🐰 ජන්ග්කුක් / කුකි
🐯 ටේහ්යුන්🐇 සන්ග්කුක් / කුක්
🐅 ටේයොන්🐱 යූන්ගි
🐥 ජිමින්
🦄 හෝසියොක්🐹 ජින්
🐨 නම්ජුන්🐧 වූන් කුමාරයා
😈 බ්ලැක් ඩ්රැගන්
..............................................................................................
@ Hoseok's house
ටේහ්යුන් ඇගේ අමාරුවත් එක්ක ඇස්වලට වැටුන ඉර එලිය නිසා අමාරුවෙන් ඇස් අරින්න ට්රයි කරත් එයාට දැනුනේ එයාගේ ඇස් ගම් ගාලා අලවලා වගෙයි..
නහයට දැනෙන නුපුරුදු සුවද නිසාම ඇස් අරින්නත් කලින්ම ටේහ්යුන් දැනගත්තා එයා ඉන්නේ එයාගේ රූම් එකේ නෙමෙයි කියලා..මොකද අහංකාර ටේහ්යුන් කුමාරයාගේ කාමරේ හැම වෙලේම සදුන් මික්ස් උන රෝස සුවදින් පුරවන්න මාලිගාවේ සේවකයෝ කටයුතු කරලා තිබ්බා..ඒත් දැන් ටේහ්යුන්ට දැනුනේ නැවුම් පස්වල සුවද..හරියට කාලෙකට පස්සේ වැස්සම එන ෆ්රෙෂ් සුවද..ඒ නිසාම ටේහ්යුන්ට ඕන උනා අමාරුවෙන් හරි ඇස් ඇරලා බලන්න එයා ඉන්නේ කොහෙද කියලා බලන්න..
🐰 ඔහ් ඔයා නැගිට්ටාද ??
ටේහ්යුන් ඇස් ඇරපු ගමන්ම ඇහුනේ පුංචි හුරතල් කටහඩක්..ඒ එක්කම බම්බි ඇස් දෙකක් එයාගේ ඇස්වලට එබෙනකොට ටේහ්යුන්ගේ මූනට පුංචි හිනාවක් ආවත් කතා කරන්න තරම් එයාට ඇස් ඇරපු ගමන් පනක් තිබ්බේ නෑ..
🐰 මොකද හිනා වෙන්නේ ?? කුකීව දැක්කාම හිනා යනෝද ??
තොල් උල් කරන් ඇස් බෝල කරන් කතා කරන පුංචි හුරතලේ දිහා ටේහ්යුන් බලන් ඉදලා එයාගේ එක අතක් හරිම පරිස්සමින් පුංචි හා පැටියාගේ කම්මුලෙන් තිබ්බාම ටේහ්යුන් දැක්කා හා පැටියාගේ ඇස් එලියට පනින්න තරම් ලොකු වෙනවා..
🐯 බැ..බැම්බී....
🐰 බම්බු !! ඒ කවුද ??
ටේහ්යුන්ගේ ලොකු අත තමන්ගේ කම්මුලේ තියාගන්න දීලා ජන්ග්කුක් තොල් උල් කරන් ඇහුවේ එයා මීට කලින් බම්බු කියලා කෙනෙක් ගැන අහලා නැති නිසායි...හරියටම කිව්වොත් ටේහ්යුන් එයාට අමාරුවෙන් බැම්බි කියන හැමවෙලේම පුංචි හා පැටියට ඇහෙන්න ඒක බම්බු කියනවා වගේ..ඉතින් ඒ පුංචි මොලෙන් එයා හරි හරියට කල්පනා කරා උන බම්බු ගැනද එයාගේ ඉස්සරහ ඉන්න එයාගේ හ්යුන්ග් වගේ කෙනා හැමවෙලේම අහන්නෙ කියලා..ඒ නිසාම ඉතින් එයාට සිහියක් නෑ අර එයාගේ හ්යුන්ගීගේ කොපිය එයාගේ මූන අල්ලගෙන ඉන්නේ කියලාවත්..
YOU ARE READING
A Stranger To The Palace || TK | YJH | NJ || Completed
Fanfictionආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...! තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ.. හරි කලාතුරකින්... Taekook Namjin Yoonminseok