Wang Yibo ' s Pov.
අපේ මැණික දැන් සති දෙකක් තිස්සේ එයාගේ ඇඟේ තියෙන ඩ්‍රග්ස් වලට බෙහෙත් ගන්නවා. මේ සති දෙකේම මමයි බනීයි යද්දි අපේ පුංචි ලියෝ නිදි. අපේ මැණික සම්පූර්ණයෙන්ම සුදුමැලි වෙලා. හරියට කන්නෙත් නෑ. මට තාම බයයි අපේ මැණික ආය අපිව දාලා යයිද කියලා. අද මම අපේ මැණිකට ස්පෙශල් කොන්ජි එකක් හැදුවා. මම ඒකත් අරගෙන හොස්පිට්ල් යද්දිත් අපේ මැණික නිදි. මට දුක හිතුණා. ' මැණික අපිව මඟ අරිනවාද ? ' මම අසරණව මිමිණුනා. මගේ ඇස් වලින් වැටුණු කඳුළු මගේ කම්මුල් දිගේ බේරුණා.
" ගගා දැන්ද ආවේ ? "
ෂූ කායි ඇහුවා.
" ඔව් ඩිඩී "
මම කඳුළු පිහදාගෙන කිව්වා.
මම මගේ මැණිකගේ සෙට් එකත් එක්ක ෆිට් උනා. එයාලා මට ගගා කියද්දි මම එයාලට ඩිඩීලා කිව්වා.
" අපේ මැණික අපිව මඟ අරිනවාද ඩිඩී ? "
" නෑ ගගා. එයා එහෙම කරන්නේ නෑ. එයාට දෙන බෙහෙත් ඩෝස් එකත් එක්ක මින්ජුන්ගේ නින්ද ටිකක් වෙනස් වෙනවා. ගගා මම ගගාට මැසේජ් එකක් එවන්නම්. ඒකේ මින්ජුන් නැගිටින වේලාව ගෙස් කරලා තියෙනවා. "
ෂූ කායි කිව්වා.
" හරි ඩිඩී "
" දැන් රෑ වෙලා ගගා. ගගා දැන් යන්න. ජාන් ගගාටත් හෙට එන්න කියන්න. "
ෂූ කායි කිව්වා.
" හරි ඩිඩී. මේක පුංචි ලියෝ නැඟිට්ටාම දෙන්න. "
මම කොන්ජි එක ෂූ කායිට දෙන ගමන් කිව්වා.
" හරි ගගා. බායි ගගා. පරිස්සමෙන් යන්න. "
ෂූ කායි කිව්වා.
මම ආපහු ගෙදර ආවා. මොකද මම දැන් ඉන්නේ ප්‍රශ්න ගොඩක් ඔලුවේ තියාගෙන ඉන්නේ. ඊයේ වුණු දේවල් එක්ක.
♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️♠️
මම උදේම නැඟිටලා මගේ කම්පැනි එකේ වැඩ ගෙදර ඉඳන්ම ඉවර කරා. ඊයේ ෂූ කායි එවපු මැසේජ් එකේ විදිහට උදේ 9.00ට අපේ මැණික නැඟිටිනවා.
මමයි බනීයි ලෑස්ති වෙලා අපේ මැණිකට උදේට කන්න සුප් එකකුත් හදාගෙන හොස්පිට්ල් එකට ගියා. මමයි බනීයි අපේ මැණිකගේ රූම් එකට යද්දි එතන හිටපු අය සද්දෙට කෑගහනවා.
YOU ARE READING
I Can Be Your Bodyguard ( COMPLETED )
Fanfictionමෙතන ඉන්න හොඳම නළුවා තමුන්ලා එක්ක ඉන්න බොඩිගාඩ් ටීම් එකේ ලීඩර්. එයා කොච්චර හොඳද කියනවානම් එයා කවුද කියලවත් තමුන්ට දැනගන්න බැරි වුණා මිස්ට වන්ග් යීබෝ . අවුරුදු ගාණක් පිස්සුවෙන් වගේ හොයපු කෙනා එයා කියලා තමුන්ටවත් අඳුරගන්න බැරිවුණා මිස්ට ජාන්.