🐰 ජන්ග්කුක් / කුකි
🐯 ටේහ්‍යුන්🐇 ජන්ග්ගුක් / ගුක් / ගුකි
🐅 ටේයොන්🐱 යූන්ගි
🐥 ජිමින්
🦄 හෝසියොක්🐹 ජින්
🐨 නම්ජුන්🐧 වූන් කුමාරයා
😈 බ්ලැක් ඩ්‍රැගන්
..............................................................................................
20 years ago
💥 ඒයි නම්ජුන් !! මතකනේ බැට් එක..අද ඔයා කොහොම හරි තනියම ගිහින් අර පාලු පිට්ටනියේ ගහේ එල්ලිල තියෙන බෝලේ ගෙනත් දෙන්න ඕන !!
🐨 ඕකේ !!
කිම් නම්ජුන්...එම්ස්වුඩ් වල දගකාර කිරුල හිමි කුමාරයා..නම්ජුන් කොච්චර දගයිද කියනවා නම් එයා කරන වැඩ නිසා සමහර වෙලාවට ගාර්ඩ්ලටත් යන එනමන් නැති වෙනවා..අවුරුදු දහතුනක් උන ජූන්ට තියෙන්නේ එසේ මෙසේ දැගලිල්ලක් නෙමෙයි..අනිත් එක ජූන් ඕනම කෙනෙක් එක්ක කතා කරනවා...රටේ කිරුල හිමි කුමාරයා කියලා ජූන්ගේ යාලුවන්ට නම් ඒක ප්‍රශ්නයක් උනේ නෑ..ජූන් එක්ක ඉන්නකොට රජ සැප විදින්න පුලුවන් නිසා ජූන්ට යාලුවෝ වැහි වහලා..ඒත් ඉතින් එයා දන්නවා එයාට යාලුවෝ ඉන්නේ වාසියට කියලා..ඒ කොහොම උනත් ජූන්ගේ ඩැඩා නම් ජූන් මෙහෙම සාමාන්‍ය මිනිස්සු ආශ්‍රය කරනවට කැමති නෑ..ඒ නිසාම ජූන් මේ වෙනකොට යන්නේ එම්ස්වුඩ් වල තියෙන සල්ලිකාර ලමයි විතරක්ම යන කොලේජ් එකකට...ඉතින් මේ කොලේජ් එකේ ලමයිගේ සිහින කුමාරයත් ජූන්ම තමයි..
🐨 දැන් කොහොමද මෙ පිස්සු ගාර්ඩ් එකෙන් බේරිලා පැනලා යන්නේ ??
ජූන්ගේ වැඩ දන්න නිසාම එම්ස්වුඩ් වල දැන් රජතුමා, ජූන්ගේ ඩැඩා හැමතැනම ගාර්ඩ් එක දාලා තිබ්බේ..කොලේජ් එක ඇතුලේ විතරයි ජූන්ට ගාර්ඩ් එකක් හිටියේ නැත්තේ...ජූන් කියන්නේ එයාට චැලේන්ජ් කරන ඕනම කෙනෙක්ගේ චැලෙන්ජ් එකක් බය නැතුව බාරගන්න කෙනෙක්...ඉතින් දැන් ලැබුන චැලේන්ජ් එකත් බය නැතුව බාර ගත්තට මොකද ජූන්ට ගාර්ඩ්ලගෙන් බේරිලා පාලු පිට්ටනියට යන එක ලේසි නෑ...ඉතින් එයාගේ සුපිරි මොලේ පාවිච්චි කරලා ජූන් කරේ කොලේජ් එකේ පිටිපස්ස ගේට් එක ලග තියෙන ලොකු පයින් ගහට නැගලා තාප්පෙන් පැන්න එක...
![](https://img.wattpad.com/cover/320941408-288-k707955.jpg)
YOU ARE READING
A Stranger To The Palace || TK | YJH | NJ || Completed
Fanficආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...! තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ.. හරි කලාතුරකින්... Taekook Namjin Yoonminseok