අවුරුදු 15ක පුංචි කුමාරයා මාලිගාවෙන් එයාගේ හොදම යාලුවා එක්ක හොරෙන්ම එලියට පනින්නේ හිර උන ජීවිතේ තිත්ත වෙලා තිබ්බ නිසායි..ලයිසන්ස් නැතත් යාලුවාවත් දාගෙන එයාගේ අප්පාගේ කාර් එක ගත්ත කුමාරයා මාලිගාවේ හිර උන ජිවිතෙන් තප්පරේකට හරි මිදෙන්න පුළුවන් උන එකේ සතුට සමරන ගමන් කාර් එක උපරිම වේගෙන් ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා...හැබැයි කුමාරයා මොහොතකටවත් හිතන්නේ නැතුව ඇති එයාගේ මේ වේගේ පුංචි පවුලක විනාසයක් ඇති කරයි කියලා..
යාලුවා කොච්චර හිමින් යන්න කිව්වාත් පාලු පාරේ මහ වැස්සේ පුළුවන් උපරිම වේගෙන් ඩ්‍රයිව් කරන් ගිය වාහනේ එකපාරටම බැලන්ස් නැතුව ගිහින් ඉස්සරහින් ආපු කාර් එකේ සයිඩ් එකේ වැදිලා කුමාරයාගේ කාර් එක ගිහින් ගහක වැදිලායි නතර උනේ...බ්‍රෑන්ඩ්නිව් ශක්තිමත් කාර් එකක් නිසාද නැත්තන් කුමාරයයි එයාගේ යාලුවාගෙයි වාසනාව නිසාද මන්දා සුලු හානි තිබ්බාත් එයාලා දෙන්නාගේ ජිවිතේ බේරුනා..
ඒත් එයාලගේ කාර් එකේ වැදුන පුංචි කාර් එක වැස්ස නිසාමද කොහෙද විසික් වෙලා ගිහින් ඉස්සරහ තිබ්බ පාලමේ බැම්ම කඩාගෙන කාර් එක ගගට වැටුනේ ඒක ඇතුලේ හිටපු පුංචි පවුලේ මුලු ජිවිතේම තප්පරේකට විනාස කරලයි..
= කු..කුමරුනි ඔබ හොදින්ද ??
ටික වෙලාවක් ගිහින් උන දේ ඔලුවට ආපු ගමන් කුමාරයාගේ හොදම යාලුවා කුමාරයගෙන් ඇහුවාම කුමරු ඔව් කියලා ඔලුව වනලා කෙලින්ම කාර් එකෙන් බැහැලා දිව්වේ එයාගේ කාර් එකේ වැදුන කාර් එක වැටුන පාලම ලගටයි..පුළුවන් උපරිමෙන් එතනට දුවගෙන ගියපු කුමාරයා දැක්ක එකම දේ එතනම පුංචි කොලු පැටියෙක් වැටිලා ඉන්න විදියයි..ගං පතුලට ගිලුනු කාර් එකේ කිසිම සාක්ෂියක් නැති වෙනකොට කුමාරයා ඒ අසල වැටිලා හිටිය පොඩි දරුවාව අතට ගත්තා..යාන්තම් හිස පැලිලා ලේ ගිහින් තිබ්බ පුංචි කොලු පැටියාට සිහියක් තිබ්බේ නෑ...කාර් එකේ හිටපු අයගෙන් මේ පුංචි පැටියා විතරක් වාසනාවන්ත උනේ කොහොමද කියලා තේරුම් ගන්න බැරි උනත් කොහොම හරි කාර් එක ඇතුලේ හිටපු පුංචි පවුලෙන් ඉතුරු උනේ මේ හුරතල් කොලු පැටියා විතරයි..

YOU ARE READING
A Stranger To The Palace || TK | YJH | NJ || Completed
Fanfictionආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...! තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ.. හරි කලාතුරකින්... Taekook Namjin Yoonminseok