chapter 32

620 126 10
                                    

🐰 ජන්ග්කුක් / කුකි
🐯 ටේහ්‍යුන්

🐇 ජන්ග්ගුක් / ගුක් / ගුකි
🐅 ටේයොන්

🐱 යූන්ගි
🐥 ජිමින්
🦄 හෝසියොක්

🐹 ජින්
🐨 නම්ජුන්

🐧 වූන් කුමාරයා

😈 බ්ලැක් ඩ්‍රැගන්

..............................................................................................

🐅 ඉතින් ඊට පස්සේ මොකද උනේ ??

🐰 ඊට පස්සෙ එයා කිව්වා " බෙයත් කුකීට ආදරෙයි මැණික " කියලා !!

කුකී ඇස් බෝල කරන් කම්මුල් රතු කරන් අත් සතුටින් එකට අතුල්ලන ගමන් කියනකොට උදේ ටේහ්‍යුන් ජියා එක්ක කියපුවා රස කර කර ටේමින් දෙන්නාට කියනකොට ඒ දෙන්නාත් ඒක අහන් හිටියේ හෙන සතුටින්..

🐥 ඒ කියන්නේ කුකීගේ වැඩේ හරි !!

ජිමින් මූනට හෙන බැරෑරුම් පෙනුමක් අරන් කියනකොට කුකී හිනා වෙලා ඔව් කියලා ඔලුව වැනුවා..

🐅 ඒ උනාට කුකී ඔයා මේ ගැන දන්නවා කියලා එයාට අගවන්න එපා..වෙනදා හිටියා වගේම සෑඩ් මූඩ් එකක් දාගෙන ඉන්න !!

🐥 ඔව් ඔව් කුකී...කෝ දැන් ඇස්වල කදුලු පුරෝගෙන පෙන්නන්න බලන්න..

ජිමින් කියනකොට කුකී මෙච්චර වෙලා හිනා වෙවී හිටපු මූන උවමනාවෙන්ම බෙරි කරගෙන ඇස්වල කදුලු පුරවන් තොල් උල් කරන් ජිමින් දිහා බැලුවා..ඇත්තටම ඒ බැල්මට නම් ජිමින්ටත් දුක හිතුනා..

🐥 ඔහ් !! ඒකට නම් හිත රිදෙනවා..

ජිමින් ඩ්‍රැමටිකලි විදියට පපුවත් අල්ලන් කියනකොට ටේකුක් දෙන්නාම ඒකට හයියෙන් හිනා උනා..

🐥 හරි දැන් අපිට තියෙන්නේ ටේටෙගේ වැඩේ තමයි !!

🐅 ඒක හරියන්නේ නෑ චිමි !! ඒ මෝඩයා මහ ගොනෙක් !! හුම්...එයාට මන් මෙච්චර දේවල් කරලත් තාම මන් ඔයාට කැමති ටේටේ කියලා කියන්න කොන්දක් පන නෑ..ඒ උනාට කට නම් දාහකට ගහන්න!! මහ ලොකු මස්කට් බනියා !!

ටේයොන් මූනත් රතු කරන් අත් බැදන් රවාගෙන කියනකොට ජිකුක් දෙන්නා තව හයියෙන් හිනා උනා..කුකීගේ කාමරේ හිනා හඩවල් වලින් පිරිලා තියෙනකොට නැනි බෙලාට උනත් සතුටු හිතුනා...මේ මාලිගාව ඇතුලේ හිනා හඩවල් ඇහෙනවා හරිම අඩුයි..

A Stranger To The Palace || TK | YJH | NJ || Completed Where stories live. Discover now