🌹 ඕහ්...ටේහ්‍යුනා...
ටේහ්‍යුන් කාර් එකෙන් බැහැලා ස්ටේජ් එක ලගට එනකොටම මේ වෙනකොටත් ඇවිල්ලා හිටිය ගායොන්ග් කුමරිය අත් විහිදගෙන වෙනදා පුරුද්දට යන්න හැදුවත් ජින් ඉක්මනට කුමරියගේ අතින් අල්ලගෙන නැවැත්තුවා..
🐹 බඩගෙඩියත් උස්සන් මගේ දරුවා ලගට දුන්න ලෑස්ති වෙන්න එපා..එයා මගේ...
🌹 ආහ්..මටත් එයා ගැන අයිතියක් තියෙනවා...
🐹 හහ් !! ඔයාට කොහෙන්ද අයිතියක්...ඒ මගේ දරුවා..අර ඉන්නේ ඔයාගේ දරුවෝ..
ජින් එහෙම්ම පෙන්නුවේ ගායොන්ග් කුමරියගේ හස්බන්ඩ් උන ලී කුමාරයාගේ ලග ඉන්න අවුරුදු හතක පුංචි කුමරයවයි අවුරුදු 13ක කුමාරයව පෙන්නලයි..
🌹 හරි ඉතින්..එයාලා වගේම බෙයාර්ත් මගේ පැටියා තමයී..එයා මගේ මල්ලිගේ දරුවානේ..ඉතින් මටත් අයිතියක් තියෙනවා..
🐹 ආහ්..උදේ අම්මා ආවා අයිතිය ඉල්ලන්..දැන් දුව ඇවිල්ලා...කරුණාකරලා පැත්තකට වෙලා ඉන්න..
බෙයාර් මගේ දරුවා..බෙයාර් වගේ තව කෙනෙක් හිටියොත් එයත් මගේ දරුවා..එච්චරයි..🌹 ඒත්....
🐹 එයා මගේ...එච්චරයි...
🌹 හරි හරි...ඒත් මොනවා උනත් අද ටේහ්‍යුන් වගේම ජිමිනුත් මාර හොට්...ඔයාට අයිති හැමදේම එහෙම හොට් වෙන්නේ කොහොමද ජින්...මට ඉරිසියයි...ඇත්තමයි මන් බාල උනා නම් අනිවා ජිමින්ව මැරි කරනවා..
🐹 යාහ් !! තමුන්ට නම් මගේ මල්ලිව කොහෙත්ම දෙන්නේ නෑ..දරුවෝ දෙන්නෙක් ඉදන් කියන කතා..අනික මගේ අහින්සකයා තමුන්ට කොහෙත්ම රැවටෙන්නේ නෑ...හුම්..මගේ චිම්ට හොදට මොලේ තියෙනවා..
🌹 යාහ්..
🐨 දෙන්නම කට වහගත්තේ නැත්තම් මීඩියා එක ඉස්සරහම මන් දෙන්නාගෙම කටේ ප්ලාස්ටර් එකක් ගහනවා..
ගායොන්ග් කුමරියටයි ජින්ටයි රවාගෙන නම්ජුන් කියනකොට දෙන්නාම ඇස් රෝල් කරලා අත් බැදගෙන අහක බලාගත්තා..මොකද නම්ජුන් කිව්වොත් කිව්වා කියලා එයාලා දෙන්නාම දන්නවා..
හහ් එයාලා දෙන්නාටම ඕන උනේ නෑ මීඩියා එක ඉස්සරහ නෝන්ඩි වෙන්න !!
YOU ARE READING
A Stranger To The Palace || TK | YJH | NJ || Completed
Fanfictionආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...! තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ.. හරි කලාතුරකින්... Taekook Namjin Yoonminseok