13.༊ වෙඩින් සූට්ස්﹏࿐ ࿔

2.5K 504 27
                                    

මේ මෝසම් මාරුතෙන්
සිත සැලෙනා පාළුවෙන්..
ලඟ නැති දා රුව සොයනා
ලොව අද ඇත තනිකමින්..

මේ ගයනා ගීතයෙන්
මම අමතමි හදවතින්..
ඇහෙනවා නම් සඳ මාගේ
සැඟවෙනනවද යළි මගෙන්..

.
.
.
.
.
.
.
.
.
.

බන්ජාරා ( Banjaara) ඒක් විලන් ( Ek Villain ) හින්දි ෆිල්ම් එකේ සිංදුවකට කරපු සිංහල කවර් එකක්. මොනවා වුනත් ඒක ලස්සනයිද නැත්තම් හිත උඩින් ඒක් විලන් ප්ලේ වෙන නිසාද මන්දා මගෙ හිත දුකින් පිරුණා ඒක අහලා. අපි හිටියෙ වෙඩින් සූට් බලන්න යනගමන්. එයා ඩ්‍රයිව් කරද්දි ප්ලේ වුන සිංදුවට මම වීදුරුවෙන් එළිය බලාගත්තෙ මෙච්චර වෙලා මරාගන්න ගමන් ඇවිත් ඒකට සයිලන්ට් වෙලා. ඇත්තටම මං කැමති නැහැ සෑඩ් එන්ඩින් වලට. පොඩිකාලේ ඉඳන්ම මට ඒක දරාගන්න අමාරුයි.මට හරි කාළකන්නි හැඟීමක් ජනිත වෙනවා ඒ වෙලාවට.

ඒක් විලන්, ආශික් ටූ, සනම්රේ, සනම් තේරී කසම් වගේ ෆිල්ම් තියේ ආයෙ මට ලොකු චොක්ලට් එකක් දෙන්නම් කිව්වත් බලන්නෙ නෑ නෑ නෑමයි. ඒ තරම් මං ඒ ෆිල්ම් වලට අඬලා තියෙනවා..

"මොකෝ කැඩිච්ච රේඩියෝ එක වහලා දැම්මෙ? "

එයා මගෙන් අහන්නේ මං දැන් කට වහන් ඉන්න හින්දා වෙන්න ඇති. මෙච්චර වෙලා ඉතින් මං එයැයිට කෑ ගහලා ඇවිස්සුවනෙ කාර් එකේ තියෙන බඩු ඇද ඇද. මං මූණ බෙරි කරන් නිකන්ම ප්ලේයර් එක දිහා බලද්දි එයා ඒක තේරුම් අරන් වගේ හිනා වුනා.

"මොකෝ ඒක් විලන් ආස නැද්ද? "

"දුක හිතෙනවනෙ. මේ ලෝකේ මොන එහෙකට ඒම ඒවා හදනවද මන්දා.. ෆ්ෆ්ෆ් මට පේන්න බෑ.."

"ඒ වුනාට ඒක ලස්සනයි.." එයා කට කොණින් හිනා වෙලා කියද්දි මං රවලා අහක බලාගත්තා. ලස්සනයි තමා ඒත් අප්පා කෙල්ල මැරෙනවනේ රෛස් ගරන්න.

"කවදාහරි මටත් ජීවත් වෙන එක එපා වුනොත්...මං කියන්නෙ මැරෙනවා කියලා දැන දැන.........."

"මොනවද මෝඩයො කියන්නේ!! " එයා කියන් ආව එක මැද්දට මං පැන්නා. මන්දා මට ඒක අහන්න ඕනි වුනේ නැහැ.. මොන මගුලක්ද ඕවා කියවන්නෙ..

"අහනවකෝ ටිකක්.. වෙනවට කියනවා නෙවෙයි. එහෙම වුනොත් මටත් ඕනි ඒ කෙල්ල වගේ සතුටු හිතෙන මතක ගොඩක් එකතු කරගන්න.."

 නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]Место, где живут истории. Откройте их для себя