සාපලත් ලෝකයෙන් පිටුවකින් කොටසක්﹏
සාපලත් ලෝකෙ හරි කලුවරයි. ඒකෙ කලුවර වැඩි කරන්න දම් කලු පාට ඉරක් පායනවා.ඒ ලොකේ තනි වුන කෙනෙක් විතරයි දන්නෙ ඒ සාපය මොන තරම් වෙහෙසකරයිද කියලා.. හිත් රිදුම් , බිඳවැටීම් , අවලාද , දුක වගේ දේවල් වලින් පිරුණ සාපලත් ලෝකයක හොඳට කියලා හිටියෙ තනිකම පාලුව විතරයි..
කලු දම් ඉර පායනවා වගේ දවසක් දවසක් ගානේ එන බලාපොරොත්තු ඉර බැහැගෙන යද්දි නැති වෙලා යද්දි ජීවත් වෙන්න යන්තම්වත් හේතු නොතිබුන දවස් තිබුනා.ඉතින් ඒකයි කියන්නෙ සාපලත් ලොකෙක ජීවත් වෙන කෙනෙක් විතරයි දන්නෙ ඒ ලෝකේ මොන තරම් ජීවත් වෙන්න අමාරුද කියලා..
ඒත්.. දවසක් ඒ ලෝකෙ පොඩි කොල්ලෙක් දුවන් ආවා. හරි අහම්බෙන්. ඉපදෙන්නවත් එක්කම ලෝකෙට තවත් අනාතයෙක් වුන ඒ පොඩි එකා තුලින් මං දැක්කෙ මාවම.ඉස්සරහට එයා සාපලත් ලෝකෙ තවත් සාමාජිකයෙක්. වෙයි අනාගතයෙදි සාපලත් ලෝකෙට වෛරකන්නන්ගෙ අනුගාමිකයෙක් වෙයි.
ඒත් ඒක හොඳ දෙයක් නෙවෙයි. එයාට ඒ දේවල් විඳින්න දෙන්න හොඳ නැහැ කියන හැඟීම මට ආවේ මගෙ අතේ නැළවෙන්න ගනිද්දි... මටත් ඉන්නෙ එච්චරයි. එයාටත් ඉන්නෙ මං විතරයි කියලා හිතෙද්දි...එතකොට මට හිතුනා...
'සාපලත් ලෝකෙ කලු දම් එළිය එයාට වැටෙන්න දෙන්න බැහැ..' කියලා..
✎﹏තේව්..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.SITHEW P.O.V
මං කාලයක් තිස්සෙ ලියන් යන 'සාපලත් ලෝකයක ජීවිතයක්' ආටිකල් එක පෝස්ට් කරලා ඔනෙව්ව මගෙ අතට ගත්තා. ඒ ආටිකල්ස් විතරයි සැනසීමකට තියෙන්නෙ. ගොඩක් මිනිස්සු ඒක කියනවා මම බලන් ඉන්නවා. ඒකෙ කමෙන්ට්ස් දැක්කම මට හිතෙනවා මං තනි වෙලා නැහැ සාපලත් ලෝකෙ ජීවත් වෙන මිනිස්සු තවත් ඉන්නවා කියලා..
YOU ARE READING
නු ග්ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]
Non-Fiction❝ ﹏ මට මේක කියන්නකෝ අග්ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්ෂයා දිහා බලයිව...