85.༊ අවසානය...﹏࿐

1.5K 178 105
                                    

AGRAW P.O.V

" අදීරයාව මට අල්ලලා හිරේ දාන්න ඕනි බං. ඒත් උබ දන්නවනෙ ඒකෙන් කේස් එකක් වෙන්න පුලුවන් හේෂ්ලට. ඌ ඊළඟට කිව්වොත් එහෙම හේෂ් ෂෙනාරා මරනවා කියලා ඇස් දෙකෙන් දැක්කා කියලා මොකද්ද කරන්නෙ කියපන්කො. අර දරුවටයි සිතෙව්ටයිත් පොලිසි ගානේ ගාටන්න වෙනවා."

"ම්ම්.. අපි මේක අතෑරලා දාමු බං. අපි වගේම හේෂව්ලත් මේ අනවශ්‍ය ප්‍රශ්න වලින් සෑහෙන්න විඳෙව්වා.. අතීතය අතෑරලා දාමු. ඌ ඕනි හු&!%@ කරගත්තාවෙ. ඌට තවත් නැති වෙන්න දෙයක් නෑනෙ. එක අතකට පව්."

මම ලොකු හුස්මක් පාත දාලා ගීත්ට කිව්වෙ හේෂ්ලටවත් මටවත් තවත් නඩු අහ අහ දඟලන්න බැරි නිසා. ගීත් උනත් තීරණය කලේ ඒක. අර පිස්සු ප&!% ඊළඟට අර කියන්නත් වගේ මල් ඉත්තක් කතා කරයි.

"ඔව්. ඒත් හැබැයි බං මේ ගීත් ඕක ලේසියෙන් අමතක කරන්නෙ නෑ. අදීරයා දිහාට මීඊඊඊ ඇස් දෙක එල්ල වෙලා තියෙන්නෙ. මී ඇස් දෙක! "

මට මැවිලා පේනවා ගීත් ඌගෙ මී ඇස් දෙක හීනි කරන් ඕක කියනවා. මං ලාවට හිනා වෙලා ඊළඟට මට ඉතුරු වෙලා තිබුන ප්‍රශ්නෙ උගෙන් අහන්න හිතාගත්තා.

"එතකොට..."

"මනුලුයි සහේලියි ගැනනෙ උබ ඒ සැරේ අහන්න යන්නෙ? "

මූට හිත් කියවන්න පුලුවන් බලයක් කවද්ද යකෝ ලැබුනෙ??

"මෙහෙමයි මචං.. මට සිද්ධ වුනා සහේලිට සියලු දේ තේරුම් කරලා දෙන්න දැන් ටික දවසකට කලින්. මොකද ඒකි උනත් දැනගන්න ඕනි සීයප්පච්චි කරපු කැපකිරීම ගැන. ඒකි නොසෑහෙන්න දුක් උනා බං. මට පව් කියලා හිතුනා ඒකි අඬපු විදිහට. මං කිව්වා මනුල් උබලගෙ හරි හදවත ලෙප්ට් කරලා ඒකිට ගෙනත් දෙන්න හැදුවා කියලා. ඒකට ඒකි බය උනා.. ඒත් මං ම පහදලා දුන්නා මනුල් ඒකිට කොච්චර නම් ආදරේ කරනවද කියලා.. මං හරි නේද බං? "

"ම්ම්.. "

ගීත් කියවන් ගිය සේරම ඇත්ත. වීනුට හාට් එකක් ඕනි නම් මමත් මනුල් වගේම පිස්සෙක් වෙයි. මරලා හරි, මැරිලා හරි මමත් හදවතක් හොයයි. ඇත්තම ආදරේ ගාව අපි හරි බොළඳයි. ආදරේ කරන කෙනෙක් විඳවනවා බලන් ඉන්න බැරි තරම් අපි දුර්වලයි. මමත් මනුල් වගේම දුර්වල මනුස්සයෙක්. ඉතිං අපි එහෙම හැසිරෙයි.

 නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]Onde histórias criam vida. Descubra agora