78.༊ දුර ගමනක්﹏࿐ ࿔

1.1K 165 55
                                    

ONELYA P.O.V

නිල් සුරංගනාවිය හොයාගෙන යන පොඩි රොබෝ ළමයා එකම එක ප්‍රාර්ථනාවයි කලේ. ඒ එයාව ඇත්ත ළමයෙක් කරන්න කියලා. ඒත් ඒක එහෙම වුනේ නැහැ. ඒත් ඒ වෙනුවට එයාට, එයා ආදරේ කරන එයාගෙ අම්මායි ටෙඩියි ගාව සතුටින් ඉන්න එකම එක දවසක් ලැබුනා. කතාවෙ අන්තිමට එයා සතුටින් ඇස් පියාගත්තා. එයාගෙ අම්මා එයාට ආදරෙයි කියලා කිව්ව නිසා..

මටත් හිතුනා නිල් සුරංගනාවිය හොයාගෙන ගිහින් එකම එක දවසක් ඉල්ලන්න තව. වැඩිය ඕනි නෑ. එකම එක දවසක්. අග්‍රයි ශ්‍රව්යි එක්ක සතුටින් ගතකරන්න එකම එක සතුට පිරුණ දවසක්.

ෆෝන් එක මගෙ ඇඳ උඩ මං ඉස්සරහමයි තිබුනෙ. මම ඒ දිහා බලාගෙන ඉන්නවා. ඊයෙ මම බැල්කනි එකේ දාලා ආවා වගේ මතක ෆෝන් එක කොහොම උදේ මෙතනට ආවද මන්දා. ඒත් ටිකකට කලින් ආව විශ්වාස කරන්න බැරි ඒ කෝල් එක මාව සම්පූර්ණයෙන්ම පණ නැති මිනිහෙක් කලා. මං දන්නවා දැන් මට මෙහෙම ගල් වෙලා ඉන්න කාලයක් නැහැ කියලා. නිල් සුරංගනාවිය මට එකම එක සතුට පිරුණ දවසක් දෙන්නත් නැහැ කියලා. ඩේවිඩ් මට වඩා වාසනාවන්තයි. එයාට අඩුම තරමෙ එකම එක දවසක් ලැබුනා සතුටින් ඉන්න.

" නුවීෂ් මං එන්නද? "

දොරට තට්ටු කරන සද්දයක් ඇහෙද්දි මම පියවි ලෝකෙට ඇවිත් දොර දිහා බැලුවෙ. මගෙ එහා පැත්තෙ අග්‍ර හිටපු තැන හිස් වෙලා තිබුන නිසා මම දොරෙන් බලාපොරොත්තු වුනේ එයාව වුනත් මට ඇහුනෙ අහස් අයියගෙ කටහඬ. අග්‍ර කෝ..?

"එන්න අයියෙ .."

මම අග්‍රගෙ ටෑන්ක් ටොප් එකම දාගෙන හෙමින් කිව්වෙ අහස් අයියට ඇතුළට එන්න ඉඩ දීලා.

"කොහොමද දැන් ඇඟට? අග්‍ර මට කිව්වා කන්න දීලා ඔය එහා පැත්තෙ එයා තියලා ගිහින් තියෙන බෙහෙත් ටික බොනකන්ම ඉන්න කියලා. "

"අග්‍ර කොහෙද ගියෙ? "

මම ගැස්සිලා කෙලින් වෙලා අහස් අයියාගෙන් අහද්දි අහස් අයියා හිනා වෙලා අතේ තිබුන ට්‍රේ එක ඇඳේ පැත්තකින්ම තිබ්බා. ඒකෙ සැන්ඩ්විච් දෙක තුනක් එක්ක දුම් දාන කෝපි එකක් තිබුනෙ. මට කන්න පිරියක් කොහෙත්ම නැති වෙද්දි ඒක දිහා මම බැලුවෙත් ඕනිවට එපාවට. ඊටත් වඩා මට අග්‍ර මාව දාලා මේ උදේම ගියෙ කොහෙද කියලා දැනගන්න ඕනි වුනා.

 නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]حيث تعيش القصص. اكتشف الآن