👤 තමුසෙලාට ඒකවත් හරියට කරගන්න බැරිද බල්ලෝ ??
කරුවල කාමරයක කහ ලයිට් එලියක් මැද සිටි කන්ඩායමේ නායකයා කියලා කියන්න පුලුවන් පුද්ගලයා කෑ ගහනකොට කණ්ඩායමම බයට ඔලුව පහත් කරන් හිටියා...
⚔️ සොරි බොස්...අපි හිතුවේ නෑ ඌ ඉස්සරහට පනිවි කියලා..!!
👤 හිතුවේ නෑ ?? තමුසෙලා හිතලා මොනවාද කරේ කියනවා !!! ඌ මේ බ්ලැක් ටයිගර්ගෙන් බේරුන දෙවනිපාර....
⚔️ සොරි බොස් !!
💥💥💥
කණ්ඩායමේ නායකයා එහෙමත් නැත්තම් බ්ලැක් ටයිගර් එතන හිටපු එයාගේ ගෝලයාගේ ඔලුවටම වෙඩි තිබ්බේ ඔලු කට්ට කුඩුවෙලා යන්නමයි...ඒත් සමගම හිටපු හැමෝම වගේ බයෙන් බිම දනගහගත්තේ එයාලගේ ඉරනමත් බ්ලැක් ටයිගර් අතින්ම අවසන් වෙනවා කියලා දන්න නිසාමයි..
👤 සොරි බොස් සොරි බොස් ගගා හිටපන්...උබලට මන් මේ දුන්න දෙවනි චාන්ස් එක...ආයි චාන්ස් නෑ..ඉතුරු ටික මන්ම බලාගන්නම්..
⚔️ ඒත් බොස් !!
👤 කටවහගෙන හිටපන් පර##...උබලා ආයි වචනයක් හරි වැරැද්දුවොත් එක එකාව පවුල් පිටින් මන් ගිනි තියනවා...උබලා දන්නවා බ්ලැක් ටයිගර්ගේ හැටි..ගිහින් අද එන ඩීල් එක බලපන්..ලමයි කීයක් ඉන්නවාද ??
⚔️ ද..දහයයි බො..බොස්..
👤 දහයකින් මොනවා කරන්නද හු##&&...මන් උබලාට කිව්වේ හෙට වෙනකොට මට ලමයි 20ක් ඕන කියලා...මන් මොනවාද යකෝ ජේක්ට හෙට දෙන්නේ..
⚔️ අර බාර් කොල්ලා නිසායි බොස් ඔක්කොම..ඌ ඔත්තුව දුන්නේ නැත්තම් shadowට මේ ගැන දැනගන්න වෙන්නේ නෑ..
👤 ආහ්..ඌව ඉවරයක් කරපන්..ගිහින් කොහෙන් හරි තව ලමයි දහයක් උස්සපන් !! Shadow ගැන පස්සේ බලාගමු...ඌ දැන් ඕනවට වඩා මගේ දේවල් වලට ඇගිලි ගහනවා...දැන් මගෙන් මැරුම් නොකා පලයන් මෙතනින්..
බ්ලැක් ටයිගර්...එහෙමත් නැත්‍තම් එම්ස්වුඩ්වල මාර්ෆියා කින්ග්..එම්ස්වුඩ්වල ලමයෙක් අතුරුදහන් නම්, හදුනා නොගත් මලසිරුරක් හම්බුනොත් අනිවාර්යයෙන්ම ඒකට බ්ලැක් ටයිගර් සම්බන්ධයි..ඩ්‍රග් ඩීල් , වෙපන් ඩීල් වලට අමතරව අවයව සහ ලමයි ජාවාරම තමයි බ්ලැක් ටයිගර්ගේ මාෆියා වැඩ උනේ..රජයට බ්ලැක් ටයිගර්ව නවත්තන්න ඕන උනත් ඒ කවුද කියන එක කිසිම කෙනෙක් දන්නේ නෑ...අඩුම එයා ලග වැඩ කරන කෙනෙක්වත් කලු කොටියෙක්ගේ බැට්ච් එකක් තියෙන මාස්ක් එකක් දාලා ඉන්න බ්ලැක් ටයිගර්ගේ හරි මූන දැකලා නෑ..
YOU ARE READING
A Stranger To The Palace || TK | YJH | NJ || Completed
Fanficආදරණීය රොබරෝසියා ... ! මට ඇහුනා.. උඹ හිනහෙනවාලු හරි ලස්සනට.. උබ දැන් හරි හැඩයිලු .. ගොඩක් උන් දැන් උබේ පස්සෙන් එනවලු.. ඒත් පරිස්සමින් ...! තැලුනු , පොඩි උනු මල් දෝතට ගන්නේ.. හරි කලාතුරකින්... Taekook Namjin Yoonminseok