"මිස්ටර් ෆ'නෑන්ඩෝ, ශ්රව් බේබි ඊස් හිය' "
වෙනදට නම් මගෙ ප්රයිවට් සෙක්ට්රටරි ශ්රව් හරි වීනු හරි ආවට ෆෝන් කරන්නේ නෑ. දෙන්නම කඩාගෙන බිඳගෙන කෙලින්ම ඇතුළෙ. ඒත් අද ශ්රී ලංකන් කම්පැනි එකත් එක්ක මම මීට්න් එකක හිටිය මම ඩිස්ටර්බ් කරන්න එපා කියලා තිබුන නිසා වෙන්න ඇති මට ෆෝන් කලේ.
"ෂුව. අලෝ හිම් ටු කම් ඉන්.."
"ඕකේ සර්. "
චෙක් කර කර හිටිය ෆයිල් එක එහෙමම තියලා මම පපුව උඩ අත් බැඳගත්තා. ග්ලාසස් ඇස් වලට තද කරන ගමන් මම කල්පනා කලේ ශ්රව් තනියම එන්න විදිහක් නෑනෙ කියලා. අද එයාව වීනූ ස්කූල් එකෙන් ගන්න දවස. අරගෙන කෙලින්ම හොටෙල් එකටයි එක්ක යන්නෙ.
ඒක මෙහෙමයි...
අපි දෙන්නාම කම්පැනි එකේ වගේම හොටේල්ස් දෙකේ කෝ - ඕනර්ස්ලා ( Co - Owners ). ඒත් කම්පැනි එක සම්පූර්ණයෙන්ම වීනු මගෙ පාලනයට දීලා එයා හොටෙල්ස් බලන්න ගත්තා. ඇත්තටම කම්පැනි එකට වඩා අපේ හොටෙල්ස් වලට වැඩි අවදානයක් දෙන්න ඕනි වෙලා තිබුනෙ. එයා මේ මාස හයක් වගේ පොඩි කාලයක් ඇතුළත ' Regal Bloom ' හොටෙල් දෙකම සෑහෙන්න තැනකට ගෙනිච්චා. මට හිතුනෙ ඒ පැත්ත එයාගෙ ඇඟේම තිබුන දෙයක්. එයා ගොඩක් ක්රියේටිව්.. සමහර වෙලාවට මටත් හිතාගන්න බැරි තරම්.
වීනුට ඕනි උනා ලංකාවෙ සංස්කෘතිය ලෝකෙට ගෙනියන්න. එයා සමහරවිට උඩරටද පහතරටද ඩාන්සින් කරපු නිසා වෙන්න ඇති එයාට ඕනි උනා ඒ දේවල් කොච්චර ලස්සනද කියලා ලෝකෙටම පෙන්නන්න. ඒ නිසාම එයාගෙ සර් නාරායන එක්ක කතා කරලා මෙහෙ, ඒ කියන්නෙ UK වල අපේ හොටෙල්ස් වල ස්පෙෂල් ඉවෙන්ට් එකක් විදිහට ඒක ඇඩ් කලා. ලංකාවේ එයාලාගෙ කලා ආයතන වල ළමයි අතරෙ තියන කම්පෙටිෂන් වලින් වින් කරන ළමයින්ට ස්කොලෂිප් එකක් දීලා වීනු මෙහෙට ගෙන්නුවා.. ඒක ඇත්තටම කොච්චර ලොකු දෙයක්ද කියලා කියන්න අමාරුයි. වීනු කියන්නෙ ඒක මෙහෙමයි..
" ලංකාව වගේ රටක ඩාන්සින් වගේ පැති වලින් ගියා කියලා කිසිම පිළිගැනීමක් නැහැනෙ අග්ර. ඉස්සර මමත් ආසාවෙන් ඩාන්සින් කලා. ඒත් මං දන්නවා සෞන්දර්ය විශ්ව විද්යාලේ ගියත් යන්න පුලුවන් උපරිම තැන කොහේ හරි ඉස්කොලෙක නැටුම් ටීච කෙනෙක් වෙන එක. ඊට වඩා ජාත්යන්තරේට ගියා නම් ඒ එක්කෙනයි දෙන්නයිනෙ. ලංකාවේ නැටුම් හරි ලස්සනයි අග්ර.. වෙස් තියලා ඒ ළමයි ආඩම්බරෙන් නටනකොට කොච්චර ලස්සනද කියන්නකෝ. නිකන් අපරාදෙනෙ අග්ර මේවා ලංකාවටම පස් වෙලා යන එක.."
![](https://img.wattpad.com/cover/346412974-288-k971933.jpg)
KAMU SEDANG MEMBACA
නු ග්ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]
Nonfiksi❝ ﹏ මට මේක කියන්නකෝ අග්ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බලයිවත්ද? ﹏ ❞ ❝ ﹏ මටත් කියනවා එහෙනම් රාක්ෂයා බෙල්ව හිර කරගෙන හිටියෙ නැත්තම් බෙල් රාක්ෂයා දිහා බලයිව...