61.༊ අ ෆෙරි ටේල්﹏࿐ ࿔

2.7K 423 154
                                    

AGRAW P.O.V

පොඩි මෑන් තමයි මේ පැය ගාණට මට තිබ්බ එකම ප්‍රශ්නෙ. අහස් අයියට කතා කරලා මේකාව හොයාගත්තෙ කොහෙන්ද කියලා ඇහුවත් මෙලෝ දෙයක් කියන්නෙ නෑ ඒකා. පුදුමයක් නෑ සීයගෙ සෙකට්‍රි නෙවෙයි මොකා වෙලාවත් ජිවත් වෙන්න ලේසියකට මොකෙක්ටවත් බෑ. ඒත් අහස් දැන් අවුරුදු ගාණක් සීයා එක්ක. ඉතින් ඒ විශ්වාසය නිසා තමා. අහස් අයියා නොකියද්දි සීයාට මම කොච්චර කතා කලත් වැඩක් වුනේ නෑ. පුත්තලමේ කැරට් වගා කරන එකයි, නුවරට වරායක් හදන්නයි වගේ මෝඩ කතා තමා කතා කරන වාරයක් ගානේ කියවන්නෙ.

"ඒයි පොඩ්ඩා කොහෙ ඉඳන්ද ආවේ? "

මට ඇහුනා කෑම මේසෙ අස් කරන ගමන් වීනු එයාට උදව් කරන්න හදන පොඩිමෑන්ගෙන් අහනවා. අඟල් දෙකයි උස පොඩ්ඩා ප්ලේට් එක ගානෙ උස්සන් ගිහින් වීනුට දෙනවා. මොනවා වුනත් හැදිච්ච ළමෙක්...

"ශ්‍රව් ආවේ ප්ලේන් එකේ. ඒත් මන්ත් දේකට ඉතර තලින්.."

"ආ.. ඒ කියන්නෙ ශ්‍රව් හිටියෙ මේ රටේ නෙවෙයි? "

"ම්හු.."

"කා එක්කද හිටියෙ මාස දෙකක්?"

"නෑනී එක්ක.."

මම ගිහින් කිචන් එකේ බිත්තියට හේත්තු වෙලා ඒ කතාව අහන් හිටියෙ අවදානයෙන්. වීනු මං දිහා බලලා ඩීෂස් වොෂ් කරද්දි මම පපුව උඩ අත් බැඳගෙන එයා දිහා බලන් හිටියා.

"නෑනී කිව්වෙ මිසිස් රෙබෙකාද? "

"ආ ඩෝන්ඩ් නෝ හර් නේම්.." පොඩි එකා කට හද හද මං දිහා බලලා කිව්වෙ අතේ තිබුන අන්තිම ප්ලේට් එකත් වීනු අතට දීලා. මේකා ග්‍රේඩ් වන් වල වගේ හිටියට කතාවෙන් නම් මැචුවර්ඩ්.කෙලින් උත්තර දෙනවා.

එනතින් එහාට කතාවක් වුනේ නැතිම තරම්. පොඩි මෑන් එයාගෙ පූ බෑග් එකෙන් ඇදලා ඇදලා හොයාගත්ත පොතක ඇක්ටිවීටීස් වගයක් කරනවා දැක්කම අපි මූණෙන් මූණට බලාගත්තා. හැමදේම පිළිවෙලට කතාවක් නැතුව කරන ළමෙක්. ගොඩක් සයිලන්ට්. මම වීනුගෙ අතින් අල්ලන් අපේ රූම් එකට ගියෙ පොඩි මෑන්ව ලිවින් රූම් එකේම තියලා. ටීචී එකේ කිඩ්ස් චැනල් එකකුත් දාලා තිබුන නිසා එයා සැරින් සැරේ ඒකත් බලනවා.

 නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]Место, где живут истории. Откройте их для себя