chapter 17

593 125 34
                                    

🐰 ජන්ග්කුක් / කුකි
🐯 ටේහ්‍යුන්

🐇 සන්ග්කුක් / කුක්
🐅 ටේයොන්

🐱 යූන්ගි
🐥 ජිමින්
🦄 හෝසියොක්

🐹 ජින්
🐨 නම්ජුන්

🐧 වූන් කුමාරයා

😈 බ්ලැක් ඩ්‍රැගන්

..............................................................................................

ටේහ්‍යුන් උදෙ පාන්දර රෝස පාට ඇදන් යන්න බෑ කියලා රන්ඩු වෙලා අන්තිමට යාන්තම් අහු උන සුදුපාට ශර්ට් එකක් ඇදගෙන කොන්ඩේ පස්සට කරලා පීරුවත් ජන්ග්කුක් කරේ ආයි එයාගේ කොන්ඩේ අවුස්සපු එකයි..මොකද ඉතින් කොලේජ් එකට යන්න ඕනේ දගකාර ටේටේ මිසක් කිරුල හිමි කුමාරයා නෙමෙයිනේ..කලින් දවසක ඩොක්ටර් මාර්ක්ස්ට කියලා ගෙන්න ගත්ත අයි ලෙන්සර්ස් දෙකත් දාගෙන තමන්ගේ කොල පාට ඇස් දුඹුරුපාටට හරවගෙන හෝසියොක්ගේ දේශනා ගොඩක් එක්කයි එලියට බැස්සේ..

🐯 ආහ්...පපා වගේමයි අප්පාත්...ඔච්චරටම දේශනා දෙන්න ඕනද ?? මන් පොඩි එකෙක් නෙමෙයිනේ !!

හෝසියොක්ගේ දේශනාවලට බැන බැන බස් හෝල්ට් එකට ආවත් ටේහ්‍යුන් දන්නේ නෑ බස් එහෙක යන්නේ කොහොමද කියලවත්..ඉතින් කොහොම හරි එන්න ඉස්සෙල්ලා හෝසියොක් හැමදේම කියලා දුන්න නිසායි, ෆිල්ම්වල ඩ්‍රාමාවල දැකලා තියෙන දේවලුයි ප්‍රයොජනයට අරගෙන බොහොම අමාරුවෙන් බස් එකට නැගලා සල්ලි දුන්නාත් කොලේජ් එකට යනකම්ම ටේහ්‍යුන්ට උනේ හිටගෙන යන්න..ඒ මදිවට ගම්බද පලාතක් නිසා තියෙන එකම බස් එක මේක නිසා මිනිස්සු පිරිලා චප්ප චුරුප්පන් වෙලා ගියේ..ටේහ්‍යුන්ට සාමාන්‍ය ජිවිතයක් ඕන උනාට බස් ගමනෙන්ම ඒක ටිකක් එපා වෙලා ගියේ දාඩිය දාලා ඉන්න මිනිස්සුන්ගේ ගදවල් ඉවසගෙන ඉන්න බැරුවමයි..

🐯 ආහ්ර්‍....ආයි නම් මේ ජරා බස්වල යන්නේ නෑ...පොල්පටවලා වගේ පටවනවා මදිවට විනාඩි 15 ගමන පැයක් විතර කොටනවා...මන් රජ උන ගමන් කරන්නේ බස් අයින් කරලා දාන එක..ශික්..මන් ලගත් ගදයි !!

තමන්වම ඉබලා බලන ගමන් ටේහ්‍යුන් බස් එකටත් බැන බැන හිමීට කොලේජ් එක ලගට ගියේ බස් එකේ හිටපු කෙල්ලෙක් හීල් එක පිටින්ම කකුල පාගපුපාර රිදිච්ච එකට නොන්ඩිගාන ගමන්මයි..

A Stranger To The Palace || TK | YJH | NJ || Completed Where stories live. Discover now