chapter 5

707 140 30
                                    

👵 ඕහ් මයි ගෝර්ඩ් මගේ හැන්ඩ්සම්...

ටේහ්‍යුන් හවස තියෙන ෆන්ශන් එකට ලෑස්ති වෙලා පහලට ආපු ගමන්ම ලිවින්ග් රූම් එක පැත්තෙන් ඇහුන කටහඩට ටේහ්‍යුන් හිටිය තැනම නතර උනා..ඒ කටහඩ !! ටේහ්‍යුන්ට මේ ලෝකේ තියෙන කරදරකාරීම කටහඩ ඒක..

🐯 ගෝර්ඩ් !! මන් ඉවරයි...

කෙලින්ම අනිත් පැත්ත හැරුන ටේහ්‍යුන් දුවගෙන යනකොට කටහඩේ අයිතිකාරිත් ඒ පස්සෙන්ම කෑ ගහගෙන දුවගෙන ආවා..

👵 හැන්ඩ්සම් දුවන්න එපා...

🐯 මගේ පස්සෙන් එන්න එපා...

දුවන ගමන්ම කෑ ගහපු ටේහ්‍යුන් ඉස්සරහින් ආව ගුක්ගේ පිටිපස්සේ හැංගුනා..

🐇 යාහ්...එහාට වෙනවා..

🐯 ප්ලීස් ගුක් මාව බේරගනින්..

🐇 එහාට වෙනවා මගේ ඇගින්...ගද ගහන වලස් තඩියා..

ගුක්ගේ පිටිපස්සේ හැංගිලා ඉන්න ටේහ්‍යුන්ව එහාට තල්ලු කරන ගමන් කියනකොට ටේහ්‍යුන් එහෙම්ම නතර උනා...

මොකක් !! ගද ගහන වලස් තඩියා ??

🐯 යාහ් මන් ගද නෑ..හිපාටු ගස් ගද හාවා..

ගුක්ට රැව්ව ටේහ්‍යුන් ටේගුක් වලිය පටන් ගන්න හැදුවත් ආයි පාරක් අර කරදරකාර කටහඩ පිටිපස්සෙන් ඇහෙනකොට ගුක්ව ඈතට තල්ලු කරපු ටේහ්‍යුන් අනිත් පැත්තට දුවලා ගිහින් ජින්ගේ පිටිපස්සේ හැංගුනා...ඒත් ඉතින් ටේහ්‍යුන් තල්ලු කරපු පාරට අසරණ ගුක් විසික් වෙලා ගිහින් ටේහ්‍යුන්ගේ පස්සෙන් ආපු කරදරකාරි කටහඩේ අයිතිකාරිගේ ඇගටම වැටුනා..

👵 ආහ් අම්මියෝ මගේ කොන්ද !!

🐇 ඔහ්..මියානේ දෝවගර් රැජින...

ජන්ග්ගුක් වැටුන ක්ෂණිකයෙන් ම ආයි නැගිට්ටේ එයා වැටුනේ ඇත්තටම ටේහ්‍යුන් සහ ජින් ගරු නොකරන මුලු රටක් රාජ්‍යයක්ම ගරු කරන දෝවගර් රැජිනගේ ඇග උඩට නිසායි...ආහ් ඒ වයසේ හැටියට ගුක් වගේ තඩියෙක් ඇග උඩ දරාගෙන හිටපු එකම මැදයි..ටේහ්‍යුන් ජින් දෙන්නා උන වැඩේට කට තද කරගෙන හිනාව පාලනය කරගෙන හිටියේ නම්ජුන්ගේ රැවුම් ගෙරවුම් සතේකට ගනන් නොගෙනයි.

A Stranger To The Palace || TK | YJH | NJ || Completed Where stories live. Discover now