🐨 ඔහ් පොලිස් ඔෆිසර් බෝගම් !!
නම්ජුන් හිටියේ ලිවින්ග් රූම් එකේ ලොකු කල්පනාවක..ඒත් එක්කම යූන්ගි එක්ක මාලිගාවට ආපු ප්‍රධාන පොලිස් පරීක්ෂක පාර්ක් බෝගම් නිසා නම්ජුන්ගේ අවධානේ බිදුනා..
🐭 සමාවෙන්න උතුමාණනි මේ වෙලේ ආවට..
🐨 ඒකට කමක් නෑ බෝගම්..වාඩි වෙන්න..
නම්ජුන් යාන්තම් හිනාවක් දාගෙන වාඩි වෙන්න කිව්වාත් බෝගම් යූන්ගිගේ මූන බැලුවා..එයාලා දන්නවා නම්ජුන් ගොඩක් හොද කෙනෙක් කියලා..ඒත් නම්ජුන් කියන්නේ එයාලගේ රජතුමා..ඒ නිසා එයාලට බෑ නම්ජුන් එක්ක සම ආසන වල වාඩි වෙන්න..ඒ නිසා බෝගම් පැකිලෙනකොට නම්ජුන්ට තේරුනා බෝගම් එයා නිසා අපහසුවෙන් කියලා..
🐨 වාඩිවෙන්න බෝගම්..කුමාරයා කාලෙදි අපිට එකට කොලේජ් එකේ වාඩිවෙලා ඉන්න පුලුවන් නම් ඇයි දැන් ඉන්න බැරි..
🐭 ඒත් උතුමාණනි..
🐨 එක්කෝ වාඩි වෙන්න..නැත්තම් කැප්ටන් යූන්ගි එක්ක දෙන්නාටම දිගටම හිටගෙන ඉන්න පුලුවන්..
නම්ජුන් තද ස්වරූපයෙන් කියනකොට බෝගම් වගේම යූන්ගිත් ඉක්මනට වාඩි වුනා..එයාලා දන්නවා නම්ජුන් කොච්චර හොද උනත් කිව්වොත් කිව්වා කියලා..කේන්ති ගියපු නම්ජුන් කියන්නේ ජින්ට හැර පාලනය කරන්න අමාරු කෙනෙක්.
🐨 හරි එහෙනම් අපි කතා කරමු..
නම්ජුන් කකුලක් පිට කකුලක් දාගෙන ගාම්බීර විදියට අහනකොට බෝගම් කතා කරන්න පටන් ගත්තා..
🐭 මුලින්ම සමාවෙන්න රජතුමනි ඊයේ උන සිදුවීමට...අපෙ අරාක්ෂාවේ ප්‍රශ්න නිසායි මේ දේවල් උනේ..ඒ වගේම අපි දැනගෙන හිටියේ නෑ ක්‍රවුන් ප්‍රින්ස්ගේ පර්සනල් බොඩිගාර්ඩ් ප්‍රින්ස් ජිමින් කියලා..
🐨 ඔයාලගේ වැරැද්ද කියලා තේරුම් ගත්තා නම් හොදයි...ඒ වගේම ජිමින් කැමති උනේ නෑ එයා ගැන ඇත්ත හෙලි කරන්න..ඒකයි ඔයාලා කිසිම කෙනෙක්ට ඒ ගැන කිව්වේ නැත්තේ..
නම්ජුන් මුල ටික කට කොනේ හිනාවක් එක්ක කියලා අන්තිම ටික ලොකු හුස්මක් පිට කරන ගමන් කියනකොට එයාලට තේරුනා නම්ජුන් ඉන්නේ හැගීම් ගොන්නක් හිර කරගෙන කියලා..
YOU ARE READING
A Stranger To The Palace || TK | YJH | NJ || Completed
Fanfictionආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...! තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ.. හරි කලාතුරකින්... Taekook Namjin Yoonminseok