේයර් එකෙන් මෙලඩි එක අහන ගමන් හිටියේ. ඒත් ඒක නැවතුණේ බෝෆු මගේ කාමරේට ආපු හින්දා.
" තාම අහනවා නේ ? පොඩි කාලේ වගේම ඒ මෙලඩි එක මින්ජුන් "
හැමදාම වගේ එකම ප්‍රශ්නේ.
" දැන දැනත් ඒක ගැන අහන්න එපා බෝෆු "
මම පොඩි රැවිල්ලක් එක්ක එයාට උත්තර දුන්නා.
" හරි හරි. ම්ම් මෙන්න ඔයාව ට්‍රේන් කරපු මිෂන් එක ඔයාට ලැබිලා "
බෝෆු මට එයාගේ අතේ තිබ්බ ලියුම් කවරේ මගේ අතට දුන්නේ එහෙම කියලා.මම ගත්ත ගමන් ලියුම් කවරේ කඩලා ඒකේ ඇතුළේ තිබ්බ ලියුම කියෙව්වා. අපේ කමිටි එක ඇතුළේ කාවහරි මිෂන් එකකට අනුයුක්ත කරනවනම් ඒ බව ලිඛිතව සනාථ කරලා ලියුමක් දෙනවා. ඒක කියවද්දී මගේ මූණේ කට කොනට හිනාවක් ආවා.
STAI LEGGENDO
I Can Be Your Bodyguard ( COMPLETED )
Fanfictionමෙතන ඉන්න හොඳම නළුවා තමුන්ලා එක්ක ඉන්න බොඩිගාඩ් ටීම් එකේ ලීඩර්. එයා කොච්චර හොඳද කියනවානම් එයා කවුද කියලවත් තමුන්ට දැනගන්න බැරි වුණා මිස්ට වන්ග් යීබෝ . අවුරුදු ගාණක් පිස්සුවෙන් වගේ හොයපු කෙනා එයා කියලා තමුන්ටවත් අඳුරගන්න බැරිවුණා මිස්ට ජාන්.