17.༊ හනිමූන් එපාහ්!﹏࿐ ࿔

2.5K 453 24
                                    

ලොකු වැස්සක් වැහැලා පෑව්වට පස්සෙ පුංචි පුංචි පස් යට හැංගිලා හිටිය උඩට එන්න උත්සාහ කරන බීජ ඉක්මනට පැළ වෙනවා.. ඒ පැළ වල පළවෙනි කොළේ දෙවනි කොළේ එන්න ගිය කාලයටත් වඩා ඉක්මනට අනිත් කොළ එනවා.. බලාගෙන ඉඳිද්දි ඒක ඇඟිල්ලක් තරම් ලොකු පැළයක් වෙලා. මං හිතනවා මගෙ හැඟීම් ඒ වගේ කියලා...........

"ඇහැරෙනවා බහින්නෙ නැද්ද?.."

කන ගාවින් ඇහුන කෑ ගැහිල්ලට ඇස් පියාගෙන කල්පනාවෙ ගිලිලා හිටිය මං කා ඒකෙ ඔලුවත් හප්පගත්තා. එයා මං දිහා නොබලම කෝට් එකේ බට්න් එකත් ගලවලා දාන ගමන් බහිද්දි මං ඉන්නෙ කොහෙද කියලා තේරුම්ගන්න උත්සාහ කලා. මං හිතුවෙ අපි ආවේ හිච්චි ධවල මන්දිරේට වෙයි කියලා. ඒත් මේ එහෙ නෙවෙයි. මේක හිල්ටන් එක වගේ දැවැන්ත ඩිල්ඩින් එකක්.

"මේ....? " මං ඩ්‍රයිවර් දිහා බැලුවෙ මේ මොන මංගල්‍යකද ඉන්නෙ අපි අහන්න වගේ.

"ස' අපි හොටෙල් එකට ආවා.."

"ඇයි අපි හොටෙල් එකකට ආවේ? "

මං ඇහුවෙ එයා කිව්ව සැනින් අනිත් පැත්තට වෙද්දි ඒ මනුස්සයා මං දිහා ක්ෂනිකව හැරිලා බැලුවෙ පිස්සෙක් දිහා බලනවා වගේ. ඒ බැල්මෙ තිබුනෙ අපහසුතාවක් වෙද්දි මං අහන්න ගියෙ අග්‍රගෙ උවමනාවකටද අපි ආවේ කියලා. එයැයිගෙ උවමනාවකට ආවා නම් ඇයි මං බහින්නෙ? ඒත් ඒක අහන්න කලින් හැබැයි මගෙ පැත්තෙන් දොර ඇරුණා.

"ඔනෙල්‍ය දැන් මට තමුසෙ කියන්නෙ බ්‍රයිඩල් ටයිප් එකට උස්සගෙන මග දිගට ඇඳුම් ලෙහ ලෙහ රූම් එකට අරන් යන්න කියලද? බහිනවා..! "

අග්‍රව්ගෙ නපුරු දිලිසෙන ඇස් හොටෙල් එකේ ගාඩ්න් එකේ තිබුන නිල් රතු වගේ ලයිට්ස් වලට දිළිසෙනවා. මොන තරම් රෑ වුනත් ඒක දිව්‍යලෝකෙකට ආවා වගේ එළියයි. දැන් එතකොට මෙයා මාව වඩාගෙන යන්න අහන්නෙ............ මොකක්!

"අපි මේ කොහෙද ආවේ? ඇයි ආවේ? මට හිතෙන දේ නෙවෙයි නේහ්? "

මං කෑ ගැහුවෙ කෝට් එක ඇඟට තද කරන් අග්‍ර මේ දැන් මාව කන්න පනීවි වගේ. හැබැයි මගෙ හැසිරීමට අග්‍ර ඇරන් ඉන්න කාර් එකේ දොරේම ඔලුව ගහගත්තා. ඒ මොනවා වුනත් මට කියන්න එපා අපි ආවේ හනිමූන් කියලා නම්. ඇත්තටම මට අමතක වුනා බැන්දානම් හනිමූන් යන්නෝනි කියලා. වෙඩින් එකට පස්සෙ හනිමූන් යන්න ඕනි කියලා අමතක වෙන එකම මනුස්සයා මං වෙන්න ඇති හැබැයි.

 නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎]Donde viven las historias. Descúbrelo ahora