ඔබෙ සුදු පාට දෝවන්න මාගේ
හිත ඇත තාම කඳුළැල් මහෝගෙ..
අන්සතු වස්තුවක් හා බැඳෙන්නෙ
හිත මෙතරම් අකීකරුද මාගේ..මේ මිනිසත්කමින් මා ලැබූවේ
අසරණ වෙන්න වරමක් නොවේදෝ...
.
.
.
.
.
.
.
.සමහර වෙලාවල් වලට රිදෙනවා කියලා දැන දැනත් හිත මතක් කරන්නෙම රිදෙන දේවල්මයි. ෂටර් එකෙන් ඔහේ පහුවෙන වාහන දිහා බලන් හිටිය මමත් ඒ වගේ හිතක් තියෙන කෙනෙක්.හේෂව් වුනත් කල්පනාවක ගිලෙමින් කතාවක් නැතිවම ඩ්‍රයිව් කලේ මටත් ඒක ලොකු සහනයක් වෙද්දි. ප්ලේයර් එක දෙක සිංදුව මං ඇහුවෙ අදමයි. ඒත් ඒක නිකන් ගිනිගන්න හිතේ ගින්න පැතිරෙන්න හමන හුළඟක් වගේ..
"නුවී..."
"ම්ම්....? "
"බහින්න.."
මං පියවි සිහියට ආවා වටේ ෂටර් එකෙන් එළිය බැලුවෙ අපි ගෙදර ආවද බලන්න. ඒත් නෑ. අපි ගෙදර නෙවෙයි ඉන්නෙ. මං හේෂ් දිහා බැලුවෙ මේ කොහෙද අහන්න වගේ. ඒක කා පාක් එකක්. අපි ඇයි කා පාක් එකකින් බහින්නෙ?
"බහින්නකෝ ළමයා.."
හේෂ් හිනා වෙලා මගෙ ලඟට නැවිලා සීට් බෙල්ට් එක රිලීස් කලේ මං මගෙ මූණට නැවුන එයාගෙන් ඈත් වෙද්දි. ඒත් ඒ ඇස් මං දිහාම තත්පර දෙකක් බලන් හිටියෙ සීට් බෙල්ට් එක ගලවලත් දැම්මට පස්සෙ.
"හ්.... හේෂ්.."
"ආව්! "
එයා ගැස්සිලා වගේ මේ ලෝකෙට ඇවිත් කා එකේ වහලෙ ඔලුවත් වද්දගෙන එයාගෙ සීට් එකට ගියා. පිස්සෙක් මහා. ම් ලාවට හිනාවක් ඇඳුනේ මූණත් බෙරි කරන් ඔලුව වැදුන තැන එයාම අතගා ගන්න විදිහට. මගෙන් පුංචි හිනාවක් පනිද්දි එයා මං දිහා බලලා ආයෙත් කා එකේ දොරේ ඔලුව වද්දගත්තා. එයා ඔලුව වද්දගත්තට පස්සෙ මූණෙන් හදන විකාර විහිලු පෙනුමට හිනා යනවා. එයා වගේ හැන්සම් කෙනෙක්ට ඒ වගේ විකාර ජෝකර් මූණක් ගැලපෙන්නෙ නෑ. මට හිනා ගියේ ඒ විකාර වැඩ වලට.
"අනේ එපා හේෂව්..හැමතැනම ඔලුව හප්පගන්නෙ පිස්සුද.."
"මං හිතලා නෙවෙයි.. මේ කා එකේ අවුලක්. මාව කිස් ක්රාන්න ඕනිලු "
![](https://img.wattpad.com/cover/346412974-288-k971933.jpg)
ВЫ ЧИТАЕТЕ
නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]
Документальная проза❝ ﹏ මට මේක කියන්නකෝ අග්ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්ෂයා දිහා බලයිව...