🐰 ජන්ග්කුක් / කුකි
🐯 ටේහ්යුන්🐇 ජන්ග්ගුක් / ගුක් / ගුකි
🐅 ටේයොන්🐱 යූන්ගි
🐥 ජිමින්
🦄 හෝසියොක්🐹 ජින්
🐨 නම්ජුන්🐧 වූන් කුමාරයා
😈 බ්ලැක් ඩ්රැගන්
..............................................................................................
මේ ලෝකේ මිනිස්සු මැරෙනකම්ම හදවතින්ම දෙන්නෙක්ට ආදරේ කරනවා..
පලවෙනි කෙනා ඔයාගේ පලමු ආදරේ..
දෙවෙනි කෙනා ඔයාගේ අන්තිම ආදරේ..
ආදරේ කියන්නේ මොකක්ද කියලාවත් හරියට නොදැන බොලද ආදරයක් අපි පටන් ගන්නේ අපේ පලවෙනි ආදරේ එක්ක...ඒත් ඒ බැදීම කොච්චර බොලද උනත් ඔයාගේ හදවත අනිත් හැම ආදර කතාවකටම වඩා ඒක හිතේ රැදෙනවා..මැරෙන මොහොතේ උනත් පලවෙනි ආදරේ මතක් උනාම දුකක් වගේ ඒ සුන්දර අතීතේ වෙනුවෙන් ලස්සන හිනාවකුත් එනවා..පලවෙනි ආදරේ අතාරින්න අමාරුයි..
කාලයක් යනකොට අපි ආදරේ ගැන, වේදනාව ගැන පලවෙනි ආදරෙන් තේරුම් අරන් නැවත නැවතත් ආදරවල පැටලෙනවා..හැබැයි අපි එක තැනක නතර වෙනවා..ඒ අපේ අන්තිම ආදරේ ලග..
අපේ අන්තිම ආදරේ කියන්නේ අපි ගන්න අන්තිම තීරණය..එයා තමයි ප්රශ්න දාහක් මැද්දේ අපි අපේ ජිවිතේ ඉස්සරහට අරන් යන්න තෝරගන්න කෙනා..ඉතින් පලවෙනි ආදරේ වගේම අන්තිම ආදරෙත් විශේෂයි..ඒ දෙකම අපේ හිතේ ලොකු ඉඩක් ගන්නකොට ඒ දෙන්නගෙන්ම සමහර තැන්වල ලොකු වේදනාවල් හිතේ ඉතුරු වෙනවා..
ඉතින් ටේහ්යුන්ට උනත් එහෙමයි...ජීහුක් ටේහ්යුන්ගේ පලවෙනි ආදරේ...ඉතින් එයාගේ හිතෙන් ජීහුක්ව ලේසියෙන් අමතක කරන්න අමාරුයි..ඒ ආදරේ නිසා දැනුන වේදනාවන් එක්ක තව ආදරේකට යන්න ටේහ්යුන් බයයි..ඒත් අපේ හැගීම් තර්ක කීරීම්වලට වඩා එහාට යනවා..අපි අපේ හැගීම්වලට සීමාවන් බැන්දට ඒවා පිට පනිනවා..ඉතින් ටේහ්යුන්ගේ හිතත් වැටකඩුලු බිදගෙන ජන්ග්කුක් ලගට ගිහින් ඉවරයි..
ජන්ග්කුක් , ඒ ටේහ්යුන්ගේ දෙවෙනි ආදරේ..ඒ වගේම ඒ අන්තිම ආදරේ වෙයි කියන දේත් ටේහ්යුන් විශ්වාස කරා..ටේහ්යුන් බලාපොරොත්තු උනා ජන්ග්කුක් එයාගේ අන්තිම ආදරේ වෙන්න කියලා..මොකද ටේහ්යුන්ට ඕන නෑ ජන්ග්කුක් කියන කෙනාට එයාගේ හදවතේ ප්රධාන තැනක් නොදී ඉන්න...ඉතින් ටේහ්යුන් හුගක් කල්පනා කරලා තීරණය කරා ජන්ග්කුක් එයාගේ පලවෙනි ආදරේ නොවුනත් අන්තිම ආදරේ කරගන්න..ඔව් ටේහ්යුන් හිත හදාගත්තා ජන්ග්කුක්ට චාන්ස් එකක් දෙන්න..
YOU ARE READING
A Stranger To The Palace || TK | YJH | NJ || Completed
Fanfictionආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...! තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ.. හරි කලාතුරකින්... Taekook Namjin Yoonminseok