Double update ( 25 කියවලා එන්න 😁 )
එදා හොබි හිටියේ හුගක් දුකින්...එයාගේ බර්ත්දේ එක කාටවත්ම මතක තිබ්බේ නෑ..අනාථ නිවාසේ මැඩම් හොබීට විශ් කරලා ගියත් හොබිට ඕන කෙනාගෙන් කෝල් එකක්වත් හොබීට ලැබුනේ නෑ..ඉතින් පුංචි හොබී හිටියේ හුගක් වේදනාවෙන්..චුට්ටක් හරි එයාගේ හිත හැදුනේ ජින්ගෙන් එයාට ආපු විශ් එකට විතරයි...ඒත් හොබීට ඕන එයාගේ මෝඩ පූස් තඩියාගෙන් විශ් එකක් !!
" හොබියා..හැපි බර්ත් දේ !! " කියලා යූන්ගි කෑ ගහහෙන ඇවිල්ලා හොබීව චප්ප කරලා බදාගෙන වෙනදා වගේම විශ් කරනවා බලන්නයි හොබීට ඕන උනේ...ඒත් හවස් වෙනකම් හිටියත් හොබීගේ මෝඩ පූස් තඩියා ආවේ නෑ...හොබි දන්නේ නෑනේ ඉතින් යූන්ගිට උන කරදර...ඉතින් හොබීගේ හිත හොදටම රිදිලා තියෙනකොට හොබි එයාලගෙ අනාථ නිවාසෙ පිටිපස්සේ තිබ්බ කැලෑව දිගේ ඔහේ ඇවිදගෙන ගියා..ඒත් හොබී එහෙම්ම නතර උනේ කැලෑව ඇතුලෙන් අහුන පුංචි ලමයෙක්ගේ ඇඩිල්ලකට..
🦄 මේ මහ කැලේ කොහෙන්ද පුංචි බබාලා ??
එයාටම කියාගත්ත හොබී හිමීට ඒ සද්දේ ඇහෙන පැත්තට ඇවිදගෙන යනකොට දැක්කේ මිනිස්සු දෙන්නෙක් කෑ ගහල අඩන පුංචි කොලු පැටියෙක්ව බලෙන්ම ඇදන් යනවා..ඒ පුංචි කොලු පැටියා හොදටම තෙමිලා හිටියේ..ඒ මදිවට ඒ පුංචි අතපය තුවාල වෙලා..
🦄 ඒයි කොහෙද ඔය පැටියාව අරන් යන්නේ !!
හොබී කෑ ගහගෙන එතනට ආවම ඒ මිනිස්සු දෙන්නා හොබීව ගනන් ගත්තෙවත් නෑ..
💥 තමුසෙගේ වැඩක් බලාගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා පොඩි එකෝ !!
ඒතන හිටිය එක මිනිහෙක් හොබීව තල්ලු කරලා දාලා කියලා පුංචි පැටියාව ඇදගෙන යනකොට හොබීගේ ඇස් ගියේ ඒ හුරතල් පපී ඇස්වලට..එයාට මතක් උනේම එයාවමයි..හොබීගේ ඔම්මා එයාව එපා කියලා අනාථ නිවාසේ දාලා යනකොට හොබීගේ අසරණ ඇස් ඒ පුංචි පපී ඇස් වලින් පේනකොට හොබි එතන තිබ්බ ලොකු පොල්ලක් අරන් එතන හිටපු මිනිස්සු දෙන්නාටම ගැහුවා..එකපාරටම උන දේ නිසා ඒ මිනිස්සු දෙන්නාට මුකුත්ම හිතාගන්න බැරුව පොලු පාරට සිහිය නැතුව ඇදගෙන වැටෙනකොට හොබී ඉක්මනට ගිහින් ඒ පුංචි පැටියාව තුරුල් කරගත්තා..
YOU ARE READING
A Stranger To The Palace || TK | YJH | NJ || Completed
Fanficආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...! තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ.. හරි කලාතුරකින්... Taekook Namjin Yoonminseok