77.༊ හදවතක් අවශ්‍යයි!﹏࿐ ࿔

1.2K 180 16
                                    


ඩොක්ට එද්දිත් වීනු තද නින්දෙ. එයා වීනුව චෙක් කරලා කිව්වෙ ගොඩක් වීක් කියලා විතරයි. මමත් දන්නවා මගෙ පණ ටික මේ දවස් ටිකට දරාගත්තෙ පුලුවන්කමකට නෙවෙයි. විටමින්ස් ලියලා මේ ටික දීලා බලමු කිව්ව ඩොක්ට මගෙ උරහිසට තට්ටුවක් දාන් පහලට යද්දි මම ඩෝ එක ඕපන් කරන්න ගියා.

"පේෂන්ට් ඉන්න ඩිප්‍රෙස් වෙලා. ඔයාට තේරෙනවනෙ මිස්ටර් ෆ'නෑන්ඩෝ ඒකෙ තියන නරක? එයාව ගොඩක් සතුටින් තියන්න. එහෙම නොවුනොත් වෙන්න පුලුවන් නරකම දේ මං හිතනවා ඔයාට ගෙස් කරන්න පුලුවන් කියලා."

"ම්ම්.. අයිල් කෝල් යූ ලේට' ඩොක්ට.. "

" යෙහ් ෂුව. ගුඩ් ඊවිනින්. "

ඩොකටගෙ කා එක ගේට් එකෙන් නොපෙනී යනකන් බලන් හිටිය මම දොර වහලා දැම්මා. වීනූ ගාවට යන්න පඩිපෙලට අඩිය තිබ්බත් මට ආපහු හැරිලා බැලුනා.

එදා මේ ලිවින් රූම් එකේ මෙතන ඉඳන්ම මං දැක්ක දේවල් ඇස් ඉස්සරහ මැවෙනවා වගේ. ලේ ගලාගෙන ගිහින් තිබුන විදිහ.. වීනූ හිටන් හිටිය විදිහ.. මට ඒ වෙලාවෙ පියවි සිහිය නැති වුනා වගේ දැනුන හැඟීම පවා ආයෙ දැනෙනවා. මට එහෙම නම් වීනුට කොහොම තියෙන්න ඇතිද? එයා කොහොම දරාගන්න ඇතිද? මගෙ අහිංසකයා කොහොම තනියම විඳවන්න ඇතිද? අපි ඉක්මනට මේ සාප වලව්වෙන් යන්න ඕනි.

"අප්පච්චියෝඕඕඕ.."

ශ්‍රව්....

මගෙ ඇස් ආදරෙන් පිරෙන්න ඇති. එක තත්පරෙන් මම හිටිය සිහියෙන් එළියට ආවා. රිපෝට්ස් ගැන ඔලුවට නොආවා නෙවෙයි. ඒත් තමන් කාගෙ ලේද කියලා අපි තියා ඒ දරුවවත් දන්නෙවත් නැති වෙද්දි මොන වෙනස්කම් කරන්නද...? මගෙ ජීවිතේ සතුටින් පුරවන්න ආව දෙවනි සුරදූතයා. වීනූ එක්ක අප්පච්චිගෙ ඔලුව ඇතුලෙ සෙල්ලම් කරන පොඩි දඟමල්ල. මම කොහොම වෙනස්කමක් කරන්නද?

ශ්‍රව් අතේ තිබුන ලොකු බෝලෙත් අතෑරලා ෂැඩෝ එක්ක දුවන් එද්දි මට නිකන්ම දණ ගැස්සුනා බිම. සීයප්පච්චි ෂැඩෝවත් එක්ක ගිහින් වගේ ශ්‍රව්ව එක්ක එන්න. පොඩි එකා ආවේ මගෙ තුරුලට පනින්න වෙද්දි මම බය වුනා වැටෙයි කියලා. එච්චර වේගෙන් දුවන් ආවෙ දොර ගාව ඉඳන් ඇතුළට.

 නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]Where stories live. Discover now