70.༊ හරී....යට නොමනාපයි﹏࿐ ࿔

2.4K 348 27
                                    

AGRAW P.O.V

නුවර අහස වළාකුළු වලින් බර වෙලා හරි ලස්සනයි. ටිකකට හිතුනා ඈතින් තිතට පේන නුවර මාළිගාව සුදු නෙලුම් මිටක් පූජා කරන්න වීනූත් එක්ක යන්න. සැහැල්ලුවෙන් හුස්මක් ගන්න. මෙච්චර බරට දැනෙන සිතුවිලි බිමින් තියන්න. ඒක හරි වරදකාරී හැඟීමක්.. මට කරන්න ඕනි මොකද්ද කියලා තේරෙන්නෙ නැහැ. මම ගොඩක් සතුටින් ඉන්න දවස් වල මගෙ මැණික හිතාගන්නත් බැරි තරම් දුක් විඳලා තිබුනා. ෂේම්ලස් දේ මම සතුටින් හිටියෙ එයාගේ දේවල් වලින්.

සීයප්පච්චි මුල ඉඳන්ම ගහලා තියෙන්නෙ ගේමක්. එදා වෙඩින් එකේ එකම රූම් එකක අපි එකට ඇහැරෙන තැන ඉඳන්ම කිසිම දෙයක් අහම්බයකට වුන දේවල් නෙවෙයි. ඒ සේරම සීයප්පච්චිගෙ වැඩ. එයාට ඒ දේවල් කරන්න හේතු දෙකක් තියෙන්න ඇති. එකක් අපි දෙන්නට දෙන්නා ඕනි. ඒ අපේ ලේ වර්ගය නිසා. දෙවනි එක එයාට ඕනි වෙන්න ඇති තවත් වීනූට දුක් විඳින්න ඉඩ නොදෙන්න.

"අග්‍ර...."

වීනු කතා කරනවා ඇහුනත් ඇඳේ හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා හිටිය මට එයා දිහා බලන්න තරම් බැරි ලැජ්ජාවක් දැනුනා. ඒකයි අහස දිහාම බලන් හිටියේ. ඒත් එයා දොරත් වහගෙනම ඇවිත් ඇඳෙන් ඉඳගනින්න විදිහ මට දැනුනා. ඊළඟට පොඩි එකෙක් වගේ දණගාන් මං ගාවට ඇවිත් මගෙ පපුව උඩ ඔලුව තියාගෙන මට තුරුලු වුනා. මැණික හරි ආසයි එහෙම ඉන්න.

"ඔයා වැරදි නෑනෙ. ඔහොම ඉන්න එපානෙ අග්‍ර.."

"නෑ මම වැරැද්දියි මැණික.. මම ඔයාගෙ දේවල්....."

"ඔයා කොහොමද දැනගන්නෙ ඒක? ඔයා ඒ කාලෙ හිටියෙ නෑනෙ? ඉතින් නොදැන කොහොමද වැරැද්දක් වුනා කියන්නද? "

බෝල වුන රවන ඇස් මං දිහා බලාගෙන අහද්දි මගෙත් ඇස් ඒ එක්ක යා වුන ඒවට උත්තර දෙන්න මට වචන ආවෙ නෑ.නළලට වැටුන ඒ සිනිඳු කොණ්ඩය අතින් එහාට කරන ගමන් මම ඒ නළලට තොල් තිබ්බෙ දැනෙන නොදැනෙන ගානට වුනත් ඒ ඇස් හෙමීට පිය වෙලා ගියා. ඊට පස්සෙ මම ඈත් වෙනකොට එයා මොකුත් නොකියා මගේ පපුව උඩම කල්පනාවකට වැටිලා හිටියා.

"අපි මාලිගාවට යමුද? "

"දැන්? "

කලින් මට හිතුන දේ එයා මං දිහා නොබලාම අහද්දි මම දැන් යන්නද කියලා ඇහුවෙ පැහැදිලි අහස දිහාත් බලන ගමන්. සමහරවිට එයාටත් මේ දේවල් බරට දැනෙන්න ඇති.

 නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]Место, где живут истории. Откройте их для себя