🐰 ජන්ග්කුක් / කුකි
🐯 ටේහ්‍යුන්🐇 ජන්ග්ගුක් / ගුක් / ගුකි
🐅 ටේයොන්🐱 යූන්ගි
🐥 ජිමින්
🦄 හෝසියොක්🐹 ජින්
🐨 නම්ජුන්🐧 වූන් කුමාරයා
🍂 ජෙනි
🐭 සන්ග්කුක්🐾️ ජියා
..............................................................................................
ජන්ග්කුක් හිටියේ එයාගේ අතයි කකුලුයි ඔක්කොම ටේහ්‍යුන්ගේ ඇගට දාලා සැප නින්දක..එක පැත්තකින් ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ නිරුවත් පපුව උඩ ඉන්නකොට අනිත් පැත්තෙන් අවුරුදු දෙකක පුංචි ජන්ග්මි කටේ ඇගිල්ලකුත් ගහන් ටේහ්‍යුන්ගේ ඇග උඩ හිටියා..හරි පරිස්සමට පුංචි බෝල ගෙඩියගේ අතකින් අල්ලන් ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ බෙල්ල අස්සේ මූන ඔබන් නිදාගෙන හිටියේ දැක්ක ඕනම කෙනෙක්ට ආස හිතෙන විදියටයි..
සාමාන්‍යයෙන් ජන්ග්මි ඉන්නේ වෙන කාමරේක උනත් රෑ තිස්සේ ජන්ග්මිගේ ඇග ටිකක් රස්නේ නිසා ජන්ග්කුක් එයා එක්කම ජන්ග්මීව ලගින් තියාගත්තේ රෑට අමාරු වෙයි කියලා හිතලා උනත් මුලදි කෙදිරි ගගා හිටපු පුංචි කෙල්ලත් ටේහ්‍යුන්ගේ ඇග උඩින් තිබ්බාම සැප නින්දක වැටුනා..කොහොම හරි ඒකෙන් මේකෙන් උනේ ටේහ්‍යුන් ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ පපාටයි දූටයි තැලිලා නිදාගන්න උන එකයි..
රෑ තිස්සේ සැරින් සැරේ නැගිට නැගිට ජන්ග්මිගේ ඇගේ රස්නේ බලපු නිසා ටේහ්‍යුන්ට වගේම ජන්ග්කුක්ටත් ටිකක් දවල් වෙනකම්ම නින්ද ගියා..ටේහ්‍යුන් අන්තිමට ඇහැරුනේ ජිමින් උදේ පාන්දර ඇවිල්ලා දොර කඩන්න හදන නිසායි..
🐥 ඒයි තඩි කොටියෝ !! නැගිටිනවා !!
දොර ලග ඉදන් දොරට ගගා කෑ ගහන ජිමින්ගේ පරම්පරාවම මතක් කර කර හිමීට නැගිට්ට ටේහ්‍යුන් ජන්ග්කුකවයි ජන්ග්මිවයි ඇහැරවෙන්නේ නැති වෙන්න හිමින් සැරේ එයාගේ ඇගෙන් අයින් කරලා නිදිමතේ වැනි වැනි ගිහින් කාමරේ දොර ඇරියේ ජිමින්ට දෙකක් කියන්න උනත් දොර ඇරපු ක්ෂණිකයෙන් ජිමින් ටේහ්‍යුන් ව ඇදන් කාමරේ ලගින් එහාට ගිය නිසා ටේහ්‍යුන්ට උනේ මොකක්ද කියලවත් හිතාගන්න වෙලාවක් තිබ්බේ නෑ..
![](https://img.wattpad.com/cover/320941408-288-k707955.jpg)
YOU ARE READING
A Stranger To The Palace || TK | YJH | NJ || Completed
Fanfictionආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...! තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ.. හරි කලාතුරකින්... Taekook Namjin Yoonminseok