🐰 ජන්ග්කුක් / කුකි
🐯 ටේහ්‍යුන්🐇 ජන්ග්ගුක් / ගුක් / ගුකි
🐅 ටේයොන්🐱 යූන්ගි
🐥 ජිමින්
🦄 හෝසියොක්🐹 ජින්
🐨 නම්ජුන්🐧 වූන් කුමාරයා
😈 බ්ලැක් ඩ්‍රැගන්
..............................................................................................
🐰 හ්..හ්‍යුන්ගී...
ජන්ග්කුකී හීනි හඩකින් මුමුනන ගමන් ෆයිල් එකක් තුරුල් කරන් අඩන ටේහ්‍යුන් ලගට ගියාත් ටේහ්‍යුන් නෙමෙයි කුකී දිහා බැලුවේ..එහෙම්ම හොරෙන් කුකී බැලුවේ තාමත් ඇදේ නිදන් ඉන්න ටේයොන් දිහා..කුකීගේ ඇස් ටේහ්‍යුන් ටේයොන් අතර කලබලෙන් දුවනකොට එතනට ආව ගුක් කුකීගේ චූටි අත්වලින් අල්ලගත්තා..
🐇 මන් ඔයාගේ ටේටේ හ්‍යුන්ගී ලග ඉන්නම්..ම්ම්...පුලුවන් නම් එයාව බලන්න..ම..මන් හිත් හදන්න දක්ෂ කෙනෙක් නෙමෙයි..
ගුක් බෙල්ල පිටිපස්ස අතගාන ගමන් කියනකොට ගුක්ට හිනා උන කුකී ටේයොන් ලගින් ඇස් අරන් එයාගේ සම්පූර්ණ අවදානේ ටේහ්‍යුන්ට දුන්නා..මොකද කුකීට ගුක්ගේ වචන කෙසේ වෙතත් ඇස් විශ්වාසයි..
🐰 හ්‍යුන්ගී මන් දිහා බලන්නකෝ..
ජන්ග්කුක් ක්ලචර්ස් වලින් පහත් වෙලා බිම වාඩිවෙනගමන් ටේහ්‍යුන්ට කතා කරාම ඔන්න එවෙලේ නම් ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ ඇස් දිහා බැලුවා..ටේහ්‍යුන්ගේ කොල පාට ඇස් අඩලම රතුවෙලා තියෙනකොට කුකීට දැනුනේ දරාගන්න බැරි තරම් වේදනාවක්...ඒ බම්බි ඇස්වලත් කදුලු පිරෙනකොට කුකී එයාගේ අත් ඈත් කරලා මේ වෙලේ ටේහ්‍යුන්ට ඕනම දේ කාගෙ හරි උනුසුමක් කියලා තේරුම් අරන් ටේහ්‍යුන්ට එයාගේ තුරුලට එන්න අවසර දුන්නා..කුකීගේ ඇස් දිහා ටිකක් වෙලා බලන් හිටිය ටේහ්‍යුන් ඉක්මනට ඇවිල්ලා කුකීව බදාගෙන අඩන්නගන්නකොට ජන්ග්කුක් මුකුත්ම නොකිය ටේහ්‍යුන්ගේ පිට අතගෑවා..
🐰දැන් ඇඩුවා ඇති නපුරු කුමාරයෝ..
🐯 ඔයා කියන එක ඇත්ත බැම්බී...මන් මහ නපුරු කුමාරයෙක්...මාව පනවගේ පරිස්සම් කරපු ඩැඩාටම මිනීමරුවා කියලා බනින්න තරම් මන් නපුරු කුමාරයෙක් බැම්බී..
YOU ARE READING
A Stranger To The Palace || TK | YJH | NJ || Completed
Fanficආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...! තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ.. හරි කලාතුරකින්... Taekook Namjin Yoonminseok