🐨 බෙයාර් ඔයා 2 මිනිට් ලේට්ස්..
ටේහ්‍යුන් මාලිගාවට ඇතුලු වෙනකොටම දොර ලග ඉදන් නම්ජුන් කියනකොට ටේහ්‍යුන් නම්ජුන්වත් ගනන් නොගෙන කඩාගෙන බිදගෙන ගියේ ජිමින් මාලිගාවට ආවම නතර වෙන ජිමින්ගේ කාමරෙට..
🐯 ගුක් ආවද ??
ඇතුල් වෙනකොටම වොශ් රූම් එකේ ඉදන් එලියට ටවල් එක විතරක් ඇදන් ආව ජිමින් ටේහ්‍යුන් එයාගේ කාමරේ ඉදන් එහෙම අහනකොට ගැස්සිලා ගියා..ශර්ට් එකක්වත් නැතුව ඉන්නේ කියලා මතක් වෙලා අත් දෙකෙන් ඇග වහගත්තාත් ආයි ටේහ්‍යුන් කොහොමත් එයාව ඇදුම් නැතුවත් දැකලා තියෙන නිසා ජිමින් සුපුරුදු කට කොනේ හිනාව දාගෙන ටේහ්‍යුන් ලගට ආවා..
🐥 මොකද ආපු ගමන් ගුක්ව හොයන්නේ ?? මට මතකයි එක්කෙනෙක් කිව්වා එයාට ගුක්ව පේන්න බැහැ කියලා..
🐯 විකාර කතා නොකර ගුක් ආවද කියනවා ජිමින් !!
ටේහ්‍යුන් කවදාවත් නැතුව කේන්තියෙන් ජිමින්ට කෑ ගහනකොට ජිමින් බයටම ඔව් කියලා ඔලුව වැනුවා..මොකද ඒ කොල ඇස් කේන්‍ති ගියාම බලන්න බයයි...කොච්චර හොද ෆයිටර් කෙනෙක් උනත් ඒ ඇස්වලට බය හිතෙනවා..
🐯 කොහෙද ඉන්නෙ ??
🐥 පූස්ගේ රූම් එකට එහාපැත්තේ එකේ..
ජිමින් කියලා ඉවර වෙන්නත් කලින් දොරත් හයියෙන් වහගෙන ගියපු ටේහ්‍යුන් කඩාගෙන බිදගෙන ගියේ ජන්ග්ගුක්ගේ කාමරේ පැත්තට..ඒ පැත්තට දුවගෙන ගිය ටේහ්‍යුන් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගුක්ගේ කාමරේට ගියත් ටේහ්‍යුන් යනකොට ජන්ග්ගුක් කාමරේ හිටියේ කෙල්ලෙක් එක්ක ලොකු වැඩක..දොරත් ඇරන් ඇතුලට ගිය ටේහ්‍යුන් මාලිගාවේ වැඩ කරන කෙල්ලෙක්ව කිස් කරන ගමන් හිටිය ගුක්ව ඇදලා ගත්තා...උනේ මොකක්ද කියලා හිතාගන්න බැරුව හිටිය ජන්ග්ගුක්ව ඇදලා බිත්තියට හේත්තු කරපූ ටේහ්‍යුන් ඒ ඇස්වලට එබුනා..
ඒත් ඒ ටේහ්‍යුන් බලාපොරොත්තු උන ඇස් නෙමෙයි..අහින්සකකම පිරුණු බම්බි ඇස් වෙබුවට දැන් තියෙන්නේ තාමත් රාගයෙන් වගේම කේන්තියෙන් පිරුණු තියුණු ඇස්..
YOU ARE READING
A Stranger To The Palace || TK | YJH | NJ || Completed
Fanfictionආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...! තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ.. හරි කලාතුරකින්... Taekook Namjin Yoonminseok