chapter 11

695 135 22
                                    

වූන් හිටියේ cctv බලාගෙන ජන්ග්ගුක් ටේහ්‍යුන් දෙන්නාට යන්න ඕන විදිය කියන ගමන්...ඉස්සරහ ඉන්න ගාර්ඩ් එකේ ගාන, යන්න ඕන තැනට දුර වගේම හැරෙන්න ඕන තැන් පවා වූන් ගානට ටේකුක් දෙන්නාටම කිව්වා..ඒ නිසා ටේහ්‍යුන්ට බේස්මන්‍ට් එකට යන්න ලේසි උනා..

🐧🎙️ ටේ හ්‍යුන්ග් ඉස්සරහ දකුණු පැත්තට වෙන්න දෙන්නෙක් ඉන්නවා...එතන තියෙන දොරෙන් පහලට බැහැලා වම් පැත්තට හැරෙන්න ඕන බේස්මන්‍ට් එකට යන්න..

🐯🎙️ ඕකේ වූන් !!

ටේහ්‍යුන් වූන් කියපු විදියට ඉස්සරහ ඉන්න දෙන්නාට හොරෙන්ම වෙඩි තියලා බේස්ට්මන් එකට යන්න පටන් ගත්තාත් ජන්ග්ගුක් නම් හිටියේ ලොකු ප්‍රශ්නෙක හිර වෙලා..මොකද තමන්ගේ ඇස් ඉස්සරහ තියෙන රූපේ එයාට විශ්වාස කරගන්න බැරුව හිටියේ..

🐅 ඔයා ටේටේව දන්නවාද ??

ජන්ග්ගුක් කන්න වගේ ටේයොන් දිහා ඇසුත් ලොකු කරන් බලන් ඉන්නකොට ටෙයොන්ට උනත් ඒ ඇස්වලින් ලොකු හුරුපුරුදු බවක් දැනුනා..ඒ හැරත් එයාට වෙන්න ගිය කරදරෙන් බේරගත්තේ මේ කෙනා නිසා මූනක් නොපෙනුනත් ඒ හුරුපුරුදු අහංකාර ඇස් ටේයොන් දෙපාරක් නොහිතා විශ්වාස කරා..

🐇 කවුරු ??

ටේයොන් කතා කරාම තමයි ජන්ග්ගුක් හරි සිහියට ආවේ...එතකම් ජන්ග්ගුක් හිටියේ හුරුපුරුදු පෙනුම එක්ක ඒ දුඹුරුපාට දිලිසෙන ඇස් ඇතුලේ ගිලිලා..

🐅 ටේටේ අලේ..ඔයා ටේටේව දන්නවාද ??

🐇 ක..කවුද ටේටේ කියන්නේ ??

🐅 මන්...මායි ටේටේ...ඔයා ටේටේව දන්නවාද ??

ටේයොන් තොල් උල් කරන් ඇස් බෝල කරන් හුරතල් විදියට අහනකොට ජන්ග්ගුක් එක දෙයක් තේරුම් ගත්තා..මේ ජන්ග්ගුක් දන්න එම්ස්වුඩ්වල කිරුල හිමි කුමාර කිම් ටේහ්‍යුන් නෙමෙයි..මොකද ගුක්ට හොදටම විශ්වාසයි ටේහ්‍යුන්ට ඔහොම හුරතල් විදියට කතා කරන්න බැහැ..ඒ වගේ ටේහ්‍යුන් මලාට එයාට ටේටේ වගේ කියුට් නේම් එකක් දාගන්නේ නෑ..බෙයාර් කියන එක පොඩි කාලෙ ඉදන් හුරුවෙලා තිබ්බ නිසා ඒක ගානක් නොවුනත් නම්ජින් දෙන්නා හැරෙන්න පිට කෙනෙක් ටේහ්‍යුන්ට බෙයාර් කිව්වොත් ටේහ්‍යුන් ඉන්නේ ගිනිපිට වෙන ඇස්වලින් ඒ කෙනාව පුච්චලා දාන ගමන්..ඉතින් ජන්ග්ගුක්ට දැන් හොදටම ශුවර් එයාගේ ඉස්සරහ ඉන්නේ ටේහ්‍යුන් නෙමෙයි කියලා..

A Stranger To The Palace || TK | YJH | NJ || Completed Where stories live. Discover now