57.༊ පෙති හැලුන නා මලක්﹏࿐ ࿔

3.1K 479 108
                                    

ONELYA P.O.V

බැල්කනි එකේ ඇරලා දාපු ලී දොරවල් වලින් නුවර සුළඟ කාමරේ අස්සට හමද්දි මාව ඇහැරුණේ දැනුන සීතලට. තාමත් කලුවර නැති වෙන්න පායපු හඳ විතරක් අහසට තනි මකද්දි මට තේරුණා මේ රෑ තාම ගෙවිලා ඉවර නැහැ කියලා.. බැල්කනි එකේ දෙපැත්තට කරලා තිබුන සුදු දුහුල් තිර රෙදි හොල්මන් වගේ සුළඟට පා වෙද්දි අද හෙට වහින සීතලක් දැනුනෙ. නින්දයන්නෙත් නැති වෙද්දි ඒක වහන්න හිතාගෙන ඇඳෙ ඉඳගත්ත මං හඳ එළිය වැටිලා තියෙන අග්‍ර දිහා බැලුවෙ නිකමට වගේ.

මං මෙච්චර වෙලා එයාගෙ පපුව කොට්ටයක් කරගෙන නිදාගෙන ඉන්න ඇති කියලා තේරුණේ මට එයා නිදන් ඉන්න විදිහට. අග්‍ර නිදාගනිද්දි දඟලන්නෙ නෑ. පොඩි එකෙක් වගේ මොනවා හරි තොල් හොලවන ගමන් කරන එක නම් තියෙනවා. ඝන ඇහිබැමි වගේම අවුල් වුන බෙල්ල පාමුලට දිග කොණ්ඩෙ නිසා එයා නිකන් නෙලපු පිළිමයක් වගේ.

එයා දිහා බලන් ඉඳලම ඇඳෙන් බහින්න යද්දියි මං දැක්කෙ එයාගෙ අත මගෙ ඉණෙන් තදින් අල්ලන් ඉන්න විදිහ.. නින්දෙන්වත් ඒ අත ලිහිල් වෙලා නෑ. ඒත් ඊළඟට දැක්ක දේටනම් මට රෑ අහසෙ තරුත් පෙනුනා.

'කෝ මගෙ ඇඳුම්? '

නෑ කිසිම ඇඳුමක් නෑ. රෑ නිදාගනිද්දි ඇඳගත්ත ෂෝටවත් නෑ. මේකා නම් හරි නැහැදිච්ච අග්‍රයෙක්. නින්දෙ හිටිය මගෙ ඇඳුම් ටික ගැලවුන වෙලාවක්වත් මම දන්නෙ නෑ.එයා නින්දෙ හිටියත් මට ලැජ්ජ හිතුනා. එයා ඉන්නෙත් ටවල් එකෙන්. ඒක ගැලවෙන්න ලඟයි වගේ..

අහ්... මම කොහොම හිටිය කෙනෙක්ද? මාව කාටවත් දකින්න දුන්න කෙනෙක් නෙවෙයි මම. ඒත් අද මං එයා ගාව මෙහෙම ඉන්නවා. අනික ඊයෙ රෑ කා එකේදි මම හැසිරුණ විදිහ.... එයා මාව සම්පූර්ණයෙන්ම දැකලා ඇති. ඒත් මට එයා ගාවදි දැනෙන්නෙ ආරක්ෂාවක්. ලොකු රැකවරණයක්. මං එයාට වඩා වැඩිමල් වුනත් එයා ගාව මම පුංචි එකෙක් වගේ හැසිරෙනවා. 'එයාව ඕනි..එයා මාව බලාගන්න ඕනි. එයා මගෙනෙ.' වගේ ලෝබ හිතෙනවා.

අග්‍ර මට කවදාවත්ම කාගෙන්වත් නොලැබුන ආදරේ දෙනවා. අප්පච්චි කෙනෙක් වගේ මං ගැන බය වෙනවා. එදා මාව ලිඳට වැටෙයි කියලා මාව එහාට කරලා එයාම වතුර ඇද්දා. අම්මා කෙනෙක් වගේ මාව අසනීප වුනාම බලාගත්තා. රස්නෙ සුප් පිඹලා පොවපු විදිහ.... මං කොහොමද ඒවා අමතක කරන්නෙ? සහෝදරයෙක් වගේ මගෙ ආච්චම්මා බලන්න මාව එක්කන් ගිය විදිහ එහෙම. ආදරවන්තයෙක් වගේ මාව ඉඹිනවා. තොල් , නළල , කම්මුල්... අග්‍ර හරි ආදරණීයයි. එයා මට හැමකෙනාම වෙනවා.ඇත්තටම එයා මගෙ හැමදේම වෙලා.

 නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]Tempat cerita menjadi hidup. Temukan sekarang