chapter 35

602 120 11
                                    

🐰 ජන්ග්කුක් / කුකි
🐯 ටේහ්‍යුන්

🐇 ජන්ග්ගුක් / ගුක් / ගුකි
🐅 ටේයොන්

🐱 යූන්ගි
🐥 ජිමින්
🦄 හෝසියොක්

🐹 ජින්
🐨 නම්ජුන්

🐧 වූන් කුමාරයා

😈 බ්ලැක් ඩ්‍රැගන්

..............................................................................................

ටේහ්‍යුන් ජන්ග්කුක් එක්ක හැමෝම වරායේ ඉදන් කෙලින්ම හොස්පිටල් එකට ගියේ ගුක්ගෙයි ලීවූක්ගෙයි තත්ත්වේ බලන්නත් එක්කමයි..එයාලත් එක්කම සන්ග්කුක් ජෙනී දෙන්නාත් හොස්පිටල් එකට ආවත් එයාලා හැමෝම දැක්කේ අඩන වූන්වයි ටේටේවයි තුරුල් කරන් පුටුවක වාඩි වෙලා ඉන්න හොබීවයි..

🐯 ටේටේ ??

ටේහ්‍යුන් ඉක්මනට ටේටේ ලගට ලන් වෙනකොට අඩන ගමන් හිටපු වූන් වගේම ටේයොනුත් ඔලුව උස්සලා ටේහ්‍යුන් දිහා බැලුවා..

🐅 හ්‍යුන්ග් මගේ ගුකී !!

ටෙයොන් පැනපු ගමන් ටේහ්‍යුන්ට තුරුල් වෙලා අඩනකොට හැමෝටම ඇත්තටම හුගක් බය හිතුනා..එයාලා දැක්කා ගුක්ව එවනකොටත් එයාගෙන් හුගක් ලේ ගිහින් තිබ්බේ කියලා..

🐰 ටේටේ මගේ හ්‍යුන්ගීට මොකද උනේ ??

ටේටේ අඩන නිසා කුකීත් අඩාගෙන ම ටේටේ ලගට ආවම ටේහ්‍යුන් අනිත් අතින් කුකීවත් එයාට තුරුලු කරගත්තා..ටේටේ මුකුත්ම නොකිය අඩන නිසා හැමෝම හොබීගේ දිහා බැලුවේ එයාවත් උත්තරයක් දෙයි කියන බලාපොරොත්තුවෙන්..

🦄 ඒ දෙන්නාටම ටිකක් අමාරුයි බෙයාර්..ගුකීගේ හුගක් ලේ ගිහින් තාම ඔපරේශන් එකේ..වූක්ගේ ජිවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියලමයි ඩොක්ටර් ඔපරේශන් එකට ගත්තේ..

අඩලා අඩලාම හෙම්බත් වෙලා ඉන්න වූන්ගේ ඔලුව අතගාන ගමන් හොබි කියනකොට හැමෝගෙම ඇස් නතර උනේ පුංචි වූන් ලග..එක දවසට උන කරදර ඔක්කොම ඒ හුරතලේට බර වැඩියි..

🐥 වූන් මැණික ??

ටේටේයි කුකීයි දෙන්නාම ටේහ්‍යුන්ව බදාගෙන අඩනකොට ජිමින් හිමීට ලන් උනේ හොබීගේ තුරුලේ ඉදන් අඩන වූන් ලගටයි...අඩල අඩලාම හෙම්බත් වෙලා තියෙන ඒ මූන දැක්කාම දකින ඕනම කෙනෙක්ගේ හදවත නතර වෙනවා..ඒ පුංචි වයසට කොහොම මේවා දරාගන්නද ?? ජිමින් ලගට ආපු ගමන් ජිමින්ගේ ඔඩොක්කුවේ වාඩි උන වූන් ජිමින්ව බදාගෙන හයියෙන් අඩනකොට ජිමින්ගේ දෙපැත්තෙන් වාඩි උන යූන්ගි හොබි දෙන්නා අඩන වූන් දිහා බලන් හිටියේ හරිම අසරණව..

A Stranger To The Palace || TK | YJH | NJ || Completed Where stories live. Discover now