AUTHOR P.O.V
"බේබි මොකෝ කරන්නෙ ම්? "
"මොනා කරනවා වගේද පේන්නෙ අග්ර? "
අග්ර වීනුගෙ ඉණ වටෙන් අත් යවලා පිටිපස්සෙන් තුරුලු වෙද්දි වෙනත් කල්පනාවක හිටිය වීනු පියවි සිහියට ආවා. ඒත් පුරුදු උණුසුම පුරුදු සුවඳ ළඟින්ම දැනෙද්දි පුංචි හිනාවක් තොල් අතර ඇඳෙනවා අග්ර දැක්කා. කටින් බෝඩ් එකේ බෙල් පෙපර් වගේම තක්කාලි රවුම් දකිද්දි වීනු ඩෙවල් වගේ දෙයක් හදන්න ලෑස්ති වෙනවා කියලා අග්රට හිතුනා. පුංචියට කපපු චිකන් වගේ චොප් කරගත්ත ගාලික් දිහාත් එයා බැලුවා.
"උයනවා වගේ.."
"ඒක තමයි ඉතින්.." වීනූ ඇද කරලා කියලා ඊළඟට මල් ගෝවා වෙන් කරන්න පටන් ගත්තා. ඒත් ඒ අතර අග්රගෙ දිග ඇඟිලි එයාගෙ ඒප්රන් එකට වගේම ටී එකටත් යටින් බඩ දිගේම උඩට ඇවිදන් යනවා එයාට දැනුනා. කලු පාට අග්රගෙ ටී එක එයාට ඕනිවටත් වඩා ලොකු නිසා ඒක ඇතුලේ අග්රටත් බහින්න තරම් ඉඩ.
"අග්ර අත ගන්න අනේහ්.."
ඉඩයි බඩයි හෙමිට මිරිකද්දි වීනූ දැඟලුවෙ කිචි නිසා වුනත් ඒකට අග්ර කට කොණින් හිනා වුනා.
"ම්හු..බේබි අපි දෙන්නා විතරයි ගෙදර අද.."
"ඉතින්? "
වීනු ඇස් ලොකු කරන් අග්ර දිහා බලද්දි අග්රගෙ ඇස් වල දඟකාර කට කොණේ හිනාවක් තිබුනෙ. ඒකට වීනු තවත් ඇස් ලොකු කරගත්තා කිව්වොත් හරි. ශ්රව් ස්කූල් ඇරිලා එනකන් ඒ දෙන්නා තනියම කියලා අග්ර මතක් කරන්නේ හොඳකට නෙවෙයි කියන්න වීනු හොඳටම දන්නවා. අනිත් දේ පෙරේදා නුවර ගිහින් ආවත් හරි දවස් දෙකම අග්රට ගොඩගැහිලා තිබුන වැඩ කන්දරාව එක්ක ඔට්ටු වෙන්න සිද්ධ වුනා.
"මැණික ලඟ සුවඳයි.. කන්න හිතෙන හනී ස්මෙල් එකක්."
අග්ර තමන්ගෙ බෙල්ල පිටිපස්ස සිපගන්නවා වගේම කම්මුල් තද කරනවා වීනූට දැනෙද්දි එයාගෙ මුළු ඇඟ පුරාම කරන්ට් එකක් යනවා වගේ.අග්රගෙ පුංචි හාදු එයාව මත් කරනවා.
"අග්ර ඇති අප්පා උයන්න ඕනි නැද්ද? හැබැයි බඩගිනී කියලා කෙඳිරි ගෑවොත් ඇත්තමයි මම ඉලපතෙන් දෙන්නෙ පස්ස රත් වෙන්න.."

BẠN ĐANG ĐỌC
නු ග්ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]
Phi Hư Cấu❝ ﹏ මට මේක කියන්නකෝ අග්ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්ෂයා දිහා බලයිව...