chapter 3

806 153 9
                                    

💥 ඒයි හිගන්නා ඔහොම නතර වෙනවා..

සකුරා ගස් වල සුන්දරත්වය විදින ගමන් සන්ග්ලාස් දාලා ඉස්සරහට ඇවිදගෙන ගියපු ටේහ්‍යුන්ට කවුරු හරි කතා කරනවා ඇහුනාත් එයා ඒක ගනන් ගත්තේ නෑ..මොකද හිගන්නා කියන වචනය කොහෙත්ම ටේහ්‍යුන්ට ගැලපෙන දෙයක් නෙමෙයි...ටේහ්‍යුන්ගේ ඇදුම පැලදුම උනත් එයා වෙනුවෙන්ම හදවපුවා..ඒවා මේ ලෝකෙටම තියෙන්නේ ටේහ්‍යුන්ට විතරයි..ඉතින් හිගන්නා කියන වචනේ රිදි හැන්ද කටේ තියන් ඉපදුන ටේහ්‍යුන්ට මහ විහිලුවක් විතරයි..

💥 ඒයි ඔහොම නතර වෙනවා..තමුසෙට අපි කියන එක ඇහෙන්නේ නැද්ද ??

ටේහ්‍යුන්ගේ පිටිපස්සෙන් කොල්ලෙක් කෑ ගහගෙන දුවගෙන ආවත් ටේහ්‍යුන් නෙමෙයි හැරිලවත් බැලුවේ..එයා කොහොමත් එයාගේ ඩැඩාගෙයි පපාගෙයි අන හැරෙන්න වෙන කාගෙවත් අන පිලිපදින කෙනෙක් නෙමෙයි..

💥 ටේ ඔහොම ඉන්නවා..

අන්න ඒ පාර නම් ටේහ්‍යුන් නතර උනා..මොකද මේ වගේ පිටිසරගමක එයාට ටේ කියලා කතා කරන්න තරම් හයියක් තියෙන්නේ කාටද කියන එක ටේහ්‍යුන්ට ප්‍රශ්නයක් උනා..මොකද මේ වෙනකම් ටේහ්‍යුන්ට ටේ කියලා කතා කරන්න අයිතිය තිබ්බේ ජිමින්ට විතරයි..ඒ හැරෙන්න වෙන කිසිම කෙනෙක් ටේහ්‍යුන් නොකියා ටේ කියන්න තරම් හයියක් තිබිලා නෑ..

💥 තමුසේ මොකද දුවන්නේ..මන් කියලා තියෙනවා නේද මන් කිව්වොත් දෙයක් ඒ විදියට කරන්න කියලා..

ඒ ආපු කොල්ලා හති දාගෙන ටේහ්‍යුන්ගේ පිටිපස්සේ ඉදන් කතා කරත් ටේහ්‍යුන් එයාගේ පිටිපස්සට හැරිලා එයාට කතා කරන්නේ කවුද කියලා බලන්න උත්සාහ කරේ නෑ..මොකද කිම් ටේහ්‍යුන් ඉස්සරහට ගත්ත අඩිය පස්සට තියන කෙනෙක් නෙමෙයි..

💥 ඒයි හිගන්නා...කෝ තමුසේ මන් කිව්ව වැඩේ කරාද ??

පිටිපස්සේ හිටපු කොල්ලා එහෙම කියාගෙන ටේහ්‍යුන්ගේ ඉස්සරහට ආවත් ටේහ්‍යුන් සාක්කුවට අත් දෙක දාගෙන ඇහිබම හැකිලුවේ ඒ කොල්ලා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුවයි..

💥 වාහ් තමුසෙට කොහෙන්ද ඔච්චර ලස්සන ඇදුම් ?? වාව් සන්ග්ලාසුත් දාලා...මන් කිව්ව විදියට තමුසේ ඇගවත් විකුණුවාද හිගන්නෝ...

A Stranger To The Palace || TK | YJH | NJ || Completed Where stories live. Discover now