🐰 ජන්ග්කුක් / කුකි
🐯 ටේහ්‍යුන්🐇 සන්ග්කුක් / කුක්
🐅 ටේයොන්🐱 යූන්ගි
🐥 ජිමින්
🦄 හෝසියොක්🐹 ජින්
🐨 නම්ජුන්🐧 වූන් කුමාරයා
😈 බ්ලැක් ඩ්‍රැගන්
..............................................................................................
මේ වෙනකොට ටේහ්‍යුන් , ටේයොන් දෙන්නා තැන් මාරු කරලා අදට දවස් සතියක් ගිහින් තිබුනත් මාලිගාවෙන් පිට වෙන්න චාන්ස් එකක් නම් තිබ්බේ නෑ..මොකද ඒකට ලොකුම හේතුව යූන්ගි යන්න කලින් එදා එයාලා කරපු හපන්කම් නම්ජින් දෙන්නාට කියලා තිබ්බ නිසා නම්ජුන් සතිය මාසයක් දක්වා දීර්ඝ කරා..ඉතින් දැන් තව සති තුනක් ටේයොන් මාලිගාවේ ඇතුලේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඉන්න වෙනවා..ඒත් ඉතින් ටේහ්‍යුන් , ජන්ග්කුක්ගේ ගෙදර කිසිම ප්‍රශ්නයක් නැතුව හිටියට ටේයොන් නම් මේ වෙනකොට මාලිගාවම අනිත් පැත්ත ගහලා තිබ්බේ..
තත්ත්වේ හරිම සරලයි..
ජිවිතේට මනුස්සයෙක්ගේ මූනක් බලලා හිනා නොවෙන කිරුල හිමි කුමාරයා උදේ පාන්දරම නැගිට්ට ගමන් ගාර්ඩ්ලටයි , මේඩ්ලටයි කට පුරා හිනා වෙලා ගුඩ් මෝර්නින්ග් කියනකොට, කොයි වෙලෙත් ඩාර්ක් කලර්ස් ඇදුම් අදින කිරුල හිමි කුමාරයා පාට පාට ඇදුම් ඇදන් මාලිගාව පුරාම හිනා වෙවී දුවනකොට , ජිවිතේට ජන්ග්ගුක් - ටේහ්‍යුන් හොදින් කතා කරනවා දැකලා නැති හැමෝම කොයි වෙලෙත් ජන්ග්ගුක් කිරුල හිමිකුමාරයාගේ කාමරේ ඉදන් එලියට එනකොට, බැලුවොත් ඇත්නම් මුල්ලක් අල්ලන් දෙන්නා එක්ක හිනාවෙවී කුටු කුටු ගගා ඉන්නකොට, හැමෝමටම බටු ඇටේ වගේ ඉදන් බුරන කිරුල හිමි කුමාරයාගේ බලු කුක්කා ටැනියා කිරුල හිමි කුමාරයටම බුරනකොට මාලිගාවම අනිත් පැත්ත ගැහෙන්නේ නැතුව තියෙයිද ??
ඉතින් මේ දේවල් හින්දා මාලිගාවේ හැමෝම හිතුවේ කිරුල හිමි කුමාරයාගේ හොදම යාලුවා උන ජිමින්ට හදිසියේම උන දේ නිසා කුමාරයා මානසිකව වැටිලා ඉන්නවා කියලයි..අහ්ම් හරි අපි මෙහෙම කිව්වොත්, ඇත්තටම කිරුල හිමි කුමාරයට පිස්සු හැදිලා කියලා මාලිගාව පුරාම පැතිරෙව්වේ වූන් කුමාරයා කියලා ඔයාලා පිලිගන්නවාද ??
YOU ARE READING
A Stranger To The Palace || TK | YJH | NJ || Completed
Fanfictionආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...! තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ.. හරි කලාතුරකින්... Taekook Namjin Yoonminseok