chapter 28

650 129 28
                                    

🐰 ජන්ග්කුක් / කුකි
🐯 ටේහ්‍යුන්

🐇 ජන්ග්ගුක් / ගුක් / ගුකි
🐅 ටේයොන්

🐱 යූන්ගි
🐥 ජිමින්
🦄 හෝසියොක්

🐹 ජින්
🐨 නම්ජුන්

🐧 වූන් කුමාරයා

😈 බ්ලැක් ඩ්‍රැගන්

..............................................................................................

ජිමින්ට සිහිය ආවා කියලා පනිවිඩේ ආපු ගමන් හැමෝම හොස්පිටල් එකට ආවාත් එයාලා එනකොට ජිමින්ට ඩොක්ටර් දීපු බෙහෙත් වලට ආයි නින්ද ගිහිනුයි තිබ්බේ..එරික් කුමාරයා තාම මාලිගාවේ නිසා නම්ජුන් , වූන් කුමාරයාගේ ඩැඩා වූබින්ට එයාව පොඩ්ඩක් බලාගන්න කියලා කියන ගමන් ඔක්කොම එක්ක හොස්පිටල් එකට ආවා..මතක ඇතුව හොබි, ටේයොන්, කුකීවත් එක්කගෙනම ආවේ එයාලා කවුරුත්ම නැතුව මාලිගාවේ ඇතුලේ තාම එයාලව තියන්න බය නිසායි..මොකද තාමත් වූන් කුමාරයා හැරෙන්න කිසිම කෙනෙක් ටේයොන් ගැනවත් , කුකී ගැනවත් දන්නේ නෑ..අඩුම දෝවගර් රැජිනියවත් එයාගේ පවුලේ අලුත් සාමාජිකයන් ගැන දැනගෙන හිටියේ නෑ..ඉතින් ජිමින්ට සිහිය ආවත් දෝවගර් රැජිනව ජින් බොහොම අමාරුවෙන් මාලිගාවේ නතර කරලා ආවේ ගායොන්ග් කුමරියට දැන් දරුවා ලැබෙන්නත් කිට්ටු නිසායි..

කොහොම හරි ඉතින් ජිමින් ICU එකේ ඉදන් නෝර්මල් වෝර්ඩ් එහෙකට දාලා තිබ්බ නිසා හැමෝම එක එක තැන්වල වාඩි වෙලා ඉන්නකොට කුකී නම් හිටියේ එයාට ජින් දුන්න චොකලට් එකක් කන ගමන් පුටුවේ වාඩි වෙලා..එයාගේ එහා පැත්තෙන්ම ටේටේත් කුකීගේ චොකලට් එකට වැඩේ දෙනකොට ටේගුක් දෙන්නා ජිමින්ගේ ඇදේ දෙපැත්තෙන් වාඩි වෙලා හිටියා..

යූන්ගි , නම්ජුන් එක්ක ජිමින්ගේ රිපෝර්ට් ගැන බලන්න ඩොක්ටර් එක්ක එලියට ගිහින් හිටපු නිසා ජින්, හොබි දෙන්නා හිටියේ සතුටටත් එක්ක ලොකු කෝප්පයක් හෝදන ගමන්..

🦄 යූන්ගේ හිත ජිමින් වෙනස් කරපු එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ..එයා ඒන්ජල් කෙනෙක් වගේ..

නිදාගෙන ඉන්න ජිමින් දිහ බලන් හොබී කියනකොට ඒ ඇස්වල තියෙන දුක ජින්ට හොදටම පෙනුනා..ජින් දන්නවා හොබි එයාගේ ආදරේ බෙදාගන්න තාමත් ලෑස්ති නෑ කියලා..ඒ වගේම ජින් දන්නවා හොබි කියන්නේ යූන්ගිගේ ආදරේ බලෙන් තනි අයිතිය ගන්න තරම් ආත්මාර්තකාමි කෙනෙක් නෙමෙයි කියලා..හොබි කියන්නේ සුරදූතයෙක්..එයාගේ හැමදේම වෙන කෙනෙක් වෙනුවෙන් කැප කරන්න තරම් හොබි අහින්සකයි..ජින් දන්නවා හොබීට යූන්ගිව සම්පූර්ණයෙන්ම ජිමින්ට දීලා අයින් වෙන්න තරම් ලස්සන හිතක් තියෙනවා කියලා..ඒ තරම් හොබිගේ ආදරේ ලස්සනයි..පිරිසිදූයි..ඒත් ජින්ට ඒ දේ කරන්න ඕන නෑ..අවුරුදු 20ක් තිස්සේ ජින් හිටියේ යූන්ගි එක්ක..ඒක ලොකු කාලයක් කෙනෙක්ගේ හැගීම් යම්තාක් දුරට හරි අදුරගන්න..ඉතින් ජින් දන්නවා යූන්ගිගේ ආදරේ ජිමින්ටත් වඩා තියෙන්නේ හොබි ලග කියලා..මේ දේ නිසා තමන්ගේ මල්ලි අන්තිමට විදවයිද කියන බය ජින්ගේ හිතට ආවත් එයාට බෑ හොබි වගේ අවුරුදු ගානක් දුක් විදපු කෙනෙක්ට තමන්ගේ මල්ලි වෙනුවෙන් උනත් තව දුකක් දෙන්න..

A Stranger To The Palace || TK | YJH | NJ || Completed Where stories live. Discover now