chapter 21

610 128 13
                                    

🐰 ජන්ග්කුක් / කුකි
🐯 ටේහ්‍යුන්

🐇 ජන්ග්ගුක් / ගුක් / ගුකි
🐅 ටේයොන්

🐱 යූන්ගි
🐥 ජිමින්
🦄 හෝසියොක්

🐹 ජින්
🐨 නම්ජුන්

🐧 වූන් කුමාරයා

😈 බ්ලැක් ඩ්‍රැගන්

..............................................................................................

🐹 අප්පා...මගේ පැටියට කොහොමද දැන් ??

ටේයොන්ව පරීක්ෂා කරාට පස්සේ ජින් එයාගේ අප්පාගෙන් ඇහුවේ එයාගේ අප්පා ඉන්නේ ලොකු කල්පනාවක කියලා තේරුන නිසායි..

🐚 ම්ම්...දැන් නම් ප්‍රශ්නයක් නෑ ජිනි...මන් නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නේ..ඒත්...

🐨 ඇයි අප්පා ඒත් කියන්නේ ??

නම්ජුන් ඇහුවේ හුගක් කලබල වෙලා..ඇත්තටම එයාට ඕන නෑ මේ ඉන්නේ එයාගේ බෙයාර් නොවුනත් එයාටත් කරදරයක් කියලා හිතන්න..මොකද මේ දවස් ටිකට නම්ජුන් උනත් ඒ හුරතලේ ඉස්සරහ මෙල්ල වෙලා තියෙන්නේ..

🐚 මේකයි උතුමාණනි...

🐨 අප්පා !! මෙතන කවුරුත් නෑනේ..ඒ නිසා උතුමාණනි කෑලි ඕන නෑ...ඉස්සර වගේ ජුනී කියන්න !!

නම්ජුන් මූනත් බෙරි කරන් කියනකොට ඩොක්ටර් පාර්ක්ට හිනා ගියා..ඇත්තටම ලොකු ලමයෙක් ඉන්න අප්පා කෙනෙක් උනත් නම්ජුන් තාමත් එයා ආදරේ කරන අයත් එක්ක හුරතල් වෙන්න කැමති කියලා ඩොක්ටර් පාර්ක් දන්න කාරණයක්..ඇත්තටම නම්ජුන්ගේ තාත්තා ගොඩක් නපුරු දරදඩු චරිතයක් නිසා නම්ජුන්ට අප්පාගේ කියලා ආදරයක් ලැබුනේ ජින්ගේ තාත්‍තගෙන්..ජින්ටත් ජිමින් හම්බුවෙනකොට ජින්ගේ අම්මා නැති උන නිසා ජින්ටයි ජිමින්ටයි අම්මාගේ උනුහුම ලැබුනේ නම්ජුන්ගේ අම්මාගෙන්..නම්ජුන්ගේ තාත්තා කොච්චර නපුරු උනත් එයාගේ අම්මා නම් ගොඩක් හොද නිරහංකාර චරිතයක්..දෝවගර් රැජින එක්ක ජින් කොච්චර වලි දාගත්තාත් ජින් උනත් දෝවගර් රැජිනට හුගක් ආදරෙයි..

🐚 අරස්සෝ අරස්සෝ ජුනී !!

ඩොක්ටර් පාර්ක් එහෙම කියලා නම්ජුන්ගේ කොන්ඩේ අවුස්සනකොට නාකි හුරතලේ දිහා බලන් ජින් නම් ඉරිසියාවට ඇස් රෝල් කරේ නම් නෑලු හොදේ..

A Stranger To The Palace || TK | YJH | NJ || Completed Where stories live. Discover now